මෙවැන්නෝ අප අතර බොහෝ සිටිති. මේ සඳහා ග්‍රහ බලපෑමක් ඇත. පෙර භවයේ ලෝභ කමේ අනන්තයටම ගිය මනුෂ්‍යයෝ මේ ආත්මයේ තිබුණත් නැහැ කියති. පිනක් නොකරති. මේ අතර රහසේ සොරකම් ද කරති. නිතරම අනුන්ගෙන් යැපීමට මාන බලති. බොරු කීමට ඉතා දක්ෂ වෙති. මෙවැන්නෝ මිනිසත්කම ලැබුවත් ප්‍රේත ලෝකයේ මගට ගොස් ඇත. දැන් බලමු ග්‍රහ බලපෑම කුමක්ද? කියා. ග්‍රහ සංයෝග අතර දිවි ග්‍රහ සංයෝග ත්‍රි ග්‍රහ සංයෝග ආදී වශයෙන් ග්‍රහයින් කීප දෙනෙකු උපතේදී කේන්ද්‍රයේ භාවයන්හි යෙදෙන අවස්ථා ඇත. ඒ සංයෝග සුබ හෝ අසුබ වන අවස්ථා ද ඇත. ඒ අතර තනි ග්‍රහයා භාවයක තැන් පත් වී සුබ හෝ අසුබ පළ ගෙන එන අවස්ථා ද ඇත. ඒ අනුව සෙවණැලි ග්‍රහයකු වන කේතු තනිවම ලග්නයේ යම් අයෙකුගේ උපතින් යෙදීම ජීවෙය් ඉතාම අවාසනාවන්ත පිහිටීමක් ලෙස පෙන්වා දෙමි.
විශේෂයෙන් මෙහි මාතෘකාවට අදාළව භූත ආත්මයක් ලබා ඇති අයෙකුගේ විලාසය කේතු ලග්නයේ යෙදීමෙන් මැනවින් පෙන්නුම් කෙරේ. මෙවැනි පුද්ගලයෝ කිනම් ස්ථානයක සිටියත් වැඩි කතා බහක් නොමැතිව මුළුගැන් වී සිටිති. මුහුණ ශරීරය පෙනුමෙන් අන් අයට සිත් ඇදගන්නා ආකර්ෂණය අඩුය. පිරිසිදු කම අඩුය. දිනපතා දියනා පිරිසිදු නොවේ. හිස කේ පීරා සුද්ධ කරන්නේ නැත. ශරීරයෙන් දුර්ගන්ධය හමනු ඇත. අඳින ඇඳුම් සෝදා පිරිසිදු කරන්නේ නැත.
මෙවැනි පුද්ගලයින් ප්‍රේත ලෝකයේ දොරකඩ සිටින අය වශයෙන් හැඳින්විය හැක. මෙම තත්ත්වය තවත් දරුණු ලෙස බලපාන සංයෝගයකි ශනි සමග කේතු එකතු වීම. කේතුගේ පවතින දුර්වලතාවය සෙනසුරු සංයෝග වීමෙන් තව තවත් උග්‍ර අතට හැරෙනවා විනා අඩුවක් නොවේ.
කේතු සමග සෙනසුරු සංයෝග වී ලග්නයේ යෙදීම සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයම එලොව මෙලොව දෙකටම නැති ප්‍රේත ආත්මයක් වශයෙන් පෙන්ව දී නිවැරදි වේ. මකර, කුම්භ, තුලා යන රාශියක් ලග්නය වුවහොත් එහිදී සෙනසුරු බලවත් බැවින් තරමක් ඔරොත්තු දෙන නමුත් කේතු එම රාශිවල සතුරු බැවින් කේතුගේ දුර්වලත්වය දෝෂ භංග කළ නොහැක.
අනෙකුත් රාශිවල දී ද ලග්නයේ යෙදීම ජීවිතය අක්‍රියවීමට හේතු වෙනවා මෙන්ම ප්‍රේත ලෝකයේ මගට බැස්ස මිනිසුන් මෙන් හැසිරෙනු ඇත. අපිරිසිදු කමේ සීමාවක් නැත. මත්පැන්වලට ඉතා පහසු වෙන් ගොදුරු වේ. අනුන්ගේ පොල් ගෙඩියක් හෝ සොරකම් කර එය විකුණා මත්පැන් පානයට මුදල් සොයයි. බොරු කීමට ඉතා දක්ෂ වේ. කේලාම් කීමටත් ඊට වඩා දක්ෂ වේ.
ශරීරය දිගින් දිගමට කෙට්ටු වී වැහැරී යනු ඇත. අවසානයේ වෛද්‍යවරුන්ට පවා සොයා ගත නොහැකි රෝගී තත්ත්වයක් හට ගනී. කේතු සමග සෙනසුරු හා චන්ද්‍රයා සංගයෝග වී ත්‍රි ග්‍රහ යෝගය ලග්නයේ යෙදීමෙන් ඉහත කී දුර්වලතාවන් ඉතා තදින් බලපෑෙමන් මනුෂ්‍ය ලෝකයේ සිටියත් ප්‍රේත අපාෙය් සිටින අයකු බවට පත් වේ.
කේන්ද්‍රයේ දෙවැන්නේ කේතු පමණක් උපතින් යෙදීමෙන් මුහුණේ පෙනුම හැඩය තරමක් දුරට විකෘති ස්වභාවයක් ගන්නා අතර ධනය හීන කරන තත්ත්වයක් උදා වේ. අන් අයගේ ආකර්ෂණය දිනා ගත නොහැකි වේ. කේතු සමග සෙනසුර හා සඳු ත්‍රි ග්‍රහ සංයෝගය යෙදී ඇත්නම් සියලු දේ විනාශ වන අතර මස්, මාළු, බිත්තර, බැදුම් වර්ගවලට ඉතා කෑදර වේ. ආහාර ගැනීෙම් ඉතා අප්‍රිය ජනක වේ. ප්‍රේතයෙක් හා සමාන වේ. මුඛය පුරා කෑම ගා ගනී. කිසිම වැඩක පිළිවෙළක් නැත. කේතු සමග සෙනසුරු සංයෝගය තුන් වැන්නේ යෙදීමෙන් එකම පවුලේ සහෝදර හොඳ හිත පළුදු වන අතර දේපළ සම්බන්ධ අවුල් නිසා එකිනෙකා අතර කුණු ලෝභ ප්‍රේත ගතිය තදින් ඇති වේ.
කේතු සමග සෙනසුරු දැඩි ග්‍රහ සංයෝගය සිව් වැන්නේ යෙදීම පදිංචි ස්ථානය ප්‍රේත ලෝකයක් හා සමාන වන තත්ත්වයකට පත් වේ. ඉතාම අපිරිසිදු ස්ථානයක් වන්නේය. පැරණි නිවසේ සැමදා සිටීමට සිදු වේ. සිකුරු හෝ ගුරු ලග්නය හෝ හත් වැන්නේ යෙදී සිටී නම් ඉහත දෝෂ තත්ත්වය මඟ හැරේ. නමුත් වරින් වර බාධා කරදර පැමිණේ.
පස් වැන්නේ කේතු පමණක් යෙදීම අධ්‍යාපන කටයුතුවලට යහපත් වන නමුත් කේතු ශනි සංයෝගය අසුබ වේ. ඉගෙනීම් කටයුතු කරගෙන යන අතරතුර කිනම් හෝ බාධාවක් පැමිණේ.
කේතු සෙනසුරු උපතින් තම කේන්ද්‍රයේ හය වැන්නේ යෙදී සිටී නම් විශේෂයෙන් රාශිය දුර්වල වී සතුරු නම් පෙර ආත්මයේ අධික ලෙස පාපකර්මවල යෙදුණ අයෙකි. මේ මනුෂ්‍ය ආත්මයේ එම පාපකර්ම විපාක විඳීම සඳහා මලප්‍රේතයෙක් හා සමානව ජීවත් වීමට සිදු වේ. ශරීරය වැහැරී ගිය රෝගවලින් පිරී ගිය අපිරිසිදුම අයෙකි.
හත් වැන්නේ දී කේතු හා සෙනසුරු විවාහය අපායක් බවට පත් කරනු ඇත. මකර කුම්භ වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු පමණක් හත් වැන්නේ යෙදී නම් ඉහත කී තත්ත්වය අනිවාර්ය වේ. මේෂ කටක සිංහ මීන ලග්න හිමියන්ට කේතු පමණක් හත්වැන්නේ යෙදී නම් විවාහ ජීවිතයට ප්‍රේතයෝ බැල්ම හෙළති.
කේන්ද්‍රයේ අට වැන්න කේතුට සෙනසුරුට ජන්මියාව ප්‍රේත ලෝකයේ දොරකඩට පත් කරවන අසුබම ස්ථානය වන්නේය. දරුණු රෝග තත්ත්වයන් ඇති කර ඒවා කල් යවමින් අධික දුකක් ඇති කරයි. ප්‍රේත යක්ෂ භූත කොටස් වැළඳ ගන්නා ග්‍රහ තත්ත්වයකි. නව වැන්න පුණ්‍යස්ථානය නිසා සෙනසුරු හා කේතු බලපෑම් තරමක් අඩු වේ. දස වැන්නේ රැකියා කටයුතු අවුල් සහිත වේ. එකොළොස්වැන්නේ කූඨ උපක්‍රම වලින් මුදල් උපයා ගන්නා අයෙක් බවට පත්වේ. මුදල්වලට තදබල ආසාවක් මෙන්ම තණ්හාව ඉතා අධික අයෙකි.
ක්ෂේත්‍රයේ දොළොස්වැන්නේ උපතින් කේතු සෙනසුරු සංහෝගය යෙදීම නිසා තදබල තණ්හාවෙන් එකතු කර ගත් ධනය විනාශය කරා යාමට හේතු වේ. කේතු ධනයට මුදලට ප්‍රේත කම් කරන අයෙකි. ඒ අනුව අන්තිම සත්‍ය දක්වා ගණන් බලන කේතුගේ මුදල් විනාශ කිරීම සෙනසුරු ඒරාෂ්ඨක පිහිටීමෙන් සිදු වේ.
මා මෙතෙක් දැක් වු කරුණු අනුව කේතු හා සෙනසුරු එකතු වී යෙදෙන සංයෝගය මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසත් කම ලැබුවත් ප්‍රේත ෙලා්කයේ මඟට ගිය මිනිස්සු වශයෙන් හැසිරෙන අවස්ථාවන් දැකීමට ලැබෙන සංයෝගයක් බව ඔබට පෙන්වා දෙමි.
කෙසේ නමුත් ගුරු සිකුරු සුබ ස්ථානයක බලවත්ව උපතින්ම යෙදී ඇත්නම් ඉහත සංයෝගයේ අසුබ තරමක් දුරට මඟ හැරෙන බව පවසමි.
ෙජ්‍යාතිර්වේදී වාස්තු ලේඛක
ජේ. ගුණපාල,
දකුණු උඩුව, කුඩාඋඩුව, හොරණ.