ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති


සුදර්ශනී කෝණාර
ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පවතින්නේ පොල් අවාරය හෙයින් කර්මාන්තවලට සහ පාරිභෝගිකයාට පොල් බෙදා හැරීමේ තරගයක් ඇතිවන නිසා පොල් මිල ඉහළ යන බව ඔහු කීවේය. මේ තත්ත්වය පොල් වාරය පැමිණ අස්වැන්න වැඩි වෙන තෙක් පවතින බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

පසුගිය දිනවල පොල් සම්බන්ධව තොග සහ සිල්ලර වෙළෙඳුන් අතර මාෆියාවක් පැවති බවත්, පොල් සංවර්ධන අධිකාරිය මඟින් පවත්වන පොල් වෙන්දේසිය තාවකාලිකව නතර කර පොල් වෙන්දේසිය සඳහා පොල් ඉදිරිපත් කරනු ලබන රජයේ වතු සමාගම්, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්‌යේෂණ ආයතනවල පොල් සියල්ල සතොස හරහා පාරිභෝගිකයන්ට සෘජුවම බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.