කොළඹ බ්යපත් කළ
කොටි බෝම්බ
‘‘පස් වැනි වේදිකාවේ නවතා ඇති අංක 764
දරන දුම්රිය අලුත්ගම බලා පිටත් වේ. එම දුම්රිය කොළඹ සිට අලුත්ගම දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.’’
1996 ජුලි 24 දින සන්ධ්‍යාවේ කොළඹ කොටුවේ සිට අලුත්ගම බලා ධාවනය ව මන්දගාමී කාර්යාල දුම්රිය එසේ කොටුව දුම්රිය ස්ථානයෙන් සවස 5.30 පිටත් වූයේ මගීන් විශාල සංඛ්‍යාවක් ද සමගය. සාමාන්‍යයෙන් මෙම බලවේග කට්ටල් (පවර්සෙට්) දුම්රියේ අතුරු සිදුරු නැතිව මගින් ගමන් කරන බව කව්රුත් දන්නා කරුණකි.
ජනතාව අතර බෝම්බ බිය තිබුණ ද ඒ ගැන සිතන්නට පතන්නට කිසිවෙකුට අවසර තිබුණේ නැත. කව්රු කව්රුත් කඩිනමින් නිෙවස් කරා යාමට දුම්රියේ තෙරපෙමින් ගමන් කළහ. මරුවා සැඟව සිටියේ මේ අතරය.
දුම්රිය වැල්ලවත්ත දුම්රිය පොළේ නතර කළ විට සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු ඉන් බැස ගිය බවත් සැක කටයුතු ගමන් බෑගයක් දුම්රිය තුළ තිබූ බවත් ගමන් කළ මගීන්ට දැක ගන්නට ලැබිණි.
දුම්රිය පුරාම මේ කතාව ක්ෂණයකින් පැතිර ගිය අතර දෙහිවල දුම්රියපොළේ දුම්රිය වැඩි වේලාවක් නතර වූයේ ද මේ තත්ත්වය ගැන පරීක්ෂා කරන්නටය.
සැක කටයුතු පාර්සලය දුම්රියෙන් ඉවතට ගෙන ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට දැන්වීමෙන් පසුව නැවතත් දුම්රිය ගමනාරම්භයට සංඥා නිකුත් කෙරිණි. මගීහු සැනසුම් සුසුම් හෙළුෑහ.
ඒ වෙන විට වේලාව සවස 6.15 ට ආසන්නවෙමින් තිබිණි. දුම්රිය දෙහිවල දුම්රිය නැවතුම්පොළෙන් සෙමෙන් සෙමින් ඉදිරියට ඇදි යද්දී එකවරම බියකරු පිපිරුම් හඬක් ඇසුණි. සියල්ල නතර විය. දෙහිවල දුම්රියපොළ එකම ලේ විලක් බවට පත් විය.
දුම්රිය මැදිරි දෙකක සඟවා තිබූ අධිබලැති කාල බෝම්බ දෙකක් එම ස්ථානයේ දී එකවරම පුපුරා ගියේය.
දුම්රිය මැදිරි දෙකක පිපිරුම් සිදුවුවත් ඉන් මැදිරි තුනකට පමණ බරපතළ හානි සිදු විය.
70 කට අධික පිරිසක් මරුමුවට පත්වූහ. දුම්රියේ මෙන්ම දුම්රිය වේදිකාවේ සිටි 550 පමණ පිරිසක් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලට සහ දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කාල බෝම්බ දෙක පිපිරී ගිය දුම්රිය මැදිරි දෙක තුළම 50 කට අධික සංඛ්‍යාවක් මියගොස් සිටියහ.
මියගිය අයගේ සිරුරු කැබලිවලට කැඩී විසිරී දුම්රිය පුරා විසිරී තිබිණි.
දුම්රියේ සිටි පිරිසෙන් වැඩි දෙනා දවසේ වැඩ නිමවා නිවෙස් බලා යමින් සිටි අය වූහ.
බෝම්බ පිපිරීම සිදුවෙන විට දුම්රියේ සියලුම මැදිරිවල මගීන් 400 ආසන්න සංඛ්‍යාවක් සිටි අතර දුම්රිය වේගයෙන් ධාවනය වෙද්දී මෙම කාල බෝම්බය පිපිරී ගියා නම් මීටත් වඩා බරපතළ ජීවිත විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි යැයි දුම්රිය බලධාරීහු පවසති.
බිම වැතිර සිටින සිරුරේ නොයෙක් තුවාල සහිතව නාසයෙන් කටින් ලේ ගලමින් සිටි අහිංසක තුවාලකරුවන් දැකීමත් වේදනාවකි. එහෙත් හදවතේ නැගෙන අනුපමේය දුක්වේදනා මැද මෙහි ළඟ සිටි පිරිස තුවාලකරුවන් බස් රථ හා වෑන් රථ ආදිය යොදා කඩිනමින් ඔවුන්ව රෝහල්වලට ගෙනයාමට යුහුසුළු වූහ. ඒ අවට සිට තුවාලකරුවන් වැතිරී සිට සංඥා කළේ වෛද්‍ය සහායකවරයෙකු වෙත කැඳවාගෙන යන ලෙසටය.
එවකට සෞඛ්‍ය මහා මාර්ග හා සමාජ සේවා ඇමතිව සිටි ඒ.එච්.එම්. ෆවුසි මහතා සිද්ධිය සැල වූ වහාම කොළඹ මහ රෝහල වෙත පැමිණ පෞද්ගලික වෛද්‍යවරුන් ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම උපදෙස් දෙමින් අදාළ වැඩ කටයුතු කඩිනමින් කර ඇත.
බෝම්බ පිපිරී ටික වේලාවකින් පසු එම ස්ථානයට පැමිණි යුද හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් දුම්රිය මැදිරියක තිබූ තවත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරන ලදී.
බලවේග දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමගම දුම්රිය මැදිරියේ රාක්කයක් උඩ කන්තෝරු බෑගයක් (බ්‍රීෆ් කේස්) තිබෙනු දැක මගින් ඒ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරයාට ද පැමිණිලි කර තිබේ. දුම්රිය තුළ බෝම්බ ඇතැයි සෙවීමට වඩා වැඩ අවසන් කර නිවෙස්වලට යාමට ඉක්මන් වූ දුම්රිය මගීන් විශාල පිරිසකගේ ක්‍රියාකලාපය නිසා දෙහිවල දුම්රිය පොළේ දී පුපුරා ගිය කාල බෝම්බ දෙක කල් තියාම සොයා ගැනීමට තිබූ අවස්ථාවක් වැළකී ගිය බව එම දුම්රියේ ගමන් ගත් මගීහු බොහෝ දෙනෙක් කියා සිටිති. දෙහිවල දුම්රිය පොළේදී දුම්රිය පූර්ණ පරික්ෂණයකට ලක් කිරීමට ඉඩ ලැබුණා නම් මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබූ බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඇතැම් දුම්රිය මගීන් මෙවැනි සෝදිසියකින් කාලය නාස්ති කරනවාට විරුද්ධ වූවා පමණක් නොව දුම්රියේ බෝම්බයක් ඇතැයි හඬ නැගූ මගින්ට උසුළු විසුළු කළ බවද වාර්තා වේ.
දුම්රියේ බෝම්බ පිපිරීම නිසා එදින සියලුම දුම්රිය සේවාවන් ඇණහිට තිබිණි. දුර ගමන් යන මගීන් මේ නිසා මහත් අසීරුතාවට පත්වූ බවත් දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් වී ඇති බවට ආරක්ෂක අංශ මගින් වාර්තා කළ වහාම දුර ගමන් මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාද, විශේෂ බස් රථ සේවා ද යොදවන බවත් එවකට බස්නාහිර පළාත් සභා ප්‍රවාහන අමාත්‍යව සිටි ප්‍රසන්න රණතුංග සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන පවසා ඇත.
තුවාලකරුවන් හැකි තරම් ඉක්මණින් රෝහල් වෙත යැවීම සඳහා ප්‍රදේශයේ තිබූ පෞද්ගලික බස් රථ, ලොරි වෑන් රථ හා පෞද්ගලික වාහන උපයෝගී කර ගෙන තිබූ අතර නිවෙස්වලට යාමට නොහැකිව අතරමංව සිටි කොළඹට ආසන්න මගීන් සඳහා වාහන උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සලසා අම්බලන්ගොඩ, ගාල්ල වැනි ඈත ප්‍රදේශවලට විශේෂ දුම්රිය හා ජනතා සන්තක ප්‍රවාහන සේවා බස්රථ යොදවූ බවද පැවසේ.
ෙමම බෝම්බය පුපුරා යාමෙන් මියගිය රාජ්‍ය සහ සංස්ථා සේවකයන් වෙනුවෙන් රු. 1,50,000 බැගින් වූ උපරිමයකට ද සාමාන්‍ය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් 50,000 උපරිමයකට ද යටත්ව වන්දි ගෙවීමට පුනරුත්ථාපන අධිකාරිය පියවර ගෙන තිබිණි.
මෙම දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරි දෙකක් තුළ එකවර පුපුරා ගිය බෝම්බ දෙකේ බර කිලෝ ග්‍රෑම් 10 ක් පමණ විය හැකි බව අනුමාන කළ පොලිසිය මෙම සිද්ධියෙන් මෙතරම් මරණ සංඛ්‍යාවක් සිදුවූයේ දුම්රිය මැදිරිවල මගින් පිරී තදබද වී සිටි නිසා බව ද පැවසීය.
බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ද්‍රවිඩ තරුණයන් 45 ක් හා තරුණියන් දෙදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් යාපනයේ පදිංචිකරුවන් බවද යම් යම් කටයුතු සඳහා කොළඹට පැමිණි බවද ඔවුන් ප්‍රකාශ කර ඇති බවද පොලිසිය පවසා ඇත.
දිගු කලිසමක් සහ අත් දිග කමිසයකින් සැරසී බ්‍රීෆ්කේස් එකක් අත රැගෙන අභිරහස් පුද්ගලයෙකු කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අලුත්ගම බලා ධාවනය වූ බෝම්බ පුපුරා ගිය බලවේග දුම්රියට ගොඩ වී තිබෙන බවට මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබී තිබේ.
බෝම්බ දෙක පුපුරා විහිදී ගිය ආකාරය අනුව එම බෝම්බ සිරුරේ බැඳගෙන සිටින්නට ඇති බව පෙනී යන බවද පොලිස් නිලධාරීන් පවසා ඇත.
බෝම්බවලට යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ බර නිශ්චය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සහ බෝම්බ විශේෂඥයින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා තිබේ.
රැකියාව අවසන් කර නිවෙස්වලට යන සිංහල ජාතික සිවිල් ජනයා ඉලක්ක කරමින් කොටි ත්රස්තවාදීන් විසින් 1996 ජුලි 24 වැනි දින මෙය දියත් කරන ලද්දකි.
එකිනෙකට සමගාමීව බෝම්බ පුපුරා යාම නිසා ප්‍රහාරයෙන් සිදු වූ හානි ප්‍රමාණය වැඩි වී තිබිණි.
ෙකාටි ත්රස්තවාදීන් විසින් බෝම්බ කීපයක් එක අාසන්නයේ අටවා ප්‍රහාරයක් දියත් කළ මුල්ම අවස්ථාව ලෙස ද මෙය සැලකේ.
මාසයේ 24, 25 දින යනු කාර්යාල සේවකයන්ට තමන්ගේ මාසික වැටුප ලැබෙන දිනය වේ. එදින තරම් සුන්දර වූ වෙනත් දිනයක් නොමැති තරම්ය.
මාසයක් තිස්සේ දහසකුත් එකක් බලාපොරොත්තු මැද එදින මාසික වැටුප ලබා ගත් ඔවුන් දිවගියේ කටට රහට හොද්දක් බතක් හදා ගන්නට අවශ්‍ය දෙයක් මිලදී ගැනීමටය.
ඒ ගොස් රෑ බෝ වෙන්නට පෙර තම නිවසට යාමේ ආශාවෙන් දුම්රියට ගොඩවූයේ කොටුව දුම්රියපොළෙනි.
කුරා කුහුඹියෙකුටවත් හිංසාවක් නොකළ එදින මරු මුවට පත් පිරිස වර්ගවාදයේ ගිනි දැල්ලට පිලිස්සී ගියේ නිමේෂයකිනි.
තවත් බොහෝ දුර ගමන් කළ යුතුව තිබු ඔවුනට ජීවිතයට නැවතීමේ ලකුණ වැටුණේ අතරමඟ දී දුම්රියේ බෝම්බ පිපිරී යාමෙනි.
ඔවුන්ගේ සිත් තුළ දලුලමින් තිබූ සියලු ප්‍රාර්ථනා දුම්රියේ පාපුරුවේ තනි කර දමා මේ වන විට කොහේ හෝ නොපෙනෙන ඈතකට ගොස් හමාර ය.
ධනු විෙජ්රත්න