ජූනි අග එන ෆොන්සේකාගේ පොතෙන් රහස් රැසක් එලියට ෆොන්සේකා ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වෙන ලකුණු


ධම්මික ප්‍රේමරත්න 


ජෙනරාල් සරත් ෆොන්සේකා රචනා කළ නවතම කෘතිය මේ මස අගදී ජනගත කිරීමට සූදානම් වෙයි. ජනාධිපතිවරණයට මාස තුනක කාලයක් තිබියදී ජෙනරාල් ෆොන්සේකා එළිදක්වන මේ කෘතියේ අඩංගු ඇතැම් කරුණු එළැඹෙන ජනාධිපතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මෙම කෘතිය මේ අවස්ථාවේ ජනගත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන මැදහත් දේශපාලන විචාරකයෝ පවසති.

එසේම මෙම කෘතිය නිකුත් වීම නිසා ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ඇති ජනප්‍රසාදය තවදුරටත් වැඩිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කළේය. 
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන තරගකරුවන් සියලු දෙනාට සියයට 5 -10 අතර ඡන්ද ප්‍රමාණයක අවශ්‍යතාව ඉතා තදින් දැනෙන හෙයින් ෆොන්සේකා සතු ඡන්ද බලය අතිශය තීරණාත්මක බව ඔහුගේ පාර්ශ්වයේ වැඩි දෙනෙකුගේ අදහස වී තිබේ. මේ නිසා ප්‍රධාන තරගකරුවන් තිදෙනාටම ෆොන්සේකා දිනා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව ඔවුන්ගේ අදසයි. 
සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ සභාපතිවරයා වුවද ඔහු සහ පක්ෂය අතර මතගැටුම් නිර්මාණය වී තිබේ. ඔහු ආණ්ඩුව සමග එක්වෙන්නේ යැයි ප්‍රචාර පැතිර ගියද ඒ සඳහා ඔහුගේ සූදානමක් නොමැති බවද වාර්තාවේ. කෙසේ වුවද ෆොන්සේකා ජුනි මස අගදී එළිදක්වන කෘතිය 
සමග ඔහුගේ අවශ්‍යතාව බොහෝ පක්ෂවලට වැඩිවනු ඇතැයි 
විශ්වාස කෙරේ.