සුපිරි වෙළෙඳ සැලෙන් බඩු සොරකම් කළ තරුණියගේ මරණය


මළවුන්ගේ  අනාවරණ 


‘‘වික්ටෝරියා කඩෙන් බඩු හොරකම් කරපු ගෑනියකුට කඬේ මිනිස්සුයි පොලිසියයි ගහලා මැරිලලූ .....’’   


ආරංචිය ප‍්‍රදේශය පුරා පැතිර යන්නට ඒ වැඩි වෙලාවක් ගත වූයේ නැත. හා හූ ගා වික්ටෝරියා කඩේ අසළට සෙනඟ එක්රොක් වන්නට වූහ. කඩේ අයිතිකරුවෝ වහාම ක‍්‍රියාත්මක වන පරිදි කඩේ වසා දැමූහ. මිය ගිය කාන්තාවගේ ඥාතීන් පැමිණ කලබල කරන්නට වුවහොත් එයට මුහුණ දීම පහසු නොවනු ඇතැයි කල්පනා කිරීම එයට හේතුව විය.  

ඇය අපි මානෙල් ලෙස හඳුනා ගනිමු. මානෙල් රූමත් තරුණියකි. ඇය වික්ටෝරියා කඩේට ගොස් තිබුණේ ද්‍රව්‍ය කීපයක් මිලදී ගැනීමටය. ඇය ලබාගත් භාණ්ඩ කවුන්ටරයට ඉදිරිපත් කර මුදල් ගෙවීමටද සුදානම්ව ඇතත් වෙ​ෙළඳසලේ හිමිකරු ඇය හෙරක බව පවසමින් අල්ලා පහර දී පොලිසියට භාර දී ඇති බවත් පොලිසියෙන් ද ඇයට පහර දෙමින් ප‍්‍රශ්න කරන අතරතුර මියගොස් ඇති බවත් මියගිය තරුණිය රෝහල්ගත කර තිබෙන්නේ ඉන් පසුව බවත් පැතිර යන කටකතාවලින් කියැවිණ.   


එහෙත් රෝහල් පොලිසියද පවසන පරිදි සිහිසුන් වූ කාන්තාවක පොලිසිය විසින් රෝහලට ගෙනවිත් ඇති අතර සිහිනැති වීමට හේතුව ඇයගේ මොළයේ ලේ කැටියක් තිබීම බව වෛද්‍යවරු සොයාගෙන තිබේ. පසුව ඇය ශල්‍යකර්මයකට භාජනය කළ බවත් ඒ අතර ඇය මිය ගිය බවත් රෝහල පැත්තෙන් ඇසෙන කටකතාවලින් කියැවිණ. 

 
කුමන ලෙසකින් වුවත් තරුණිය මියගොසිනි. ඇය ගේ මරණය පිළිබඳව ඥාතීන් සැක පළ කළ බැවින් මෙන්ම මරණයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි බැවින් ප‍ශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට මහේස්ත‍්‍රාත් නියෝග ලැබිණ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත පැවරිණ.   


සිදුවීම් පිළිබඳ පොලිස් වාර්තාව පරීක්ෂා කළ කොඩිකාර මහතා සිද්ධිය වූ ස්ථානයට එනම් වික්ටෝරියා සුපිරි වෙ​ෙළඳසලට ගියේය. පොලිසියෙන් හා වෙ​ෙළඳසලේ හිමිකරුවන් පහරදුන් බවට චෝදනා එල්ල වන බැවින් වෙළඳසැලේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවකට ලක් කළේය.   


ඒ දර්ශන අනුව මානෙල් වික්ටෝරියා වෙ​ෙළඳසලට පැමිණෙන්නේ වටිනා පෙනුමකින් යුත් අත්බෑගයක්ද රැගෙනය. වෙළෙඳසලෙන් කුඩයක් ලබාගන්නා ඇය එයට කිරිපිටි පැකට්ටුවක්, චොක්ලට් එකක්, සමේ ආලේප කරන ක‍්‍රීම් වර්ගයක් වැනි ද්‍රව්‍ය කීපයක් දැමුවාය. ඒ අතර චොක්ලට්, චීස්,මාජරින්, බිස්කට් වැනි ද්‍රව්‍ය කීපයක් ඇය හොර රහසේම තම අත්බෑගයට දමා ගත්තාය. කවුන්ටරයට පැමිණි මානෙල් කූඩයේ ඇති ද්‍රව්‍ය මුදල් අයකැමි වෙත ඉදිරිපත් කර බිල ගෙවීමට සුදානම් වූවාය.   


එහෙත් ඇතුළත කාමරයක සිට පැමිණි වෙ​ෙළඳසලේ හිමිකරු මානෙල්ගේ අත්බෑගය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසීය. එහෙත් ඇය එයට එකඟ නොවූවාය. හිමිකරු කියා සිටියේ ඇය තවත් ද්‍රව්‍ය කීපයක් හොරෙන් අත්බෑගයට දමා ගනු තමන් ආරක්ෂක කැමරා දර්ශනවලින් දුටු බවය ඒ නිසා ඇයගේ බෑගය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව ඔහු කියා සිටියේය. වෙ​ෙළඳසලේ සේවිකාවක ඇයව පරීක්ෂා කිරිමට උත්සාහ කළත් මානෙල් ඊට ඉඩ දුන්නේ නැත. පසුව වෙළඳසැලේ හිමිකරු කළ පැමිණිල්ලකට අනුව විනාඩි පහළොවක් විස්සක් වැනි කාලයක් තුළ පොලිසිය එහි පැමිණියහ.   


පොලිසිය පැමිණීමට සුළු වෙලාවකට පෙර අත්බෑගයෙන් පිටතට ඉතාමත් කුඩා යමක් එළියට ගත් මානෙල් එය ගිල දැම්මාය. වෙ​ෙළදසලේ කිසිවෙක් ඒ බව දුටුවේ නැත. පොලිසිය පැමිණි පසු පොලිස් කාන්තාවකගේ උදව්වෙන් වෙනත් කාමරයකට රැගෙන යනු ලැබිණ. ඒ කාමරයට ගෙන ගොස් ඉතාමත් සුළු කාලයක් තුළදී ඇයව ඔසවා ගෙන පැමිණි පොලිස් කාන්තාවන් වෙ​ෙළ​ඳසලෙන් පිටතට ගොස් ඇයව වාහනයකට දමාගන්නා අයුරුද කැමරා දර්ශනවල සටහන්ව තිබේ.   


එතැන් සිට සිදුවූ දේ ලබාගත්තේ පොලිසියෙනි. ඒ අනුව කාමරයට රැගෙන ගිය මානෙල්ව දැඩි පරීක්ෂාවකට ලක්කරනු ලැබිණ. එහිදී ඇගේ අත්බෑගයේ තිබී පෙර කී ද්‍රව්‍ය කීපයක් පොලිසියට හමුවිය. ඒවා මෙම වෙ​ෙළඳසලෙන් සොරාගත් බව මානෙල් අවසානයේ පිළිගත්තාය. මේ පිළිබඳව ප‍්‍රශ්න කරන අතරතුර මානෙල් දැඩි ලෙස නොසන්සුන් වී ඇත. කලබලකාරි ලෙස හැසිරෙන ඇය පලායන්නට සැරසෙන්නේ යැයි සැකකළ පොලිස් නිලධාරිනියෝ ඇගේ උරහිස්වලින් හා දෑත්වලින් දැඩිව අල්ලා ගත්හ.   


එහෙත් විනාඩියක් දෙකක් වැනි සුළු කාලයකදී නොසන්සුන් කලබලකාරී බව නැවැත්වූ ඇගේ දෑස්වල කළු ඉංගිරියාව ඉහළට ගොස් එකවරම සිහිසුන් විය. කලන්තයක් නම් නැවත සිහිය එනු ඇතැයි සිතා පොලිස් නිලධාරීනියන් ඇයගේ මුහුණට වතුර බිඳු කීපයක් ඉසිනු ලැබූවද සිහිය ආවේ නැත. පොලිස් ජීප් රථයෙන්ම ඇයව රෝහලට රැගෙන යාමට කටයුතු කෙරුණේ ඉන් අනතුරුවය.   


වහාම මානෙල් පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළහ. එහිදී ඇගේ හිසේ ලේ කැටියක් පවතින බවට දැකගන්නට හැකිවිය. වහාම ක‍්‍රියාත්මක වූ වෛද්‍යවරු එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා ඇයගේ හිසේ ශල්‍යකර්මයක් සිදුකිරීමට යොමු කරනු ලැබිණ. එහෙත් ඒ කටයුතු සුදානම් වන අතරේ ඇය මිය ගියාය.   

 

මානෙල්ගේ සිරුරේ අනෙක් කොටස් ද කපා පරීක්ෂාවට ලක් කිරීමට වෛද්‍යවරයා කටයුතු කළේය. ඒ අනුව ඇගේ ආමාශයේ තිබී ඉටි කොළයකින් ඔතන ලද පිටි වැනි ද්‍රව්‍යයක් හමුවිය. මෙහි තිබෙන්නේ කුමක්දැයි පරීක්ෂා කළ විට එය කොකේන් බව හඳුනාගත හැකි විය. පොලිසියද එය තහවුරු කරනු ලැබිණ. මේ කොකේන් හා ලේ කැටිය අතර සම්බන්ධයක් තිබිය හැකිද යන්න අධිකරණ වෛද්‍යවරයාගේ අවධානයට ලක්විය. ඒ අනුව නැවත අගේ හිස්කබලේ පටක සියුම්ව පරීක්ෂාවට ලක් කරනු ලැබිණ.   ඩියුරාවට පහළින් රුධිර කැටියක් ඇති වූ විට සාමාන්‍යයෙන් එය වටා නව පටලයක් හට ගනි. මෙම පටලය හා එය සාදන ෙසෙල අන්වීක්ෂීය පරීක්ෂණයකට ලක් කිරීමෙන් ලේ කැටිය ඇතිවුණ කාලය නිර්ණය කළ හැකිය. විශේෂයෙන් මෙවැනි ලේ කැටියක් ඇති වූ විට එය ස්වභාවිකවම ඉවත් කිරීම සඳහා නියුට්‍රොෆිල් නමැති ෙසෙල වර්ගය ඇතුළු ෙසෙල කීපයක් ලේ කැටිය වෙත ඇදී එයි. එහෙත් මේ රුධිර කැටිය වටා එවැනි කිසිවක් දක්නට නොවිණ. ඒ අනුව මෙය මරණයට සුළු මොහොතකට පෙර ඇති වුවක් බව පෙනිණ. එහෙත් ඇයට පහරදීමක් සිදුවූ බවටද සාක්ෂි නැත.

 


මේ සිදුවීමෙන් කලබලයට පත් මානෙල්ගේ ඥාතීහු මානෙල්ට කිසිම ලෙඩක් නොතිබුණ බවත්, මෙය පහරදීමෙන් සිදුවූ මරණයක් බවටත් චෝදනා කළහ. මාධ්‍ය මගින්ද මෙය බරපතළ විවේචනයක් සහිතව වාර්තා කරනු ලැබිණ. කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළැයි තරුණියක පහරදී මරා දැමීම මොනතරම් අමානුෂිකදැයි ඔවුන් ප‍්‍රශ්න කළහ. පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන මරණයකදී එවැනි චෝදනා එල්ල වීම පුදුමයක් නොවේ. එහෙත් මෙවැනි මරණ පහරදීමකින්ම සිදුනොවන අවස්ථා ඇත.   


හෘදයාබාධයක් පවතින අයකු අත්අඩංගුවට පත්වූ විට ඇති වන කම්පනය නිසා හෘදයාබාධය උත්සන්න වී මිය යා හැකිය. තව විටෙක මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහිවූවන්ගේ ඇතිවන විවිධ සංකූලතා නිසා මිය යා හැකිය. එසේම ස්වභාවිකව ශරිරය තුළ තිබූ යම් යම් රෝග උත්සන්න වීමෙන්ද මරණය සිදුවිය හැකිය. කුමක් වුවත් දැන් මේ මරණය සිදුවූයේ කෙසේදැයි තහවුරු කළ යුතුව ඇත.   


පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා ඇයගේ සිරුර බාහිරින් පරීක්ෂා කළ විට පහරදීමකින් සිදුවූ කිසිදු තුවාලයක් දැකිය නොහැකි විය. ඇගේ හිසේ ලේ කැටියක් ගැන වෛද්‍ය වාර්තාවල සඳහන් වූ බැවින් හිස්කබල විවෘත කර පරීක්ෂාවට ලක් කෙරිණ. එහි පටක අන්වීක්ෂීය පරීක්ෂණයකට ලක් කරද්දී වෛද්‍යවරුන් පැවසූ පරිදි හිස් කබලේ ඩියුරා පටලයට යටින් එක් ලේ කැටියක්ද එයට තරමක් පහළින් තවත් කුඩා ලේ කැටියක්ද දැකිය හැකි විය. මේ ලේ කැටි මොට ආයුධයකින් පහරදීමකින් ඇතිවිය හැකිය. එසේත් නැත්නම් හදිසි ඇද වැටීමකදී හිස වැදීමෙන් ක්ෂණික ත්වරණය හා මන්දනය නිසා ඇති වීමටද ඉඩ ඇත. එසේම ස්වභාවික යම් රෝගී තත්ත්වයන් නිසාද සිදුවිය හැකිය.   


පොලිසියෙන් හෝ වෙන යම් අයකු විසින් හෝ පහර දුන්නේ නම් හිසෙහි මතුපිට සිට තැලූම් ලක්ෂණ හා සීරිම් දැකිය හැකි විය යුතුය. ඇතැම් විට පහර ලද එකක් නම් හිස් කබලේ භග්නයක්ද දැකිය හැකි විය යුතුය එහෙත් එවැනි කිසිවක් ඇගේ හිස හා හිස් කබල ආශ්‍රිතව දක්නට ලැබුණේ නැත. එයින් ප‍්‍රශ්නය තවත් සංකීර්ණ විය. මේ ලේ කැටිය ඇති වුණේ අත්අඩංගුවට පත්වූ පසු ද පෙර ද යන්න තහවුරු කර ගත යුතුව තිබේ.   


මානෙල්ගේ සිරුරේ අනෙක් කොටස් ද කපා පරීක්ෂාවට ලක් කිරීමට වෛද්‍යවරයා කටයුතු කළේය. ඒ අනුව ඇගේ ආමාශයේ තිබී ඉටි කොළයකින් ඔතන ලද පිටි වැනි ද්‍රව්‍යයක් හමුවිය. මෙහි තිබෙන්නේ කුමක්දැයි පරීක්ෂා කළ විට එය කොකේන් බව හඳුනාගත හැකි විය. පොලිසියද එය තහවුරු කරනු ලැබිණ. මේ කොකේන් හා ලේ කැටිය අතර සම්බන්ධයක් තිබිය හැකිද යන්න අධිකරණ වෛද්‍යවරයාගේ අවධානයට ලක්විය. ඒ අනුව නැවත අගේ හිස්කබලේ පටක සියුම්ව පරීක්ෂාවට ලක් කරනු ලැබිණ.   


ඩියුරාවට පහළින් රුධිර කැටියක් ඇති වූ විට සාමාන්‍යයෙන් එය වටා නව පටලයක් හට ගනි. මෙම පටලය හා එය සාදන ෙසෙල අන්වීක්ෂීය පරීක්ෂණයකට ලක් කිරීමෙන් ලේ කැටිය ඇතිවුණ කාලය නිර්ණය කළ හැකිය. විශේෂයෙන් මෙවැනි ලේ කැටියක් ඇති වූ විට එය ස්වභාවිකවම ඉවත් කිරීම සඳහා නියුට්‍රොෆිල් නමැති ෙසෙල වර්ගය ඇතුළු ෙසෙල කීපයක් ලේ කැටිය වෙත ඇදී එයි. එහෙත් මේ රුධිර කැටිය වටා එවැනි කිසිවක් දක්නට නොවිණ. ඒ අනුව මෙය මරණයට සුළු මොහොතකට පෙර ඇති වුවක් බව පෙනිණ. එහෙත් ඇයට පහරදීමක් සිදුවූ බවටද සාක්ෂි නැත.   
ඒ අනුව හිස් කබල තවත් හොඳින් පරීක්ෂා කිරිමේදී මොළයේ කුඩා රුධිර නාළයක් පුපුරා ඩියුරා පටලයට යටින් එක්රැස්වීමෙන් මෙසේ රුධිර කැටි දෙකක් සැදී ඇති බව පෙනිණ. එසේ සිදුවිය හැක්කේ අධික රුධිර පීඩනය නිසාය. කොකේන්වල සම්බන්ධය පෙන්වන්නේ මෙතනදීය.   


තමන් පොලිසියට අල්ලා දෙන බව දැනගත් මානෙල් තමන් සතුව තිබු කොකේන් පැකට්ටුව පොලිසියට අසුවෙතැයි බියෙන් ගිල දමා ඇත. එහි තිබූ කුඩා සිදුරකින් කොකේන් පිටතට පැමිණ ශරීරයට දැරිය නොහැකි ප‍්‍රමාණයක් එක්වීමෙන් ඇගේ රුධිර පීඩනය වැඩිකර තිබේ. ඒ අධික රුධිර පීඩනය නිසා මෙසේ නහරයක් පුපුරා ගොස් ඇති බව පැහැදිලි විය. කිසිම පහරදීමක් සිදුනොවුණ තත්ත්වයක් යටතේ මානෙල්ගේ හිසේ ලේ කැටියක් හට ගන්නේ කෙසේ ද යන්න ඒ අනුව පැහැදිලි වූයෙන් මානෙල්ගේ ඥාතීන්ගේත්, අසල්වැසියන්ගේත් මාධ්‍යයේත් චෝදනාවට ලක්ව සිටි පොලිසියත් වික්ටෝරියා වෙ​ෙළඳසැලේ හිමිකරුත් එම චෝදනාවලින් නිදහස් විය. මානෙල් කොකේන් බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ තරුණියක බව පසුව කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙළිදරව් විය.   

 

 


සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සකස් කර ඇති නමුත් මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.   

 

 

 

 


සටහන - මුදිතා දයානන්ද