
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට සිදුවූ පොලිස් වර්ජනය ගැන 1970 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා “ශ්‍රී ලංකදීප” පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළකර තිබුණේ ඡායාරූපයක්ද සමගින්ය.
ප්‍රධාන පුවත ලියූ මාධ්‍යවේදියාගේ නම එහි සඳහන් නොවුනත් ඡායරූප ශිල්පියාගේ නම සඳහන්වී තිබිණ.
ඡායාරූප ශිල්පියා ඔලිවර් සෙනවිරත්නය.
තම සහයකුගේ වැඩ අසාධාරණ ලෙස තහනම් කිරීමට විරෝධය පළකිරීම සඳහා කොටුව පොලිසියේ දෙසිය පනහක් පොලිස් කොස්තාපල්වරු හා සැරයන්වරු ඊයේ සිවිල් ඇඳුමින් සැරසී පෙළපාළියකින් කොටුවේ සිට පොලිස්පතිවරයාගේ නිවස බලා ගමන් ගත්හ. යනුවෙන් සඳහන් කරමින් එම ඡායාරූපය ප්‍රධාන සිරස්තලය සමඟම පළකර ඇත.
එම පුවත මෙසේය.


පොලිස් බැරැක්කයේ හිටිය අපි කට්ටියම එකතු වෙලා පොලිස් පොඩ්ඩෝ නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. බොහොම රහසිගතව තමා මේ සංවිධානය අපි පිහිටුවා ගත්තේ පොලිස් පොඩ්ඩන්ට පොලිසියේ ලොක්කන්ගෙන් එවකට පොලිස්පති තනතුර දැරූ ස්ටැන්ලි සේනානායක මහතා නිවාඩු ලබා ගෙන ඔහුගේ පෞද්ගලික කටයුත්තක් සඳහා මහනුවර බලා ගොස් සිටි නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ඒ.සී. ඩේප් මහතාය.
පෙරේරාගේ වැඩ හරිම අසාධාරණ විදියට තහනම් කළ නිසා පොලිස් පොඩ්ඩෝ සංවිධානයේ අපි රාජකාරි කටයුතු වලින් ඉවත්වී උද්ඝෝෂණයක් කරන්නයි සේවා ලිපියකින් පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතාගේ නිල නිවසට ගොස් වෙච්ච අසාධාරණය ගැන කිව්වා.ඔහු තීරණය කළා. මේ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග කවරේද කියා එ්ක ගැන සාකච්ඡාවක් තියන්න කටයුතු සූදානම් කළා.
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පිහිටි සෑම පොලිස් ස්ථානයකින්ම අපේ සංවිධානයේ ඉන්න නියෝජිතයෝ දෙන්නා බැගින් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කළා. කොළඹ ප්‍රදේශයේ අනෙක් පොලිසිවලින් ගෙන්වා ගත් අපේ පොලිස් පොඩ්ඩා සංවිධානයේ නියෝජිතයින්ගේ මාර්ගයෙන් ඒ ඒ පොලිසිවල ඉන්න අපේ සංවිධානයේ සාමාජිකයන් වැඩ වර්ජනය ගැන දැනුම්වත් කිරීම් සිදුකළා.
මෙම සාකච්ඡාවේදී වැඩ වර්ජනය සිදුකරන දවසේ සවස කිසිම පොලිස් පොඩ්ෙඩක් මත්පැන් පානය නොකළ යුතු බවට තින්දුවක් ගත්තා. ඒ වගේ තින්දුවක් ගත්තේ වෙන කිසිම දෙයක් නිසා නෙමේ. මත්පැන් බීලා හිටියොත් පොලිසියේ බේබද්දෝ පිරිසක් එකතුවෙලා වෙරිමරගාතේ කරපු වැඩ වර්ජනයක් කියා ලොකු චෝදනාවක් එන්න පුළුවන් නිසයි. නිල නිවස දක්වා පා ගමනින් ගියා. අපි පොලිස්පතිතුමාගේ නිල නිවස ළඟට යනකොට රෑ 9.30ට විතර ඇති. සියලු දෙනාම ෙපාලිස්පතිතුමා සමඟ කතා නොකර දෙදෙනෙක් පමණක් වෙලා තියෙන අසාධාරණය ගැන එතුමාට කීමට තීරණය කළා.
අද වගේ පොලිස්පති නිල නිවසට පොලිස් මුර සේවයක් තිබුණේ නැහැ. වැඩට සේවකයෙක් පමණක් සිටියා. ඔහුට කතා කර පොලිස්පතිතුමා මහනුවර ගිහින් ආවාද කියා විමසුවා. දැන් මේ ටිකකට කළින් ෙපාලිස්පතිතුමා මහනුවර සිට පැමිණි බව ඔහු කියා සිටියා. පොලිස්පතිතුමාට කතා කරන්න ඕනෑකමක් තිබෙන බව ෙස්වකයාට කිව්වා. සේවකයා පොලිස්පතිතුමාට අපි ඇවිත් ඉන්න බව දැනුම්දීමට නිල නිවස තුළට ගියා. සේවකයා ගිහින් ටික වේලාවකින් සිනාසෙමින් අපි ඉදිරියට ආවා. පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහත්තයා මොකද නිලධාරීන්ට කරදරයක්ද කියා අසාගෙන තමා අපි ඉදිරිපිටට ආවේ.
පොලිස් කොස්තාපල් බුද්ධදාස (7769) කියන නිලධාරියා සහ මම පොලිස්පතිතුමාට වෙලා තියන දේ අකුරක් නෑර කියා සිටියා. එතුමා බොහොම සන්සුන් ලෙස අපි දෙන්නා කිව්ව විස්තරේ අසාගෙන සිටියා. ඊට පස්සේ නිල නිවස ඇතුළට ගිහින් දුරකථනයෙන් කොටුව පොලිසියට සහ සහකාර ෙපාලිස් අධිකාරී කොන්රොඩ් විජේසිංහ මහත්තයාටත් ඇමැතුමක් ලබාගත්තා. වෙලා තියන සිද්ධිය ගැන විමසා සිටියා. ඒ.එස්.පී. මහත්තයාෙග් තොරතුරු වාර්තාව ලැබුණාට පස්සේ සාධාරණය ඉටුකරන බවත් කරදර නොකර අපිට ආපසු පොලිසියට යන ලෙසත් එතුමා දැනුම් දුන්නා. එතුමා ගැන පූර්ණ විශ්වාසය තබා අපි කෑ ගසමින් පා ගමනින්ම ආයෙත් කොටුව පොලිසියට ගියා. පොලිසියට පැමිණ ටික වේලාවකින් කොස්තාපල් පෙරේරා කියන වැඩ තහනමට ලක්ව සිටිය නිලධාරියාගේ සේවය නැවත පිහිටුවා තිබුණා. ඉන් පස්සේ අපේ වර්ජනය අතහැර සාමාන්‍ය විදියට රාජකාරී ආරම්භ කළා යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදුවූ පළමු වැඩ වර්ජනය සිය අරමුණ ඉටුකර ගැනීමෙන් එසේ නිමාවට පත්ව වැඩි දවසක් යන්නට මත්තෙන් සිදුවූ එක්තරා සිදුවීමක් විශ්‍රාම ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිහිපත් කළේය.
මේ ඒ කතාවයි.
අපි පොලිස් වර්ජනය කළ කාල වකවානුවේ රටේ නොයෙකුත් පළාත්වලින් රජයට විරුද්ධව තරුණ බලවේගයක් එ්කරාශී වෙමින් තිබුණ බවට පොලිස් බුද්ධි අංශ මගින් වාර්තා කර තිබුණා. අපේ වර්ජනය ඉවර වෙලා පැය 10ක් වත් ගත වුණේ නැහැ. අපේ ඉල්ලීම දිනා ගැනීමට හැකිවීම ගැන ප්‍රශංසාවට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණ කුඩා පත්‍රිකා වගයක් කොටුව පොලිස් ඒරියා එකේ අලවා තිබුණා. ඒ නිසා වර්ජනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් ද ජේ.වී.පී. එකට සම්බන්ධ බවට බුද්ධි අංශ සැක පළ කළා. මේ නිසා බුද්ධි අංශ නිලධාරීන් විශේෂයෙන් කොටුව පොලිසියෙන් වර්ජනයට එක්වූ නිලධාරීන් ගැන විශේෂ අවධානයකින් සෙවිල්ලකින් සිටීමට පටන් ගත්තා. ඒත් ජේ.වී.පී. එකට අපේ නිලධාරීන්ගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. වර්ජනය පසුපස ඔවුන් සිටියෙත් නැහැ.
එදා පොලිස් වැඩ වර්ජනය වෙනුවෙන් ලොකු කාර්යක් ඉටු කළ ඇම්.ඩී. දිසානායක මහතා පසුකාලයක මධ්‍යම පළාතේ කොටි ක්‍රියාකාරකම් මැඩලීමට සිය ජීවිතයම කැප කර සිටි නිලධාරියෙක් විය.
දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පවත්වා අල්ලාගත් කොටි ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාවද සුළු පටු නොවෙති.
අපි ඊළඟට කතා බහ කළේ පොලිස් වැඩ වර්ජනය නිසා පොලිස් සේවයට සමුදීමට සිදුවූ පොලිස් කොස්තාපල් එච්.එම්.පී. බණ්ඩාර හේරත් මහතා සමගය.
විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකයා නැවැත්වූ තැන සිට කතාව පටන් ගත්තේ හිටපු පොලිස් කොස්තාපල් හේරත් මහතාය.
මේ වන විට ඔහු 72 වැනි වියේ පසුවේ. මේ හිටපු පොලිස් කොස්තාපල් හේරත් මහතා කියන කතාවයි. මමත් ඔය පොලිස් වර්ජනයට සම්බන්ධ වුණ කෙනෙක්. ඒ නිසාම මට පොලිසියේ රස්සාව අහිමි වුණා. 1971 වසරේ අප්‍රේල් 05 වැනිදා වැල්ලවාය පොලිසියට ජේ.වී.පී. කැරලිකරුවන් පහර දුන්නා. එදා රාත්‍රී වෙනකොට මුළු රට පුරා ඇදිරි නීතිය දැම්මා. වරකාපොළ පොලිසියට ද ජේ.වී.පී. කැරලිකරුවන් ගිනි තබා නිලධාරීන්ද ඝාතනය කර තිබුණා. මේ නිසා කොළඹ ප්‍රදේශෙයන් විශේෂ පොලිස් කණ්ඩායම් වරකාපොළ හා කෑගල්ල ප්‍රදේශයේ ආරක්්ෂාවට යැවීමට තීරණයට කර තිබුණා.
වෙනදාට විශේෂ රාජකාරි සඳහා යවන්නේ ඕ.අයි.සී මහත්තයාට හිතවත් නිලධාරීන් විතරයි. මෙවර විශේෂ රාජකාරී සඳහා පොලිස් වැඩ වර්ජනයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් යැවීමට තීරණය කළා. මේ නිසා අපි ඒකට විරුද්ධව නැගී සිටියා. අපි 5 දෙනා අසනීප නිවාඩු දමා විශේෂ රාජකාරියට යාමෙන් වැළකී සිටියා.
එදාම සවස ඩිෙපා් පොලිසියේ ට්‍රක් රථ දෙකකින් කැරලි මර්දන කණ්ඩායම් දෙකක් කොටුව පොලිසියට ආවා. ඒ වෙලාවේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණා. අපි සතුව තිබූන අවි ඔවුන්ගේ බාරයට ගෙන ඒවා අවි ගබඩාවට පසුව බාර දුන්නා. ඊට පස්සේ මාත් එක්ක විශේෂ රාජකාරි යාමට බැහැ කියා කිව්ව නිලධාරීන් පස් දෙනා වෑන් රථයක ෙගාඩකරගෙන අරගෙන ගියා. පසුව අපිව රිමන්ඩ් බන්ධනාගාරයට පත් කළා.
එස්.ඩී. බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, වාසුදේව නානායක්කාර, සී.පී.ජේ. සෙනවිරත්න, කරුණාසේන ජයලත් යන මහත්වරුන් ඇතුළු දැවමොට්ටාවේ අමරවංශ හා මිටියාගොඩ ගුණරතන කියන හිමිවරුන්ද අපිත් එක්ක බන්ධනාගාරයේ රඳවා සිටියා. බන්ධනාගාරයේ ඉන්න කාලේ මම කවි ලිව්වා. වාසුදේව නානායක්කාර මහත්තාගෙන් අපිට ඉංග්‍රීසි උගන්වන්න කියා ඉල්ලීමක් කළා. එතුමා අපිට හොඳට ඉංග්‍රීසි ඉගැන්නුවා. මාස හයක් රිමාන්ඩ් එකේ ඉඳලා නිදහස් වෙලා ආවා. කිසිම චෝදනාවක් අපිට නගා තිබුණෙත් නඩු දාලා තිබුණෙත් නැහැ. ආයෙත් පොලිස් සේවයට ගියේ නැහැ. අපෙන් පලිගැනීමට බොරුවට හිරේ දම්මා යැයි හිටපු පොලිසියේ කොස්තාපල් හේරත් මහතා කීය.
මම පොලිසියේ ඉන්න කාලයේ අනුරාධපුරයේ පොසොන් ඩියුටි ගිය දවසක තරුණියක් හඳුනා ගත්තා. ඇය කිරිබත්ගොඩ පදිංචි කෙනෙක්. පස්සේ අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධක් ඇති වුණා. එයාගේ නම ප්‍රියංගනී කල්දේරා. මම ටික කාලයක් එයාව බලන්න ආවේ නැති නිසා එයා මාව හොයාගෙන කොටුව පොලිසියට ඇවිත් මා ගැන අසා තිබෙනවා. පොලිසියේ මගේ යහළුවෝ මම රිමාන්ඩ් කරලා ඉන්න බවක් නොකියා එක එක බොරු කියා තිබෙනවා. එයා මාව හොයාගෙන ඒ දවස්වල නිතර නිතර පොලිසියට ඇවිත් බැරිම තැන මාව හිතෙන් අයින් කරලා ඉඳලා තියෙන්නේ. මම නිදහස් වෙලා ආපු ගමන් ප්‍රියංගනී බලන්න ගියා. එදා තමා අැය මට මොකද වුෙණ් කියා දැනගත්තේ. පස්සේ දෙපාර්ශ්වයේම මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව අපි දෙන්නා කසාද බැන්දා. අපිට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. මම ආයෙත් පොලිසියට ගියේ නැහැ. ඒත් මම අදටත් පොලිසියට ආදරේ යැයි හේරත් මහතා කතා බහ නිම කිරීමට මත්තෙන් පවසා සිටියේය.
ඡායාරූප - පේරාදෙණියේ සෙනරත් බණ්ඩාර

