අපි ගන්නා සමහර තීරණ හරියටම හරියයි. සමහර තීරණ ජීවිතේ වළපල්ලට වැටීමටද හේතුවෙයි. ඇතැම්විට අපි ගන්නා තීරණ සීයට සීයක් නිවැරදි යැයි දැනුණ ද බාහිර සමාජය හා ඇතැම් සිද්ධි මුල් කරගෙන හොඳටම වරදින අවස්ථාද නැතිවා නොවේ.
ජීවිතේ වැරදුණත් හදාගන්නට උත්සාහ කරන අය අතරේ වැරදුණු පිට හොඳයැයි භාරගන් අයද නැතිවා නොවේ. තාරුකා එවැන්නියකි. සඳක්සේ තරුඑළිය නොවිහිදුණත් පවුල එළිය කරන්නට අඳුරු පවුල් පසුබිමට පෑයූ සඳ මඬල තාරුකාය. ඇය දුප්පත් පවුලේ එකම සිහිනය බවට පත් වූයේ නිතැතින්මය.
කෙල්ලට උගන්න ගත්තොත් ඒකි නංගිලයි මල්ලිලයි ගැන බලාවි” තාරුකාගේ මව නිතර සිතිවිලි අවදි කළාය. දවසේ කුලී වැඩකට යන සෝමාවතී දරුවන් හතර දෙනෙක් නඩත්තු කළේ ලැබෙන සොච්චම් මුදලිනි. තාරුකාගේ පියා පවුලෙන් නික්ම ගියේ බාලම මල්ලී ඉපදී අවුරුද්දකිනි.
අම්මේ මම විශ්වවිද්‍යාලෙට පාස්” උසස් පෙළේ ප්‍රතිඵල ආදා තාරුකා ගෙදරට දුවගෙන ආවේ ඉහේ මලක් පිපුණා වැනි සන්තෝසෙනි. “කොහොමද මේකිට උගන්වන්නේ” සෝමාවතී දහඅතේ කල්පනා කළාය.
“කමක් නෑ.... පුතේ.. උඹ ඉගෙන ගනින්.. පවුලේ වැඩිමලා උඹ.. කවදා හරි නංගි මල්ලිලාටත් සලකපන්... මම ඔබට පුළුවන් විදිහට වියදම් කරන්නම්.
සෝමාවතී තීරණයක් ගත්තාය. තාරුකා කොළඹට නුදුරු පළාතක තිබෙන විශ්වවිද්‍යාලයට ආවේ ඒ අවසරෙනි.
මොණරාගලට නුදුරු ගමකින් කොළඹට පැමිණි තාරුකා ඒ කොළඹට නුදුරු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නවාතැන් ගත්තාය.
ඇය කළු වුණත් “දැකුම්කලු” ය. වරක් බැලුෙවාත් දෙවරක් බලන්නට හිතෙන හිතට වදින තරුණියක වූවාය. ඒ හිරිමල් වියට විශ්ව විද්‍යාලයේ ඉහළ වසරවල අයියලා දෙතුන් දෙනෙක් අයිතිවාසිකම් ඉල්ලන්නට වූහ. මේ අතරින් කා අතරත් නම ගියෙක් බෙලන්ම ඇයගේ කැමැත්ත දිනා ගත්තේය.
ඔහු සමඟ ප්‍රේම සම්බන්ධය දලුලා වැඩෙන්නට විය.
සාගර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් මගෙන් එයා සල්ලි දෙන්න කියලා ඉල්ලුවේ නෑ. මම හිටපු මට්ටම එයා දැනගෙන හිටියා. මට එයාගෙන් ඉල්ලන්න තරම් එයාට සල්ලි තිබුණෙත් නෑ.
අම්මා කුලී වැඩ කරලා එවන සල්ලි මගේ කැම්පස් වැඩවලට ගෑවෙන්නවත් ප්‍රමාණවත් වුණේ නෑ. ඒත් සල්ලි ඉල්ල ඉල්ල කරදර කරන්න තරම් මම පහළ මට්ටමට ගියේ නෑ. එහෙම කළත් මගේ අහිංසක අම්මා කොහෙන් සල්ලි එවන්නද මහත්තයෝ. තාරුකාගේ ඇස්වලින් කඳුළක් දෙකක් කඩා වැටුණි. එ් කඳුළු බින්දු බිමට වැටෙන්නත් ප්‍රථම පිහදා ගන්නට තාරුකා දක්ෂ බව මට හැඟිණි.
මහ පොළ ශිෂ්‍යාධාරයත් පරක්කු වෙනවා. මම කෙළඹ සුපිරිපෙෙළ් සාප්පු කීපයකට ගියා. ගිහින් ගෙවල්වල ලස්සනට තියෙන විශාල මල් බඳුන් දන්නවනේ. ඒවා පේන්ට් කරලා දිග මල් කූරු හදලා වෙළඳපොළට දාන්න බිස්නස් එකක් පටන් ගත්තා. ඉතින් හොස්ටල් එකේ තියාගෙන කැම්පස් ඇරිලා ඇවිත් මල් පෝච්චි පාට කරනවා. දිග මල් කිනිති අලවනවා. රෑ වෙනකල්ම කළේ ඔය වැඩේම. දවස් දෙකක් විතර දඟලලා එක පෝචිචියක් හදාගන්නවා. මේ විදිහට මල් පෝච්චි 5ක් විතර එකතු කර ගත්තම සාප්පුවලට ගිහින් දානවා”
තාරුකා ඈත දුප්පත් යෞවනියක බව තේරුම් ගත් කාරුණික ව්‍යාපාරිකයෝ ඇගේ ව්‍යාපාරයට අත දෙන්නට දෙවරක් නොසිතූහ. ඒ මදිවාට ඔවුන්ට හිතවත් තවත් ව්‍යාපාරික තැන්ද ඇයට හඳුන්වා දුන්හ.
දැන් මට ඕඩර් වැඩි වුණා. ඊට පස්සේ හොස්ටල් එකේ මගේ යාළුවෙක් එක්ක එකතු වෙලා මල් පෝච්චි හදනවා. එයාලටත් ඒක හොඳ ආදායම් මාර්ගයක් වුණා. ඔතැනින් ගොඩයන්න හොඳටම අවස්ථාව තියෙද්දී තමයි. ඇය දිග හුස්මක් උඩට ගත්තා පෙනුණි. එය පහළට හෙළන අයුරුවත් මට නොපෙනිණි.
“සාගර එක්ක මම තනි වුණු අවස්ථා කීපයක් තිබුණා. දවසක් සාගර අතින් මා ගෑනියකු වුණා. එතැනින් පස්සේ කර කියා ගන්න දෙයක් නැතිව මම ඇඬුවා. මාස කීපෙකින් සාගර මාව දාලා ගියා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු එයාට මාව සෙල්ලම් බඩුවක් තරම්වත් ගාණක් තිබුණේ නෑ. අන්තඅසරණවෙලත් අඬ අඬා මල් ව්‍යාපාරය දිගටම කරගෙන ගියා”
දවසක් මම මල් බඳුන් දාන කොළඹ පොඩි සාප්පුවක මල් බඳුන් වගේක සල්ලි ටිකක් ගන්න ගියා. එදා ලොකු සර් හිටියෙ නෑ. සර්ගෙ පුතා හිටියෙ”
“ලොකු සර් නැද්ද? මම අැහුවා.
“නෑ අද ඉන්නේ පොඩි සර්” කියලා එයා හිනා වුණා.
“ඇයි නංගි”
“මම තමයි මේ මල් පෝච්චි දාන්නේ. ගිය මාසෙ සල්ලි ගන්න ආවේ” කිවුවා.
එයා පොත පෙරළලා, තාත්තාටත් කෝල් කරලා මගේ ගාණ ගෙව්වා. වැඩිපුරත් කීයක්දෝ දුන්නා. මම එන්න හදද්දී එයා මගේ මොබයිල් අංකය ඉල්ලා ගත්තා. ලොකු සර් හොඳ නිසාත්, ඒ අය හොඳ මට්ටමක අය නිසාත් මම නොම්බරේ දුන්නා”
එතැනින් පසු තාරුකාගේ ජංගම දුරකථනයට ඉවරයක් නැති විය.
“මම අර ෂොප් එකේ, පුතා මගේ නම දෙනුවන් මම ආසයි ඔයා අඳුන ගන්න”
තාරුකා උඩ බිම බැලුවාය. මොකක්ද ඒ පාර වෙන්න යන්නේ.. ඇය කීපවිටක් මඟ ඇරියත් දෙනුවන් කෙසේ හෝ තාරුකාව දුරකථනය හරහා දිනාගන්නට සමත් වූයේය.
සාගරගෙන් පසු තාරුකා දෙවැනි ආදර කතාව සලකුණු කරමින් එකතු වූයේ දෙනුවන් සමඟය.
සල්ලිවලින් පෝසතකු වූව දෙනුවන් කීවේම ඇගේ පවුල් පසුබිම තමාට හෝ පවුලේ අයට කිසිම ගාණක් නැති බවය. සුපිරි වාහනයකින් විශ්වවිද්‍යාලය ළඟට එන දෙනුවන් ඇයව නංවාගෙන මාස කීපයක් තුළ නොගිය තැනක් නැත. ලොකු ලොකු අවන්හල් හෝටල් තාරුකා දුටුවේ දෙනුවන් මාර්ගයෙනි.
දෙනුවන් මට සල්ලි දුන්නා. ඒ නිසා මල් පෝච්චි බිස්නස් එක මගේ යාළුවාට පවරලාම දුන්නා. එයා ඒක කරගෙන ගිහින් අද ඇය හොඳ ව්‍යාපාරිකාවක්. මම එයාට ඊර්ෂ්‍යා කරන්ෙන් නෑ”
“දෙනුවන් සහ මම අවුරුද්දක් දෙකක් විතර ආශ්‍රය කළා. එයා මගේ හැම විස්තරයක්ම දැනගත්තා. ඒත් අතඇරියෙ නෑ, එයාගෙ පෙම්වතිය විදියට, යාළුවෝ එකතුවෙන පාටිවලට ගියා. සමාජ ශාලාවලට ගියා. මම ටිකක් බොන්නත් පුරුදු වුණා. එහෙම නැතුව දෙනුවන්ගේ සමාජයේ එයාගෙ යාළුවෝ අතර ඉන්න බෑ. යාළුවන්ගේ පෙම්වතියොත් සේරම බොනවා. ඉතින් රෑ වෙනකල් පාටිවල ඉඳලා පාන්දර මාව එක්ක එනවා. දෙනුවන් මට වෙනම එළියෙන් හොඳ පහසුකම් තියන කාමරයක් අරන් දීලා තිබුණා.
තාරුකාගේ ජීවිතය ඇයට නොදැනීම වෙනසකට නතු වෙමින් තිබිණ. දවසක් දෙනුවන් තාරුකාද සමඟ ඇගේ ගෙදරද ගියේය.
ඇය කී දෙයින් ඔබ්බට යමක් දැන ගත්තේ නම් දෙනුවන්ට යථාවබෝධය ලැබුණේ එදාය.
සල්ලාලකමට, විනෝදයට ඇබ්බැහි වූ දෙනුවන් එය සංවේදී ඇසින් බැලුවේ දැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. එය ඉතිරි කොටස කියවන විට එය ඔබට හැඟෙනු ඇත.
“දෙනුවන් වගේ කෙනෙක් ගෙදර අවාම අම්මා බය වුණා. අපි ගියේ එයාගේ තාත්තාගේ ප්‍රාඩෝ එකක. මම කිව්වා “අම්මේ බය වෙන්න එපා, දෙනුවන් හොඳයි” කියලා.
මේ විදියට මාස කීපයක් ගත වෙද්දී මට පුදුම වැඩක් වුණා”
“තාරු.. ඩාලිං අද නයිට් පාටියක් තියනවා. ඔයා එන්න” දෙනුවන් කිව්වා.
“කොහේද”
එයා කිවුවේ කොළඹ ගාලු පාරේ බීච් එක ළඟ පොඩි හෝටලයක්.. මම ගියා. එදා ගෑනු ළමයින්ට හිටියේ මමයි තව ගර්ල් කෙනෙකුයි. එදා හිටපු යාළුවොත් වෙන කට්ටියක්. එ්ත් බය වෙන්න දෙයක් නෑ, දෙනුවන් ඉන්නවනේ. මම ඇඳන් ගියෙත් ෂෝට් එකකුයි, ටීෂර්ට් එකකුයි.
එදා කට්ටිය බිව්වා. ඒ බොන අතරේ මමයි, අර ගර්ලුයිත් ටිකක් බීවා.
ඊට පස්සේ මට වුණු දේ මතක නෑ හරියටම. හොඳටෝම මාව මත් වුණා. වෙනදට එහෙම කවදාවත් වෙලා නෑ. මම හිතන්නේ, අපි දෙන්නටම මත් වෙන්න මොනවා හෝ දෙයක් දැම්මා කියලා.
දෙනුවන්ගෙ යාළුවෝ දෙතුන් දෙනෙක් මාව වාහනයක නංවාගත්තා වගේ මතකයි. පාන්දර මාව රූම් එකට අැරලවලත් තිබුණා. මේ සිද්ධිය වුණාට පස්සේ උෙද් මට හරි අමාරුයි. මට තේරුණා සිද්ධ වුණු දේ.
දෙනුවන්ට ගත්තා. එයා ආන්සර් කරන්නේ නෑ. දවසක් දෙකක් තුනක්, සතියක් ගෙවුණා. දෙනුවන් එන්නේ නෑ. කෝල් ආන්සර් කරන්නේ නෑ. මැරෙන්න තරම් හිතුණා. හම්බවෙන්න ගියත් මඟඅරින බව තේරුණා. දැන් මොකද කරන්නේ?
“මැරෙනවද, මැරි මැරී හෝ ජීවත් වෙනවද” තාරුකා කල්පනා කළාය.
“මැරුණොත්? අහිංසක අම්මා කුලී වැඩ කරලා විඳපු දුකට ශාපයක් කළා වෙනවා. නංගිලයි, මල්ලිලයි බලාගන්න මට දුන්න වගකීම ඉෂ්ට කරන්න ඕනේ.”
“මල් ව්‍යාපාරය දිහා බැලුවා. ඒක දැන් මට අයිති නෑ. ෂෝට් කලිසම් ඇඳන් නයිට් ක්ලබ් ගිය මට ස්පා එකක් කජ්ජක්ද? කියලා කොළඹ ස්පා එකකට සෙට් වුණා.”
“දෙනුවන් හරහා අඳුනගත්ත බෝයි, කෙනෙක් මට වියදම් කරන්නම් කිව්වා.
“නංගි ඔයා ස්පා එකක් පටන් ගන්න. ගර්ල්ස්ලා හොයාගෙන කියලා”
“මොන චාන්ස් එකක්ද මේ”
ස්පා එකක් සමඟ පුරුෂ අවශ්‍යතා පිරිමහන තැනක් පටන් ගත්තා”
ඒත් වැඩි දවසක් ගියේ නෑ. මාව බරපතළ චෝදනා කිපයක් යටතේ අත්අඩංගුවට පත් වුණා. මගේ රස්සාව ගැන අම්මලාට විතරක් නෙවෙයි ගමේම ආරංචියි. අද ඒ අය ගමෙන් කොන් වෙලා. මගේ ජීවිතේ එහෙම් පිටින්ම විනාශ වෙලා. මම දැන් සමාජයට වෛර කරනවා” තාරුකා කී කතාවයි.
බියකරු විසම සමාජය තුළ වරදින මොහොත දුර නැත. හැඟීම් සිය ගාණක් හොඳ වුණත් වරදට හැරෙන එක සිතිවිල්ල සදාකාලික වරදක් දක්වා ඔබ රැගෙන යා හැකිය. තාරුකාට සිදු වූයේ එවැනි අඳුරු ඉරණමකි. ඇය තවමත් මේ අතරමං වූ කොළඹ අහස යට අනාගතයක් සොයන්නියකි.
සත්‍ය කතාවක් ඇසුරෙන් කතාව ගොඩනගා ඇත.
නම් ගම් මනඃකල්පිතය.
සටහන - අසංක ආටිගල