චීන රොබෝ යානය අඟහරු මතට ගොඩබසී


 

චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතයෙන්, මේ වනවිට චීනය හැර සෙසු රටවල් බැටකද්දී, චීන විද්යාමඥයෝ තවත් අපූරු වික්රංමයකට දායක වූහ. ඒ, අඟහරු හෙවත් රතු ග්රවහයා ගවේෂණයට යැවූ රොබෝ රෝවර් යානය අඟහරු මතුපිටට ගොඩබැස්වීමට සැලැස්වීමෙනි. චීනය අඟහරු මතුපිටට ගොඩබැස්වීම කළේත් පළමු වතාවටය. මීට පෙර මේ අයුරින් රොබෝ යානා සහ රෝවර් යානා අඟහරු මතුපිටට යවා ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි.


චීනයේ මෙම යානය නම් කර ඇත්තේ ‘ෂුරොංග්’ යන නමිනි. මෙය රොබෝ රෝවර් යානයකි. රෝවර් යානා යනු රෝදවලින් සමන්විත ගවේෂණ යානා වන අතර, ඒවා එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු සිදු කරයි. ‘ෂුරොංග්’ යන වදනේ අර්ථය ‘සත්ය ය සොයා ගුවනේ කරන ගවේෂණය’ යන්නය. එපමණක් නොව, චීන මිත්යාර කතාවලට අනුව, ‘ෂුරොංග්’ යනු ගින්නට අධිපති දෙවියාය.


‘ෂුරොංග්’ රෝවර් යානය සම්බන්ධ කර තිබුණේ ‘ටියැංවෙන් 1’ නමැති යානයටය. මෙය මවු යානයක් වැනිය. චීනය ඔවුන්ගේම රොකට්ටුවක් ආධාරයෙන්, ‘වෙංචෙංග්’ අභ්ය’වකාශ මධ්යටස්ථානයේ සිට ‘ටියැංවෙන් 1’ අභ්යුවකාශයට තල්ලු කර යැවුණේ 2020 ජූලි 23 වැනිදාය. 


රොකට්ටුවෙන් වෙන් වී, ‘ටියැංවෙන් 1’යානය පසුගිය පෙබරවාරි 10 වැනිදා අඟහරුගේ කක්ෂයට පිවිසියේය. එය එදා සිට මේ දක්වා අඟහරු කක්ෂයේ රැඳී සිටියේ සුදුසු වෙලාවක් බලා ‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතු පිටට යැවීමටය. එය සිදුවූයේ පසුගිය 15 වැනිදාය.
‘ටියැංවෙන් 1’ යානය කොටස් යානා දෙකකින් සමන්විත විය. රෝවරය සහිත යානය, එහි රොකට්ටු දල්වා අඟහරු මතුපිටට ගියේය. ‘ටියැංවෙන් 1’ ඉතිරි කොටස අඟහරු කක්ෂයේ චන්ද්රිටකාවක් ලෙස රැඳී සිටී. අඟහරු මතුපිට සිට ‘ෂුරොංග්’ රෝවර් යානය චීන විද්යා’ඥයන්ට යවන දත්ත සහ ඡායාරූප සංඥා පෘථිවියට යැවෙන්නේ, කක්ෂයේ ඇති මෙම ‘ටියැංවෙන් 1’යානය හරහාය.


‘ෂුරොංග්’ රෝවර් යානය ගොඩබෑම සිදුවූයේ ‘උටෝපියා ප්ලැනිටියා’ යන නමින් විද්යා ඥයන් නම් කර ඇති අඟහරුගේ ද්රෝ්ණියටය. මෙම ද්රෝපණියේ රතු පස් තට්ටුවට යටින් අයිස් තට්ටුවක් (නිධියක්) ඇති බවට විශ්වාස කෙරේ. 
ද්රෝවණියේ පස් සහ එම අයිස් සාම්පල පරීක්ෂා කරමින්, අතීතයේ අඟහරු මතුපිට ජීවීන් සිටියේ ද යන්න තහවුරු කර ගැනීම ‘ෂුරොංග්’ රෝවර් යානයේ අරමුණ බව චීන විද්යාඅඥයෝ පවසති. ‘ෂුරොංග්’ රෝවර් යානය අඟහරු මතට ගොඩබෑම ඉතා සංකීර්ණ මෙන්ම අසීරු මෙහෙයුමක් විය. ඒ, පෘථිවියේ සිට යැවෙන පණිවුඩ සහ උපදෙස්, යානයට ලැබෙන්නේ මිනිත්තු 7 ක් ගතවීමෙන් පසුව වීමය. 1976 වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු ගවේෂණයට යැවූ ‘වයිකිං 2’ රොබෝ යානය පතිත කළේ ද ‘උටෝපියා ප්ලැනිටියා’ ද්රෝවණියටය. 

 


රෝද හයකින් සමන්විත ‘ෂුරොංග්’ රෝවර් යානයට අති නවීන කැමරා පද්ධතියක් අයත් වෙයි. ඊට අමතරව, සංවේදක රැසකින් ද රෝවර් යානය සමන්විත වෙයි. අඟහරු මත ඛනිජ ද්රතව්ය හඳුනා ගැනීමට හැකි ලෙස මෙම කැමරා පද්ධතිය සකසා තිබේ. කැමරා පද්ධතියට අයත් තවත් කැමරා දෙකකින්, අඟහරු මතුපිට ඡායාරූප ගැනීම සිදු කෙරේ.


පසුගිය 2020 වසරේ ජූලි මාසයේ අඟහරු ග්ර්හයා, පෘථිවියට ළංව පිහිටියේය. ඒ අනුව, චීන අභ්යඒවකාශ ආයතනය පමණක් නොව, ඇමෙරිකාවේ නාසා ආයතනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්ය යේ අභ්යයවකාශ ආයතනයත් පෙර සැලැසුම්වලට අනුව යමින්, ගවේෂණ යානා අඟහරු වෙත යැවීම සිදු කළේය.
එසේ යැවුණු රොබෝ යානා තුන ඉකුත් 2021 පෙබරවරි මාසයේ අඟහරු වෙත පැමිණියේය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යාය, ඔවුන්ගේ අභ්යපවකාශ වැඩසටහන හරහා අඟහරු වෙත යැවුවේ ‘අමල්’ නමැති රොබෝ යානයයි. ‘අමල්’ කක්ෂීය ගවේෂණ යානයකි. 


‘අමල්’ යානය අඟහරුගේ කක්ෂයට පිවිසියේ පෙබරවාරි 9 වැනිදාය. ‘අමල්’ යානය මේ වනවිට අඟහරුගේ කක්ෂයේ රැඳී සිටින්නේ චන්ද්රිබකාවක් ලෙසය. යානය අඟහරුගේ වායුගෝලයේ දත්ත රැස් කරමින් එමිරේට්ස් විද්යාෂඥයන්ට එවීම සිදු කරයි.


ඇමෙරිකාවේ නාසා ආයතනය අඟහරු ගවේෂණයට යැවුයේ ‘පර්සිවියරන්ස්’ නමැති රොබෝ යානයයි. මෙය ද රෝවර් යානයකි. ‘පර්සිවියරන්ස්’ පෙබරවාරි 18 වැනිදා අඟහරු මතට ගොඩබෑවේය. එය ඉතා සංකීර්ණ ක්රිදයාවලියක් වූ අතර දශමයකින් හෝ වරදක් සිදුවූයේ නම් ‘පර්සිවියරන්ස්’ අඟහරු මතට කඩා වැටෙන්න පවා ඉඩ තිබුණි. ‘පර්සිවියරන්ස්’ රෝවර් යානයට සම්බන්ධ කරමින්, නාසා විද්යා ඥයන් කුඩා හෙලිකොප්ටර් යානයක් ද අඟහරු යැවීය. පෘථිවියෙන් අඟහරු ගිය පළමු හෙලිකොප්ටරය මෙයයි. ඩ්රෝකන හෙලිකොප්ටර් යානයක් වන මෙය, අඟහරුගේ වායුගෝලයේ පියාසර කරමින්, පටිගත කළ ශබ්ද තරංග පවා පෘථිවියට ලැබෙන්න සලස්වා තිබේ.

 

 

ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි