සිංහල රජ දවස සිටි රාළලා


අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්‍රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. 


කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා 
අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා 
රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා 
ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි 
උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු 
බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා 
ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩ කඩම් ප්‍රමාණයක් ඇත. 
පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා 
මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා 
කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා 
ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය. 
උක්කු රාළ - කිරි පට්ටිය භාර නිලධාරියා 
පුංචි රාළ - ගමරාළට සහාය නිලධාරියා 


කාරිය කරවන රාළ - ඉහත සඳහන් සෑම රාළ කෙනෙකුටම පැවරී ඇති කටයුතු (රාජකාරි) නිසි පරිදි ඉටු කරන්නේදැයි සොයා බලන නිලධාරියා. දළදා මාලිගාවේද කාරිය කරවන රාළ කෙනෙක් ඇත. 


මේ නාමයන් පෞද්ගලික නාමයන් ලෙසද යොදා ගැනීමට ඉස්සර ගැමියන් පුරුදුව සිටි බව පැහැදිලි කරුණකි. 
මප/මා/ග/සිල්වත්ගල මහා විද්‍යාලයේ 

 


හිටපු විදුහල්පති 
වි​ජේරත්න වනසිංහ