අභ්‍යවකාශතරණය ඉන්දියාවට ආගන්තුක නැත. ඉන්දියාව ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ‘ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය’ හෙවත් ‘අයි.එස්.ආර්.ඕ’ හෙවත් ‘ඉස්රා’ යටතේය. 1969 වසරේ පිහිටුවූ මෙම ආයතනය යටතේ ඉන්දියාව අභ්‍යවකාශය ජය ගැනීමට සමත් විය. ඉන්දියාව අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා යොදා ගත හැකි ආකාරයේ ෂටලයක් නිර්මාණය කර ඇති අතර, එය සාර්ථකව අත්හදා බැලූ බව ද පැවැසෙයි. මෙම ෂටලය නිර්මාණයට වසර පහක කාලයක් ගතවී තිබේ. මෙය සියයට සියයක්ම ඉන්දියාවේ නිෂ්පාදිත ෂටලයක් වීම සුවිශේෂී කාරණාවකි. ෂටලය නිර්මාණයට විද්‍යාඥයන්, ඉන්ජිනේරුවන් සහ තාක්ෂණවේදීන් ඇතුළු 600 කට වැඩි පිරිසකගේ දායකත්වය ලැබී ඇතැයි ද පැවැසෙයි.
ෂටල යනු යළි යළි භාවිතා කර හැකි අභ්‍යවකාශ යානයකි. ගගනගාමීන් සහ භාණ්ඩ අභ්‍යවකාශයට (පෘථිවි කක්ෂයට) ගෙන යෑමටත් යළි පෘථිවියට ගෙන ඒමටත් ෂටල යොදා ගනී. මෙය අභ්‍යවකාශ බස් රියක් හා සමානය. ලොව වඩාත් ප‍්‍රකට ෂටල වැඩසටහන කි‍්‍රයාවට නැගුවේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. වසර 30 කට පසු එම ෂටල වැඩසටහන මීට වසර කිහිපයකට පෙර අවසන් විය. ෂටල සියල්ල විශ‍්‍රාම යැවීමට ඇමෙරිකන් රජය පියවර ගත්තේය.
ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ෂටලය පළමුවෙන් ලොවට හඳුන්වා දීම සිදු කෙරුණේ එරට කේරළ ප‍්‍රාන්තයේ කුඩා ධීවර ගම්මානයක් අසල පිහිටුවා ඇති ගුවන් යානා රැඳවුම් අංගනයකදීය. ඉන්දියාව ඔවුන්ගේ මෙම ෂටල වැඩසටහන ආරම්භ කළේ මීට දශකයකට පෙර, තිරුවාන්නන්තම්පුරම්හි වික‍්‍රම් සරාභානී අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගිනි. ඉන්දියාව ඔවුන්ගේ රොකට්ටු නිර්මාණය කරන්නේ ද මෙම මධ්‍යස්ථානය යටතේය. මීටර් 6.5 ක් දිග මෙම ෂටලය ටොන් 1.75 ක් බරැතිය. මෙම ෂටලය නිපදවීමට ඉන්දීය රුපියල් කෝටි 95 ක් වැය වී ඇත. තවම පර්යේෂණ මට්ටමින් මෙම ෂටල ඉදි කෙර්. පසුගිය 23 වැනිදා සාර්ථකව ගුවන් ගත කළේ ද පර්යේෂණ මට්ටමේ තිබුණු ෂටලයකි. මෙම ෂටල වාණිජ මට්ටමින් භාවිතා කිරීම 2030 දී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. ෂටලය ගුවන් ගත කෙරුණේ ඉන්දියාවේම නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙනි. ෂටලයක් ගුරුත්වාකර්ෂණ බලය බිඳ ඉහළ අභ්‍යවකාශයට යැවෙන්නේ අධි බලැති රොකට්ටු ආධාරයෙනි.
ෂටල වැඩසටහනට කලින් ඇමෙරිකාව අභ්‍යවකාශ තරණය සඳහා යොදා ගත්තේ රොකට්ටුය. එම රොකට්ටු සහ ඒවා මගින් අභ්‍යවකාශයට විදිනු ලැබූ ගගන යානා භාවිතා කළ හැකි වුණේ එක් වරක් පමණි. ඉන්පසු ඒවා කසළ ගොඩට විසි කෙරුණි. එහෙයින්, අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවිය. ෂටල නිර්මාණයට ඇමෙරිකන් නාසා ආයතනය යොමු වූයේ ඒ අනුවය. ඉන්දියාව ද ඔවුන්ගේ ෂටල වැඩසටහන ආරම්භ කළේ එවැනි අරමුණින්ය. ෂටල වැඩසටහනට ප‍්‍රධාන රොකට්ටුවක් අතිරේක රොකට්ටු කීපයක් සහ ගගනගාමීන් රැගෙන යන ගගන යානයක් ඇතුළත් වෙයි. මේ සියල්ල යළි යළිත් පරිහරණය කළ හැකිය. ෂටල වැඩසටහන මගින් අභ්‍යවකාශ ගමන සියයට 90 කින් කපා හැරිණි. බිලියන ගණනක් වැයවන අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ඒක ලොකු ඉතිරියකි.
ගගන ෂටල පෘථිවියේ සිට අභ්‍යවකාශයට විදීම සිදු කරනු ලබන්නේ රොකට්ටුවක් යොදා ගෙනය. ඒ ෂටල ආපසු පෘථිවියට එන්නේ පා ෙවමිනි. ගුවන් යානයක් වගේ පියාසර කරමිණි. එය ධාවන පථයක් මත පතිත කිරීම සිදු කරන්නේ ද ගුවන් යානයක් හා සමානවය. අභ්‍යවකාශයට යන ෂටලය විශාල පියාපත් ඇති ගුවන් යානයකි. ගගන විද්‍යාඥයන් මේ යානය හඳුන්වන්නේ ‘ ඕබිටර්’ යන නමිනුයි. ඒ, එය පෘථිවි කක්ෂයට ගමන් කරන නිසාය. පෘථිවි කක්ෂය ඉංගී‍්‍රසි බසින් ඕබිට්ය. ඇමෙරිකන් ෂටලවල ගගනගාමීන් හත් දෙනකුට ඉඩ පහසුකම් තිබුණි. භාණ්ඩ රැගෙන යෑමට ඉඩ කඩ තිබුණි. ඕබිටර් යානය ප‍්‍රධාන ඇන්ජින් තුනකින් සමන්විත විය. ඒවාට ලැබෙන ඉන්ධන අසුරා තිබුණේ විශාල ඉන්ධන ටැංකියකය. ෂටලවලට පෘථිවි කක්ෂයෙන් ඔබ්බට යන්න හැකියාවක් නැත. ඒවාට සඳටවත් යෑමට නොහැකිය. යා හැකි උපරිම දුර කක්ෂයට පමණි.
ලුසිත ජයමාන්න
එන්.ඞී.ටීවී ඇසුරිනි