නාග රාජධානියට ආ ධර්මදූත හිමිවරු
මුළු රටේම රජු වූ සහ එනිසාම සෙල්ලිපිවල මහරජු ලෙස හැඳින්වූ ”පනිතගේ” මාළිගාවේ පැවැදි වූ රජ කුමරුන් වූහ. එමෙන්ම සුමන සමන් ඍෂි නමැති පනිතගේ මුදල් ඇමැති (බෑනා විය හැක) බුදුන්ගෙන් ධර්මය ශ‍්‍රවණයට මහියංගණයට ආවේය. ධර්ම ශ‍්‍රවණයෙන් පසු සෝවාන්වීමට තරම් වූ පෙර පින් සුමනට විය.
මේ හැරෙන්නට “වරිගපූර්ණිකාව” නමැති යක්ෂ ගෝත්‍රිකයන් ගේ (වයඹ දිග) තොරතුරු ඇති ග‍්‍රන්ථය පවසන පරිදි වයඹදිග යක්ෂ රාජධානියේ කවිලාශපාලි රැජින විසින් බුදුන් වහන්සේට ලංකාවට වැඩම කරන ලෙස ආරාධනා කර ඇත. නාවික වෙළෙඳුන් අතින් බුදුන් ගැන අසා පැහැදී තමන් විසින් දැක නැති ගෞතම බුදුනට ලංකාවට වැඩම කරන ලෙස ආරාධනා කළ බව වරිගපූර්ණිකාව පවසයි.
මල්වතු ඔය අසල කවිලාශපාලී ජීවත්වූ අතර දම් දෙසුමෙන් පසු මල්වතුඔය දිගට ගමන් කර එහි ශාඛාවක් ආරම්භ වන රිටිගල කඳුවැටියට ද ගොස් ඇත. එහි විසූ රවි ශෛලාශ නොහොත් ගිරිකාල කුමරුන්ටද දහම් දෙසා ඇත. මේ සියල්ල අද දින භාවිත ඉංග්‍රීසින් විසින් ලියූ ලංකා ඉතිහාසයෙන් ඉවත්කර තිබේ.
වයඹ දිග නාග රාජධානිය:- ගිනිකොන දිග නාග රාජධානියේ මුහුදු වෙළඳුන් මැණික් වෙළෙඳාමට වැදගත් වූවා සේ වයඹ දිග විසූ මුහුදු වෙළෙඳ නාගයෝ මුතු වෙළෙඳාමට වැදගත් වූහ. මන්නාරම හා අරිප්පු ආශ්‍රිත මුතු බෙල්ලන් බහුල කලාපය මෙම නාගයන්ගේ රාජධානිය විය. මෙම වයඹ දිග නාග රාජධානිය ගිනිකොන දිග නාගයන් හා සම්බන්ධය.
පනිත මහ රජු යටත මෙම කලාපයන් දෙකම පැවතුණි. නාන්නේරිය අසල තෝරමයිල්ලෑවේ ඇති සෙල්ලිපියක සඳහන්වන්නේ එය මඩුකසලිය පුගියන නැව් සමාගමේ ලෙනක් බවය. එම නැව් ගිනිකොන මෙන්ම වයඹ දිගටද ආ බව ඉන් පැහැදිලිය. මේ ප‍්‍රදේශයේ රට තුළ යක්ෂ ගෝත්‍රිකයන් විසූ අතර නාගයන් හා යකුන් ගැටුම්වලින් තොරව මිත‍්‍රව සිටි බව පෙනේ. ගිනිකොන දිගද තත්ත්වය එසේම විය. නාග (මුහුදු වෙළෙඳ) සහ යක් (යකඩ හා වෙනත් කර්මාන්ත) යනු වෘත්තීන් දෙකක් නිසා එක් ආර්ථිකයක්, එක් සමාජ ක‍්‍රමයක් හා එක් පාලනයක් යටතේ මේ දෙගොල්ලම සමගියෙන් හා සාමයෙන් ජීවත් වූවා විය හැකිය.
නාග රාජධානිවල භික්ෂුන්ගේ ධර්මදූත කටයුතු:-
බුදුන් ජීවමානව සිටියදී භික්ෂුන් වහන්සේලාගේ ධර්මදූත කටයුතු ලංකාවේ කෙරිණ. පෙරදී සඳහන් කළ සහරකිත හිමියන් දූවේගල ලෙනක වසමින් රජමාලිගයේ කුමාරවරුන් දෙදෙනෙකුට (පැවිදි) විනය ඉගැන්වූ බව “දිව්‍යවදානයේ” සඳහන්ය. වත්මන් යාල වනෝද්‍යානය තුළ පිහිටි ගෝනගල ලෙනක සඟරකිත හා පුණ්ණ යන තෙරුන් දෙදෙනා එකට (සද්විහාරිකව) විසූ බව ශි. සංඥා. අංක 668 දරන ලිපියේ සඳහන්ය. පුණ්ණ තෙරුන් යනු පළමුව පුණ්ණ වෙළෙන්දාය. සැරියුත් පරම්පරාවේ දසවැනි ජ්‍යෙෂ්ඨත්වය පුණ්ණ හිමිට අයත්ය.
සිතුල් පව්වේ දෙකුන්දර වැව පිහිටි අංක 656 දරන ලිපියෙන් කියවෙන්නේ බමුණු මරුගේ ගල් වේදිකාව (කූටය) ගෝතම ශමණට පූජාකර ඇත. “ගෝතම ශමණ” යන අකුරු පුරාවිද්‍යාව විසින්” ගෝතමශලෙණෙ” ලෙසට කියවා ඇතද පොතේ ඇති ඡායා ස්පර්ශ අනුව එය එසේ නොවන බව පෙනේ. මහාචාර්ය පරණවිතානගේ “ලංකා ශිලා ලිපි සංග‍්‍රහය-I වෙළුම හිද එම වරද එලෙසම ඇත.
මෙය ලෙනක් නොව පර්වතයකි. ලිපිය ලෙන් ලිපියක් නොව පර්වත ලිපියකි. විජයාගමනයට පෙර නම් ගම් සඳහන් වන සෙල් ලිපිවලට සිදුවී ඇති මෙම වරද ඉබේ සිදු නොවීය. පර්වතයක් ලෙණ යනුවෙන් කිසි විට සඳහන් නොවේ. මෙම සෙල්ලිපි වරද සිතුල්පව්වට ගියවිට අදත් දැකිය හැකිය.
මෙම ගල් වේදිකාව උස් එකකි. ඒ ඉදිරිපස තුන් හාරසියයකට පහසුවෙන් හිඳගත හැකිය. මරු නමැති බමුණා බුදුන්ට මෙම කූටය පිදුවේ එහි වැඩ හිඳ දහම් දෙසීම සඳහා විය හැකිය. පුණ්ණ සහ සඟරකිත තෙරුන් දෙදෙනා එක්ව වැඩසිටි ගල්ලෙනද ඇත්තේ මින් සැතපුම් හයකට ඈතය. මෙම තෙරුන් දෙදෙනාගේ ලංකාවේ ධර්මදූත කටයුතු ගැන දිව්‍යාවදානයේ සඳහන්ය.
රට මැද සිටි යක් මිනිසුන්:- ගිනිකොන දිග හා වයඹ දිග නාගයන් සිටින අතර රට මැද හා කඳුකර උස් බිම්වලද යක්ෂ ගෝත්‍රිකයෝ විසූහ. ඔවුහු ගොවිතැන හා දඩයම මිශ‍්‍රව කරන ලද අතර රට අභ්‍යන්තරය පුරාම පැතිරී සිටියහ. යක්කු මූලික වශයෙන් වනය තුළ ජීවත්වූහ. නාගයන් මෙන් ගංගා දෙපස එළිකර ගොවිතැන් ඇතිකර එම ජනාවාස තුළ නොවූහ. එළිමහන් ජනාවාස මොවුනට නොවීය.
යකුන් මෙසේ ගිරි ප‍්‍රදේශ තෝරාගෙන ඒවායේ ජීවත්වීම මහාවංශය දක්වන්නේ බුදුන් විසින් උන්ව ගිරි දිවයිනට පලවා හැරීමක් ලෙසටය. බුදුහු මිනිසුන් පලවා හරින්නෙක් නොව සියලු සත්වයන් වෙත මෛත්‍රී කරුණා සහගතව සලකන බුදුවරයෙකි.
වරිග පූර්ණිකාවට අනුව “මනගිර” ලෙස හඳුන්වන සමනල කඳුවැටිය යකුන්ගේ ප‍්‍රධානම මධ්‍යස්ථානයයි. මෙබඳු ගිරි රාජ්‍යන් 10 විය. “සමන්තකූට වණ්ණනා” කෘතියෙහිද මෙය සඳහන්ය.
1. උපුල්වන් ගිරි (දඹුල්ල), 2. රකුන්ගිර (රිටිගල), 3. නීලගිර (මානෑව කඳු), 4. කාවස්ථ ලාභ (හබරණ අවට) 5, ධූමක කද්දිර (කලාඔය), 6. වාලූකා (පුත්තලම), 7. ඉන්ද්‍ර දේශ (ත්‍රිකුණාමල), 8. අග්නිදේශ (කතරගම), 9. විලෝපාදි (බස්නාහිර), 10. මහගිර (සමනල කඳු)
මේ හැරුණු විට සත්නාගිර නමින් පළාත් 7ක් එකතු කළ රාජ්‍යයක් විය. ඒ රිටිගල ආශ්‍රිත පළාත් 7කි. සත්නාගිර හා මහගිර දෙකම මහගිරි දේශයට යටත්ය. ඉහත ගිරිරාජ්‍ය 10ත් සත්නාගිරත් පාලනය කළේ යක්ෂ සේනාධිපතීන් විසිනි. මොවුහු දියුණු කාර්මිකයන් නිසා ගුවන් යානාවලින් අහසින් ගමන් කළහ. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන සාතාගිර, හේමවත, අලව් ආදින්ද දුම්රක් (ධූමරාක්ෂ-දිඹුලාගල) ආදිහුද යක්ෂ සේනාධිපතීහුය. සත්ගිරි පාලනය කළේ සාතාගිර විය හැක. මේ හැම දෙනා දේව අධ්‍යාපනය ලැබූ දේව පාලකයින්ය.
මොවුන් වාසය කළේ කැළය එළිකර ගොඩනැංවූ ගෙවල්වල බවට සාක්ෂි නැත. කැලෑවේ වාසය කළ නිසා වනසතුන්ගෙන් ආරක්ෂාවීමට ගස් උඩ කුඩා ගෙවල් සාදන්නට ඇතැයි අනුමාන කළ හැක්කේ අදත් ගස් උඩට සදන පැල “පුරය” ලෙස හඳුන්වන බැවිනි. රත්නපුර, අනුරාජපුර, යක්පුර, ලංකාපුර, විජිතපුර, වේලාපුර, සෝමපුර, මහින්දපුර ආදී පුරයන් (පෞර රාජ්‍ය) එකල විය.
කුඹුක්කන් අමුණින් ජලය සැපයූ අක්. 21,000ක මහ වෙල්යාය (යාල), වසර 6000ක් පැරැණි වූ මෑතදී සොයාගත් මාදුරුඔය අමුණ ආදිය යකුන්ගේ වාරි ක‍්‍රමයන්ය. ඉහත සඳහන් කළ පුරයන්ද ගංගා ආශ්‍රිතව විය. යක්පුර, සෝමපුර මහවැලි ගඟ අසලද, රත්නපුර වේලාපුර කළු ගඟ අසලද, අනුරාජපුර මල්වතුඔය අසලද, මහින්දපුර වැඩහිටිකන්ද මැණික් ගඟ අසලද, විජිතපුර කලාඔය අසල ද විය.
ලොව පැරැණිම භෞතිකවාදීන් වූයේ යකුන්ය. වෛද්‍ය ශාස්ත‍්‍රය, ජ්‍යොතිෂය නොහොත් අහස් සතර, යෝග භාවනා, මන්ත‍්‍ර, අව්වැසි ප‍්‍රයෝජනයට ගෙන ගොවිතැන, මෝහන විධි ආදිය ඉතා දියුණු මට්ටමක විය. ඍෂිවරු මේ විද්‍යාවන්හි ඉහළම තැන සිටියහ. අදත් පාරම්පරික වෙදකමෙහි හා ජ්‍යොතිෂයෙහි යකුන්ගේ වෛද්‍ය ක‍්‍රම හා ජ්‍යොතිෂ ක‍්‍රම නැකැත් ආදිය භාවිත වේ. ගුප්ත විද්‍යාවන්ද එබඳුය. මළගිය නෑයන්ට පුද පූජා පවත්වා ඇදහුවේ (නෑ යකුන්) ජීවත්ව ඉඳිද්දීට වඩා මියගිය පසු ඔවුන්ගේ ශක්ති දේහය (Astral Body) වඩා බලවත් නිසාය.
එය සූක්ෂම දේහයක් නිසා ඕනෑම දෙයක් තුළට හෝ හරහට ගමන් කළ හැක. අදත් වැද්දන් අතර නෑ යකුන් පිදීමේ චාරිත‍්‍රය ඇත. සංස්කෘතයෙන් “යක්ෂ” ලෙස හැඳින්වෙතත් යක්කු ඉතා ධාර්මික හා ප‍්‍රඥාවන්ත අහිංසකයෝ වූහ. දළ දෙකක් පිටට නෙරාගිය හා මුවෙන් ලේ වැගිරෙන මිනීමස් බුදින ඇෙඟ් රෝම පිරි යක්ෂයා අනුරාධපුර මහා විහාරයේ සාහිත්‍ය නිර්මාණයකි.
රකුසන් අතර “දිය රකුසාද” (උදක රාක්ෂ) එබඳුය. මහාවංශය පවසන්නේ විජය පැමිණෙන විට ලංකාව මිනිස් වාසයෙන් තොර පාළු දිවයිනක් බවත් එහි සිටියේ යකුන් හා රකුසන් වැනි අමනුෂ්‍යයන් බවත්ය. (පරිච්ෙඡ්ද 7:7,8)
බුදුන් මෙන්ම විජයද කාලිංග දේශවාසියකු නිසා (නේපාලයේ ලුම්බිනිය 1896 දී මැව්වේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ඇන්ටන් ඇලෝයි හර්හර්ය.) විජයගෙ සිංහල ජාතිය ඇරඹුණ ලංකාවේ බුදු සසුන ස්ථිරව මුල් බැසගත් බව මහාවංශ (මහාවිහාර) මතයයි. තමන් කෝසලිය (කාලිංග) නිජබිම කර ඇති බව “පබ්බාජ සූත‍්‍රයේදී” බුදුන් විසින් බිම්බිසාර රජුට දේශනාකර ඇත.
ඉන්දීය සංක‍්‍රමණිකයන්ට (විජය පිරිස) යකුන් පරාජය වූයේ ඔවුනට යුද මානසිකත්වයක් නොතිබූ බැවිනි. සොබා දහමට කිසිදු ආකාරයකින් හානියක් නොවන අයුරු ජීවත්වීම හා කටයුතු කිරීම ඔවුන්ගේ පරමාර්ථය විය. සිත එක්තැන් කිරීම, ධ්‍යාන භාවනාවල යෙදීම ආදිය මගින් චෛතසික දියුණුව ලත් අය යකුන්ගේ ගුරුවරු හා උපදේශකයන් වූහ. ඖෂධීය පැළෑටි, දිය පාරවල් හා ඇලි වනරොද ආදිය ආශ්‍රිත අලංකාර තපෝ භූමි ඍෂිවරුන් ගේ වාස භූමි විය. සිත දියුණු කළ යක්ෂ ගෝත්‍රිකයන් දෙවිවරුන් හා බ‍්‍රහ්මයන්ව උපදින බවත් එනිසා ඔවුන්ගේ පිහිටාධාර තමනට ලබාගත හැකි බවත් ඔවුන්ගේ විශ්වාසය විය. කය හා මනස නිරෝගීව තබාගත හැකි ඖෂධ විශේෂයන් ගැන වරිගපූර්ණිකාවේ සඳහන්ය.
ලංකාවේ පළමුවරට බුදු සමය වැලඳගත්තේ යකුන් බව වරිගපූර්ණිකාව පවසයි. ඒ කවිලාශපාලි රැජිනගේ ආරාධනයෙන් බුදුන් කල්පිටියෙන් උතුරේ කලාඔය මෝය අසල පොම්පරිප්පු ප‍්‍රදේශයට වැඩම කළ නිසාය. කලාඔය ඇසුරින් රට ඇතුළට වැඩමකර මීගලෑව, මානෑව හා නීලගිරි ප‍්‍රදේශවල යකුන්ට දහම් දෙසින. ධූමක කද්දිර හෙවත් කලාඔය මුවදොර අසල පොදි ලිහන ස්ථානය නොහොත් වෙළෙඳුන් පැමිණෙන ස්ථානයට බුදුන් වැඩියේ කවිලාශ අග්නිපාලි බිසවගේ ආරාධනයෙනි.
විදේශ වෙළෙඳුන් සඳහා කපු රෙදි වියූ කුවණ්ණා (කළු) ලීලාවතියද මෙහි වූවාය. බුදුන් ලංකාවට අවතීර්ණවූ මෙම ස්ථානයට මහාවංශය විසින් විජය ගොඩබැසි ස්ථානය ලෙස දක්වයි. මේ වයඹදිග වෙරළේ වෙළෙඳ නැව් පැමිණි තොටමුණයි. නාග ජනාවාස වයඹ වෙරළ අයිනේ තිබුණද බුදු දහම හා සසුන නාගයන්ට ගියේ ඉන්පසුවය.
දෙවැනි වර බුදුන් නාගදීපයට වැඩියේ මිණි පළඟක් උදෙසා නාගයන් දෙපාර්ශ්වයක් යුද වැදීමට ආසන්න වූ මොහාතක බව මහාවංශය පවසයි. කන්කසන්තුරය මධ්‍යස්ථානය කරගත් කේවේශස්ථයත් රාජධානියද එහි වූ නිසා මෙම දෙපිරිසම අරභයා යාපන අර්ධද්වීපයට වැඩම කළේද යන්න කීම අපහසුය.
ගැමුණු කුමරුන් භික්ෂුන්ට දන්නොදී අනුභව නොකිරීම නිසා අතරමග මනස්තාපයෙන් යුත්වද්දී එතැනට ඍද්ධියෙන් වැඩියේ පුවඟු දිවයිනේ (පුන්ගුඩුතිව්) තෙරනමකි. එමෙන්ම යුද්ධයේදී මියගිය මිනිසුන් ගැන සිතමින් නිදි නැතිව දුක්වන විටද රජු සැනසීමට තෙරනමක් වැඩියේ පුවඟු දිවයිනෙනි. අනුරාධපුර මහා විහාරයේ හා ථූපාරාමයේ, මිහින්තලේ දහස් ගණන් රහතුන් වැඩ සිටි බව මහාවංශය කියද්දී පුවඟු දේශයෙන්ම රහතුන් වැඩියේ ඇයි? පළමුවෙන් භික්ෂු ආරාම හා භික්ෂුන් වැඩියෙන් සිටියේ යාපනේ හා ආසන්න දූපත්වල බව පිළිගැනීමට සිදුවේ.
ඉන්දියාවෙන් මෙහි පැමිණි සංක‍්‍රමණිකයන් (ආර්යයන්) වෛදික ආගම ඇදහූ බිලිපූජා හා යාග සිදුකළ යුද්ධයට ළැදි, සුරාසේවනය කළ සුරයෝ වූහ. එදත් අදත් භාරතයේ ඇත්තේ එෙඬ්ර සංස්කෘතියකි. සුරා සේවනය නොකළ හෙළයන් “අසුරයන්” ලෙස හැඳින්වූහ. එබැවින් මෙම සංක‍්‍රමණිකයෝ ස්වදේශී යකුන් යුද්ධයෙන් ජයගතද, නිෂ්පාදනයට ගියවිට වැව් ශිෂ්ටාචාරයට යටත් වූහ.
මෙම ඓතිහාසික සිදුවීම සංකේතවත් කරන මහාවංශ තොරතුරු වන්නේ පණ්ඩුකාභය කතා වස්තුවයි. මෙසේ යුදමය වශයෙන් ජයගත්තද ආර්යයෝ ශිෂ්ටාචාරමය ලෙස යකුන්ගේ වැව් ශිෂ්ටාචාරයට අන්තර්ග‍්‍රහණය වූහ. මෙසේ යක් හා ආර්ය මිශ‍්‍රණයෙන් ඇතිවූවෝ සිංහල යනුවෙන් මහාවිහාරය විසින් හඳුන්වන ලදී.
ගොවිබිම් ඇති කරමින් වැව්ද සාදාගෙන කැලයෙන් එළියට අවුත් ගම් ඉදිකිරීමට යක්ෂ ගෝත්‍රිකයන් එකඟ වුණේ එහි යහපත ආර්යයන් විසින් පෙන්වාදීම නිසාය. නමුත් සුළු පිරිසක් කැලයෙන් එළියට අවුත් වනාන්තර එළිකරමින් සොබා දහමට රිදෙන පරිදි කටයුතු කිරීමට අකමැති වූහ. ඔවුහු කැලයෙන් එළියට නො ආහ.
අන්තිමට මේ අය වැදි ජනතාව ලෙස ශේෂ විය. රත්නපුර සමන් දේවාලයේ වැදි පෙරහර දින වැදි නායකයා දොරටුවේ සිට සමන් දේව රූපයට ඊතලයක් විදිමින් විරෝධය දක්වයි. 1950 දශකයේදී පවා දුනු ඊතල අතින් ගත් වැද්දන් අප රටේ විය. 1952 දී මා කුඩා ළමයෙකු අවදියේ තන්තිරිමලේ වඳින්නට මහවනය මැදින් අඩිපාර දිගේ අප වන්දනා නඩය යද්දී දුනු ඊතල පොරෝ දරාගන අමුඩ ගසාගත් වැද්දෝ 4 දෙනක් අප ඉදිරියට ආහ.
තාත්තා සහ තවත් තිදෙනකු ගොස් වැද්දන් හා කතා කරනු මම දුටිමි. මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අවධියේදී තාත්තා මට කියා දුන්නේ එදා වැද්දන් 4 දෙනා හෙළබස කතා කළ බවය. එහි අඩංගු කරුණු 2ක් මෙහි පහත දැක්වේ.
ප‍්‍රශ්නය: තන්තිරිමලේ බලන්නට ඇත්තේ මොනවාද?
පිළිතුර: කදිමට නෙළුෑ බුදුරුවක් නොවැ
ප‍්‍රශ්නය: මේ කැලෑව මැද්දෙන් අඩිපාරේ යෑම අනතුරුදායක නැද්ද?
පිළිතුර: මාවත අනතුරු බාධා නැහැ.
මොවුහු පාසල් නොගිය අතර හෙළබස නොදත්හ. කතා කළේ වැදි බාසාවයි. එය හෙළ බසයි. නමුත් මේ වැද්දන් යනු ලොව ඉපැරැණි උරුමයක් සහිත යකුන් බවට අටුවා ටීකා අනවශ්‍ය ය.
එසේ වුවද එංගලන්තයේ හා නැසීගිය මහාචාර්ය කුලරත්නම්ගේ අවශ්‍යතාවට මහවැලිය හරවා “මහවැලි ශිෂ්ටාචාරයක්” (එදා ජනාධිපතිගේ මහවැලි ඇමැතිගේ වචන) බිහිකිරීමට තැත්දැරූ මහවැලි ව්‍යාපාරය වැද්දන් ශිෂ්ට සම්පන්න කරන්නට ගොස් ඔවුන් නැතිකර දමන ලදී.
රජරට වකුගඩු රෝගයෙන් මට්ටු වූ පසු මහවැලියට නැවතත් “ස්වභාවික ගොවිතැන” අවශ්‍යවී ඇත. මේ අනෙකක් නොව සොබා දහමේ සාධකයන් එකකට එකක් ගැට ගසා කරන ගොවිතැනයි. මහවැලියටත් ඉහළින් හෙළයා ඇත.