යාචකයන් හා නිවෙස් අහිමි ජනයා ගැන සංගණනය අවසන්


නිමල කොඩිතුවක්කු
මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ කටයුතුවලට සමගාමීව මෙම දත්ත රැස් කළ බව එහි අධ්‍යක්ෂිකා ජනරාල් අනෝජා සෙනෙවිරත්න පැවසුවාය.

දිස්ත්‍රික් මට්ටමෙන් රැස් කර ගන්නා මෙම තොරතුරු ජන හා නිවාස සංගණනයේ අවසන් දත්ත හා ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය. ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ අතර ඒ සඳහා දිවයිනපුරා නිලධාරීන් 35000 ක් පමණ යොදවා ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.
මෙම සංගණනය මගින් ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට සැලසුම් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට නියමිතය. ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් පැවසුවාය.