දුර්ලභ රන්දෙණේ පිරිත


බුදුරජාණන් වහන්සේ අසූවයස් සපිරුණු කල්හි සම්බුදු කිස නිමවා පිරිනිවන්පෑමට සුදුසු කාලය දැයි විමසන ලදී. එවිට උන්වහන්සේ විසින් ශාසනය තුළ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සිව් වැදෑරුම් කොටස් සිටින බැවිනුත් සම්බුදු සසුන ශක්තිමත් බැවිනුත් උන්වහන්සේ විසින් එම තීරණය එලෙසම සිදුකරන ලදී. එබැවින් බුදුරජාණන්වහන්සේ පිරිනිවීම මල්ල රජදරුවන්ගේ සාල වනෝද්‍යානයේදී සිදුවිය. එහිදී මල්ල රජවරුන් උන්වහන්සේගේ ආදාහනය සක්විති රජකෙනෙකුගේ ආදාහනයක් ලෙසින් ගෞරව බුහුමනින් යුතුව රන්දෙණක තැන්පත් කොට එම සියල්ල සිද්ධ කරන ලදී.  


බුදුන්වහන්සේගේ ශ්‍රී ශරීරය කපුපුළුන් පටල පන්සියයකින් වෙලා සඳුන් තෙලෙන් පොඟවා රන්දෙණෙහි තැන්පත් කරන ලදී. එනමුදු වුවත් බුදුන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ශ්‍රී දේහයට ගිනි නොදැල්විණි. මක්නිසාදයත් මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ වැඩමකොට අවසන් වැඳුම වඳින තෙක් ශ්‍රී දේහයට ගිනි නොදැල්විණි. එහිදී මහා කාෂ්‍යප මහරහතුන් වහන්සේ වැඩසිටි පිප්ඵලි ගුහාව ඉදිරියේ මලක් හටගැනීමෙන් උන්වහන්සේ පිරිනිවන් පා ඇති බව දැනගන්නා ලදී. 

 
කාශ්‍යප මහරතනුන්වහන්සේ තම රූපශ්‍රිය බුදුන්වහන්සේට තරමක් සමාන බැවින් උන්වහන්සේ එය බුදුන්වහන්සේ වෙත පැමිණෙන දායකයන් තමන් වහන්සේ වෙතත් පැමිණීම නියාවෙන්ද තමන් වහන්සේට වරක් දුප්පත් මැහැල්ලක් බුදුන්වහන්සේ මහකසුප් තෙරුන් යැයි සිතා දන් බෙදා මහතෙරුන් වඩිනා විට යළිත් දුව ගොස් බුදුන්වහන්සේ වෙනුවෙන් බෙදන ලද දානය යලි රැගෙන මහකසුප් තෙරනුවන්ගේ පාත්‍රයෙහි පිළිගැන්විය. එයින් දැඩි සංවේගයක් උපන් මහතෙරුන් බුදුන්වහන්සේගේ අවසර රැගෙන පිප්ඵලි ගුහාවට වැඩම කරන ලදී. එහිදී එහි ඉදිරිපිට ඇති මල්ගස වෙත වැඩම කොට බුදුන්වහන්සේ පිරිනිවන් පෑවිට පමණක් මෙහි මල් හට ගන්නා බවත් අධිෂ්ඨාන කළේය.  


බුදුන්ගේ පරිනිර්වානයෙන් පසු එය එසේ සිදුවිය. එවිට මහාකාශ්‍යප තෙරුන් වහන්සේ එහි වැඩම කොට බුදුන්වහන්සේ වෙත අවසන් වන්දනාව කළේය. එවිට රන්දෙණ විවර වී කපු පුළුන් පට ඉවත්ව බුදුන්ගේ පා කමල උන්වහන්සේ ඉදිරිපිටට වැඩම කරන ලදී. එවිට මහකසුප් තෙරුන්ගේ වන්දනාව සමග රන්දෙණ වැසී ඉබේම ගිනි දැල්විණි.  


මෙම සිද්ධිය සමග බෞද්ධ සමාජයේ රන්දෙණේ ගාථා නමින් බොහෝම බලසම්පන්න ගාථාවන් කිහිපයක් බො​හෝ දෙනෙක් දැඩි විශ්වාසයෙන් භාවිතා කරති. රන්දෙණේ ගාථා නමින් බොහෝ ප්‍රමාණයක් ඝාථාවන් ඇත. එයින් වඩාත් නිවැරදි ගාථාවන් ඉතාබලවත් බවත් එමගින් දැඩි ආරක්ෂාවක් සහිත ගුප්ත බලයක් ඇති හෙයින් බොහෝ දෙනා බෞද්ධ ශාන්තිකර්ම උදෙසා භාවිතා කරයි.  


රන්දෙණේ ගාථාවන් සොයා ගැනීමට හැකි වුවත් රන්දෙණේ පිරිත සොයා ගැනීමට ඉතාමත් අපහසු බව පෙනේ. මෙම පිරිත අතීත රජදරුවන් විසින්ද ප්‍රයෝජනයට ගෙන නියං සමයන්වලදී වැසි වැස්සූ බවත් ​අනෝරා වැසි නැවැත්වූ බවත් දැඩි සුළඟ පහකළ බවත් ජනප්‍රවාදයෙහි සඳහන් වේ. එබැවින් එම දුර්ලභ රන්දෙණේ පිරිත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි.   


රන්දෙණේ පිරිත   


ලක්ඛණ පතිට්ඨතා දස බලස්ස පාදා සිද්ධිං කෂ්පාස පඨලේහි පංච දුස්ස සතානච ස්වණ්ණ වර්ණ ද්‍රෝණිංච වන්දන චිතකංච ද්වේධා කත්වා මයිහං උත්තමංගේ සිරස්මිං පතිට්ඨහන්තුති අධිට්ඨාසි සහ අධිට්ඨාන චිත්තේන තානි දුස්ස යුගානි ද්වේධා කත්වා වළාහකා පුණ්ණ චන්දො විය පාදා නික්ඛ මිංසු ථෙරෝ චීර විතකං පදක්ඛිණං කත්වා ආවජ්ජේන්තෝව සල්ලක්ඛේසි ඉමස්මිං ඨානේ භගවතෝ පාදානීති තථෝ පාදානං සමීපේ ඨත්වා අභිඤ්ඤ පාදකං චතුද්ථද් ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය.   


අර සහස්ස පතිමණ්ඩිත චක්ක.   


01. හේන් පැහීමට - එතේන සච්ච වජෙජන පාතුං රතනන්තයං එතේන සච්ච දුක්ඛා භයා රෝගා විනස්සතු එතේන සච්ච හොතු තෙ ජය මංගලං   
02. වැසී ලැබීමට - සඳුන් මිශ්‍ර පැන් කළයකට 108 වරක් පිරිත් කර ඒ​තේන සච්ච වජ්ජේන පවස්සන්තු වළාහකා යනුවෙන් පිරිත්කර බෝධිය නාවන්න.   
03. අනෝරා වැසි නවැත්වීමට - සඳුන් මිශ්‍ර පැන් කළයකට 108 වරක් පිරිත්කර ‘ ‘ඒතේන සච්ච වජ්ජේන වස්ස වළාහකං පලායන්තු’’ යන ගාථාවෙන් පිරිත් කළ පැන්වලින් බෝධීන් වහන්සේ නාවන්න - වැස්ස තුරල් වේ.  
04. තද සුළඟ නැවැත්වීමට - පෙර සේම පැන් 108 වරක් පිරිත් කර ඒතේන සච්ච වජ්​ජේන වාතවේගා පලායන්තු යන්නෙන් පිරිත් කරන්න. මෙලෙස රන්දෙණේ පිරිත මගින් විශාල වශයෙන් රෝගීන් උදෙසාද සෙත් පැතිය හැකිය. දුර්වලයා වූ මෙම පිරිත නිරන්තර භාවිතය තුළින් ආරක්ෂාව උදාවේ. තමන් ජීවිතය තුළ ආලෝකය මතුවේ. එබැවින් සියල්ලෝම මෙම පිරිත පාඩම් කරගෙන භාවිත කිරීම මැනවි.

 


කොළඹ සරසවියේ
ආර්. රධික ජීවන්ත