පෙර භවයේ ප්‍රබල සාක්කි
පෙර භවය හෙළි කිරීම හෙවත් යළි ඉපදීම සිහි කිරීම ලොව රටවල් රැසක මනෝ විද්‍යාත්මක පර්යේෂණ දැන් අරඹා තිබේ. ඒ පිළිබඳව ප්‍රථම වරට විශ්ව විද්‍යාල මට්ටමෙන් පර්යේෂණ අංශයක් ආරම්භ කරනු ලැබුවේ. ඇමරිකාවේ වර්ජීනියා විශ්ව විද්‍යාලය මගිනි.
ෙලා් පතළ මනෝ විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් එම සරසවිය මගින් ආරම්භ කරන ලද Department Of Psychiatry And Neurology යටතේ මෙම පර්යේෂණ සිදු කෙරිණි. එහි ප්‍රධානියා ලෙස 1957 වසරේ සිට ක්‍රියා කළ මහාචාර්ය ස්ටීවන්සන් 1961 වසරේ සිට පුනර්භව පර්යේෂණ සඳහාම වෙනමම අංශයක් ද එහි ආරම්භ කළේය.
මරණින් පසු සිදු වන දේ පිළිබඳව සෙවීමට උනන්දුවක් දැක් වූ මහාචාර්ය ස්ටීවන්සන් ප්‍රථම වරට ඉන්දීය පුනර්භව සාධක කීපයක් අධ්‍යයනය කළේය. අනතුරුව ශ්‍රී ලංකාවේ පුනර්භව සාධක නිරීක්ෂණය කිරීමට ඔහු ශ්‍රී ලංකාව පැමිණියේය.
වර්ජීනියා විශ්ව විද්‍යාලය මගින් ශ්‍රී ලංකාවේ පර්යේෂණයට ලක් කළ ප්‍රථම පුනර්භව සාධකය වූයේ තලවාකැලේ ප්‍රදේශයේ දී මරණයට පත් වූ තිලකරත්න නම් දරුවෙකු පිළිබඳව හෙළි වූ කතා පුවතකි. එම පුනර්භවය අනාවරණය කළේ ඥාණතිලකා නම් දැරියකි. ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට 1961 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන්සන් ඉන් අනතුරුව වසරකට හෝ දෙකට වරක් නිතර නිතර ශ්‍රී ලංකාවට පැමිණියේය. වර්ජීනියා විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය ඇතිව පුනර්භවය පිළිබඳ රටවල් රැසක එ් මහතා පර්යේෂණවල නිරත වීය.
Research On Reincarnation යනුවෙන් මෙම පර්යේෂණ මෙහෙයවන ඇෙමරිකාව ඉන්දියාව බුරුමය තායිලන්තය තුර්කිය ලෙබනනය එංගලන්තය ජර්මනිය යන රටවලින් අතිශය වැදගත් පුනර්භව සාක්කි රැසක් ඉදිරිපත් වී තිබේ.
ෙම් වන විට වර්ජීනියා විශ්ව විද්‍යාලයට වාර්තා වී ඇති පුනර්භව සාධක සංඛ්‍යාව 3000 ක් පමණ වී ඇත.
දෙදාහ වසර වන විට වර්ජීනියා විශ්ව විද්‍යාලය මගින් ඉටු කරන ලද පුනර්භව සිදුවීම් වැඩිම ගණනක් වාර්තා වූයේ ඉන්දියාවෙනි. දෙවන ස්ථානය බුරුමයටත් තෙවන ස්ථානය ලෙබනනයටත් හිමි වී තිබේ. ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පත් වී ඇත. ඉන්දියාවෙන් සිදුවීම් 450 ක් පමණ පර්යේෂණ වලට යොමු වී ඇති අතර ශ්‍රී ලංකාවෙන් මේ වන විට පෙර භවය හෙළි කළ දරුවන් තුන්සිය පනහකගේ පමණ සිදුවීම් වාර්තා වී තිබේ. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පුනර්භවය පිළිබඳ ප්‍රථම පර්යේෂණ වාර්තාව වූයේ The Evidence For Survival From Claimed Memories Of Former Incarnations යනුවෙනි. එය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1960 වසරේදී Journal Of The American Society For Psychical Research නම් සංවිධානය මගිනි. ඒ වන විට පුනර්භව සාධක හතළිහක් පමණ ලොව රටවල් කීපයකින් අනාවරය වී තිබිණි.
ඉතා ශාස්ත්‍රීය අන්දමින් පුනර්භව පර්යේෂණයක් සිදු කළ පෙර භවය හෙළි කළ දැරියකගේ කතා පුවතක් 1936 වසරේදී ප්‍රකාශයට පත් කැරිණි. ඉන්දියාවේදී උපත ලද ශෘන්ත දේවි නම් එම දැරිය උපත ලැබුවේ 1926 වසරේදීය. තෙවන වියට පා තැබීමත් සමග ඇය සිය පෙර භවය හෙළි කළාය. එම දැරිය හෙළි කළේ ඇය පෙර භවයේදී මවක් ලෙස ජීවත් වූ බවය. සැමියා මාත්‍රා නම් ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් ඔහු රෙදි පිළි වෙළෙඳ ව්‍යාපාරිකයකු බවත් ඇය ප්‍රකාශ කළාය. දරුවකු ලැබීමට සිටියදී ඇගේ මරණය සිදු වූ බවද ඇගේ මතකයේ තිබිණ. පෙර භවයේදී පිළියෙළ කළ ආහාර වර්ග පවා මෙම දැරිය ප්‍රකාශ කළ අතර සැමියා බැලීමට පෙර නිවසට යා යුතු බැව් ඇය නිතර දෙමාපියන්ට කියා සිටියාය. එහෙත් දෙමාපියෝ එයට ඉඩක් දීමට අකමැති වූහ. පෙර භවයේ සැමියාගේ නමත් නිවසට යන ගමන් මාර්ගයත් ඇයට මතක තිබිණි.
අවසානයේ ඥාතිවරයෙක් ඉදිරිපත් වී ඇගේ පෙරභව තොරතුරු විමර්ශනයක් සිදු කළේය. එහිදී සනාථ වූ කරුණු අනුව පෙර භවයේදි රෙදි වෙළෙඳ ව්‍යාපාරයක් සිදු කළ අයෙකුගේ මියගිය බිරිය ශාන්ති ලෙස උපත ලබා ඇතැයි සනාථ විය. මෙම දැරියගේ පුනර්භව සාධකය ඉන්දියාව පුරා මහත් ආන්දෝලයක් ඇති කළේය. මේ නිසා මහත්මා ගාන්ධි මෙම පුනර්භව සාධකය පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට කමිටුවක් ද පත් කළේය. ඒ අනුව දැරියව පෙර නිවසට රැගෙන යාමටත් හඳුනාගැනීෙම් සිදුවීම් විමර්ශනය කිරීමත් ශාස්ත්‍රීය අයුරින් සිදු කැරිණි.
මහාචාර්ය ස්ටීවන්සන් පසු කලෙක ඇගේ පුනර්භව සාධකය පිළිබඳව විමර්ශනයක් සිදු කළේය. පුනර්භව සිදුවීම් දැඩි ලෙස පර්යේෂණයට ලක් කිරීමේ උනන්දුව ඇති වීමෙන් පසු මහාචාර්ය ස්ටීවන්සන්ට ඒ සඳහා වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය ලබා දී තිබිණි. පෙර භවය හෙළි කළ දරුවන් පිළිබඳ මනෝ විද්‍යා පර්යේෂණ වලට ප්‍රමුඛස්ථානය හිමිවීමද මහාචාර්ය ස්ටීවන්සන්ට මහත් රුකුලක් වීය.
මේ අයුරින් පුනර්භව පර්යේෂණ ඇරඹූ වර්ජීනියා විශේව විද්‍යාලය පිහිටා ඇත්තේ වොෂින්ටන් නගරයේ සිට කිලෝ මීටර් සියයක පමණ දුරින් පිහිටි වර්ජීනියා ප්‍රාන්තයේ චාලටිස්විල්හිය. සිසුන් විසි දහසක් පමණ අද අධ්‍යාපනය ලබන මෙම සරසවිය ලොව විශාලතම විශ්ව විද්‍යාල අතරින් එකකි. එහි අනෙකුත් දෙපාර්තමේන්තු අතරට පුනර්භව පර්යේෂණ සඳහා වෙන් වුණු Division Of Parapsychology යනුවෙන් හැඳින් වූ වෙනමම අංශයක් ද පවත්වාගෙන යනු ලැබේ.
Research On Reincarnation යනුවෙන් මෙම අංශය ආරම්භ කරනු ලැබුවේ මනෝ විද්‍යා පර්යේෂණ අංශයේ අධිපතිවරයා ලෙස මහාචාර්ය ස්ටීවන්සන් සේවය කළ අවදියේදීය. ලොව රටවල් රැසක සිදු කරන ලද පුනර්භව පර්යේෂණ ග්‍රන්ථ ඇතුළත් දැවැන්ත පුනර්භව පර්යේෂණ පුස්තකාලයක් ද මෙහි පවත්වාගෙන යනු ලැබේ.
ෙපර භවය හෙළි කළ දරුවන්ගේ ගති සිරිත් ඔවුන්ගේ සිරුරුවල දක්නට ලැබෙන උපන් ලප පිළිබඳව සියුම් ලෙස විමර්ශනය කිරීම සඳහා සිදු කරන ඇතැම් පර්යේෂණවලට එක්ස් කිරණ (X RAY) පවා යොදා ගත් අවස්ථා ඇත. එම පර්යේෂණයට ද ශ්‍රී ලංකාවේ දරුවෙක් ඇතුළත් විය.
දරුවන්ගේ හැසිරීම් රටා පෙර භවයට සම්බන්ධ වී ඇති අයුරු සෙවීමේ පර්යේෂණ Unusual Play In Young Children Who Claim To Remember Previous Lives යනුවෙන් හඳුන්වනු ලැබෙ. එමගින් දරුවන් කුඩා කල සිට සිදු කළ ඇතැම් ක්‍රීඩාවන් පවා පෙර භවයට සම්බන්ධතා ඇති බැව් තහවුරු වී ඇත. දරුවන් තුළ තිබෙන සංස්කෘතික චර්යාවන් පිළිබඳව විමර්ශනය කිරීමද මෙම පර්යේෂණ මගින් සිදු කෙරේ. Cultural Patterns In Cases Suggestive of Reincarnation යනුවෙන් හැඳින්වෙන එවැනි සාධක සියුම් ලෙස විමර්ශනය කිරීමේදී අතිශය පුදුම සාක්කි රැසක් ඉදිරිපත් වී තිබේ.
උපතින් සිරුරේ ඇති වන ලප කැළැල් සහ උපතින් ඇති වන වැරදි පිහිටීම් සහ සිරුරේ උපතින් ඇති වන අඩු පාඩු ද පෙර භවයට සම්බන්ධ වී ඇති බවට ද සාක්කි ලැබී ඇත. එවැනි සනාථ වූ සිදුවීම් රැසක් ප්‍රබල සාක්කි ලෙස වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පුනර්භව පර්යේෂණ පුස්තකාලයේදී දැක ගත හැකි වේ.
ෙමම සරසවියේ මෙනා් විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ රාශියක් ග්‍රන්ථ රැසකට ඇතුළත් වී ඇත.
වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා පර්යේෂණ අංශය මගින් ප්‍රකාශයට පත් කළ ප්‍රථම ග්‍රන්ථය වූයේ මාහචාර්ය ස්වීටන්සන්ගේ Twenty Casses suggestive of Reincarnation නම් ග්‍රන්ථය විය. පෙර භවය හෙළි කළ දරුවන් විසි දෙනෙකුගේ ෙතාරතුරු එහි ඇතුළත් වේ. එම ග්‍රන්ථයේ ඇතුළත් සිදුවීම් වලින් ශ්‍රී ලංකාවේ දරුවන් තිදෙනකු පිළිබඳව සිදු කළ පර්යේෂණ ද සඳහන් වේ.
එහි එන අනෙකුත් සිදුවීම් අතර බ්‍රසීලයේ දරුවන් දෙදෙනකු ගේ පෙර බව කතා ද ඇලස්කාවේ සිදුවීම් හතක් ද ඉන්දියාවේ සිදුවීම් හතක් සහ ලෙබනනයේ එක් දරුවකුගේ සාධකයක් ද ඇතුළත් කර තිබේ. එම ග්‍රන්ථයේ සඳහන් ශ්‍රී ලංකාවේ දරුවන් වූයේ 1956 දී උපත ලද ඥාණතිලකා 1947 දී උපත ලද විජේරත්න දරුවා සහ 1942දී උපත ලද රංජිත් යන දරුවාය.
එම සරසවියේ අනුග්‍රහයෙන් ප්‍රකාශ වී ඇති මහාචාර්ය ස්ටීවන්සන්ගේ තවත් ග්‍රන්ථ රැසක්ම ඇත. එම ග්‍රන්ථ අතර Ten Cases In India, ten Cases In Sri Lanka, Twelve Cases In Thailand And Burma, Twelve Cases In Lebanon And Turky ආදී වශයෙන් ඇති පර්යේෂණ කෘති මහත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මේ අතර සිරුරේ උපතින් ඇති වන ශාරීරික අඩුපාඩු (Birth Defects) පිළිබඳව පෙර භවයෙන් අනාවරණය වන සාධක ඇතුළත් දැවැන්ත ග්‍රන්ථයක් ද මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ අතරට එක් වී තිබේ. පිටු දෙදහසකින් පමණ නිර්මාණය වී ඇති එම ග්‍රන්ථය Reincarnation And Biology ලෙස නම් කර ඇත. පෙර භවය හෙළි කළ දරුවන් පිළිබඳව සිදු කළ දැවැන්තම පර්යේෂණ ග්‍රන්ථය ලෙස එය ලොව මහත් කීර්තියට පත් වී ඇත.
මනෝ විද්‍යා පර්යේෂණ වශයෙන් වර්ජීනියා සරසවිය අනුග්‍රහයෙන් සිදු කළ තවත් අංශයක් වූයේ මරණාසන්න අත්දැකීම් Near/death Experiences හෙවත් මරණය සිදුවන අවස්ථාවලදී ලබන අත්දැකීම් විමර්ශනය කිරීමය. මරණින් පසු සිදු වන දේ පිළිබඳව සෙවීමේ පර්යේෂණ ලෙස මෙම අත්දැකීම් අධීක්ෂණය කෙරේ.
ඇතැම් පුද්ගලයන් මරණාසන්න අවස්ථා වලදී කරනු ලබන ප්‍රකාශ සහ ඔවුන් දුටු බැව් හෙළි කරන තොරතුරු මෙම මරණාසන්න අත්දැකීම්වලට ඇතුළත්ය. මරණාසන්න අවස්ථාවලදී තමන් දුටු බැව් හෙළි කරන දර්ශන අනුව සිරුරෙන් ඉවත් වී ගිය බැව්ද අත්දැකීම් ද ලැබූ ඇතැම් අය කියා සිටිති.
ඒ යටතේදී මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ පර්යේෂණ වාර්තා රැසක් ද වර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඇතැම් විට රෝගීන් සැත්කම් සිදුවන අවස්ථාවලදී සිහිසුන්ව සිටියදී දක්නට ලැබුණු අත්දැකීම් මෙම පර්යේෂණවලින් හෙළි වේ. ශ්‍රී ලංකාවේදී එවැනි සිදුවීම් රැසක් පිළිබඳව සිදුකළ පර්යේෂණයක් ප්‍රකාශයට පත් කර ඇත.
වර්ජීනියා විශ්ව විද්‍යාලය ආරම්භ කළ මනෝ විද්‍යා පර්යේෂණ අංශය අද හැඳින්වෙන්නේ Department Of Psychiatry and Newrobehavioral Science යටතේ Division Of Perceptual Studies යනුවෙනි. එහි අධිපතිවරයා ලෙස සිටි මහාචාර්ය ස්ටීවන්සන්ගේ අභාවය 2007 වසරේදී සිදු වීමෙන් පසු නව අධිපතිවරයා ලෙස කටයුතු කරනුයේ මහාචාර්ය ජිම් ටකර්. මහාචාර්ය ජිම් ටකර් විසින්ද පෙර භවය හෙළි කළ දරුවන් රැසක් පිළිබඳව පර්යේෂණ පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සිදුවීම් කීපයක් ද නිරීක්ෂණ කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේය. අනතුරුව ඔහු විසින් ලියන ලද ග්‍රන්ථ අතර Life Before Life A Scientific Investigation Of Children’s Memories Of Previous Lives සහ Return To Life Extraordinary Cases Of Children Who Remember Past Lives නම් ග්‍රන්ථද වේ. ඇමරිකාව එංගලන්තය තායිලන්තය බුරුමය ඉන්දියාව සහ තුර්කිය වැනි රටවල් රැසක පුනර්භව සාධක මගින් ලද ප්‍රබල සාක්කි රැසක් එයට ඇතුළත් කර ඇත.
තිස්ස ජයවර්ධන