2022 දී ගුවන් ගමන් 1000ක් අවලංගු කිරීමෙන් ඩොලර් මිලියන 60ක පාඩුවක්


උපුල් වික්‍රමසිංහ

ගුවන් යානා ලබා ගැනීම දුෂ්කර වීම සහ ගුවන් යානාවල නඩත්තු කටයුතු සම්පූර්ණ කිරීමට ගත වෙන කාලය දීර්ඝ වීම හේතුවෙන් 2022 වසරේ දී ගුවන් ගමන් දහසකට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදු වූ බව ද ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 60 කට වැඩි පාඩුවක් ගුවන් සමාගමට දැරීමට සිදු වූ බව ද ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් 
2023 - 2024 වාර්ෂික වාර්තාවෙහි දැක්වේ.

එය එම වසරට නියමිතව තිබූ ගුවන් ගමන්වලින් සියයට 10 ක් බව ද  ගෝලීය සංචාරක හිඟකම සහ ගෝලීය වෙළෙඳපොළේ එයාර්බස් A320/321 Neo ගුවන් යානා සඳහා එන්ජින් නඩත්තු කිරීමේ ගැටලු ද මේ තත්ත්වයට බලපා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

වසර 2023 දී සමාගමේ මගී ආදායම රුපියල් බිලියන 276.2 ක් වූ බවත් එය 2022 දී වාර්තා කළ මගී ආදායම වූ රුපියල් බිලියන 293.3 ට සාපේක්ෂව සියයට 6 ක අඩුවීමක් බවත් අදාළ වාර්තාව කියයි.