2024 දී උපත්‍ සංඛ්‍යාව 80,945 කින් අඩු වෙලා


ගයාන් සූරියආරච්චි

2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව 80,945 කින් අඩුවී ඇති බව රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 2024 වසරේ වැඩිම උපත් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර අවම උපත් සංඛ්‍යාව වශයෙන් 846 ක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

2020 වසරේ උපත් සංඛ්‍යාව 301,706 කි. ඉකුත් 2024 වසරේ උපත් සංඛ්‍යාව 220,761 කි. 2021 වසරේ උපත් 284,848 ක්ද, 2022 වසරේ 275,321 ක්ද, 2023 වසරේ 247,900 ක්ද ලෙස උපත් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ සංඛ්‍යාවද සැලකිය යුතු පරිදි වැඩි වී ඇත. 

ඒ අනුව 2020 වසරේ මරණ සංඛ්‍යාව 132,371 ක්ද,  2021 වසරේ මරණ 163,936 ක්ද, 2022 වසරේ මරණ 179,792 ක්ද, 2023 වසරේ මරණ 181,239 ක්ද, 2024 වසරේ මරණ 171,194 ක්ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ පුද්ගලයන් විවාහවීමේ සංඛ්‍යාව 12,066 කින් අඩුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.