බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් රත්මලාන ඉතා ජනාකීර්ණ වටපිටාවක් ඇති නාගරික ප්‍රදේශයකි.
එසේම රත්මලාන දිගු ඉතිහාසයකට ද උරුමකම් කියන ප්‍රෙද්ශයකි. ඈත ඇතීතයේ රත්මල්වලින් ගහණ වූ කැලෑවක් තිබූ නිසා රත්මලාන වූ බවට අදටත් රත්මලානේ ජීවත් වෙන පැරැන්නෝ පවසති. රත්මල් + ආන රත්මලාන වූ බවට තවදුරටත් තහවුරු කිරීමේදී බොහෝ ගම්වලට ‘‘ආන’’ යන නම අගට යෙදී ඇත. ‘‘ගොරක + ආන’’ යන නම අගට යෙදී ඇත. ‘‘ගොරක + ආන’’ (ගොරක වනය) ගොරකාන වූ බවත් ‘‘දෙමට + ආන’’ (දෙමට වනය) දෙමටාන වූ බවත් පැහැදිලි වේ. මේරූ ගස් ඇති කැලය මුකලානයි ‘‘මුකළ’’ යන පදය ඉවත් කළ විට ඉතිරිවන ‘‘ආන’’ යන්න කැලයයි. ඒ අනුව රත්මලාන යනු රත්මල් කැලය බව පැහැදිලි වනු ඇත.
රූස්ස ගස් හා කැලෑවලින් ගහණ වූ අඩි පාරවල් පසුව කරත්ත පාරවල් බවට පත් වූයේ වෙළඳාමත් සමගය. මුලින්ම වේරැස් ගඟ හා බොල් ගොඩ ඔය හරහා ඔරු පාරුවලින් වෙළෙඳාම කරගෙන ගිය අතර පසුව කරත්ත පාරවල් දිගේ කරත්තකරුවන් හරහා නගරගම් නියම්ගම්වලට වෙළෙඳාම ආරම්භ වූ බව ඉතිහාසගත කරුණුවලින් පැහැදිලි වේ.
ඈත අතීතයේ රත්මලාන මිනීමැරීම් මං පැහැරීම හා හරක් හොරකම් ආදී දුරාචාරවලින් බහුල ප්‍රදේශයක් වූ බව පැරණි කරත්තකරුවන්ගේ කරත්ත කවියකින් පැහැදිලි වේ. ඒ කවිය මෙසේ
බොෙහාම දුකයි සිහිවන විට මගේ ගොනා
සිලිම සිලිම එක්කරලා ගත්තු ගොනා
මැරුවෙ රත්මලානේ කොටි ජුවන් ගොනා
බැරිය වාගන්ට සිහිවෙයි මගේ ගොනා.
ජුවන් නමැති රත්මලානේ ජීවත් වූ ගම්වැසියකුට කොටි ජුවන් නම පටබැඳී ඇත්තේ ඔහුගේ ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලිය. එවැනි ගති පැවතුම්වලින් හෙබි මිනිසුන් එකල රත්මලානේ වාසය කොට ඇත.
රත්මලානේ පුරාණය ගැන කථා කිරීෙම්දී රත්මලාන පුරාණ විහාරාධිපති පණ්ඩිත හෙවෙස්සේ නන්දාරාම නාහිමියන් ඒ අතීත සිදුවීම් ගෙනහැර පෑවේ මෙසේය.
‘‘දෙවුන්දර සිට දැදිගමට යැවූ තිසර සංදේශයේ මාපා පටුන දෙකක් ගැන සඳහන් කරලා තියෙනවා. එකක් දෙවුන්දරටත් මාතරටත් අතරේ පිහිටි මාපා පටුනත් අනෙක මොරටුවත් කොළඹත් අතරේ පිහිටා තිබූ මාපා පටුනත්.
නෝපා පෙළින් සුලකල මැදුරැති නොමඳ
මීපා ලෙසින් යන ලිය තෙක්් කැන් පබඳ
මාපා පටන් වැද කුරු රැව් සමන තද
තාපා සතපමින් යාගන් මඳක් හිඳ
මෙයින් පැහැදිලි වන්නේ ගම්පොළ යුගයේදී පවා නාගරික සිරියෙන් පිරුණු දියුණු ප්‍රදේශයක් එකල රත්මලානේ පැවැති බවයි. ‘‘මාපනේ’’ යනු පෘතුගීසින් රත්මලාන ප්‍රදේශයට ව්‍යවහාර කළ නාමයයි.
කෝට්ටේ රාජධානිය පැවැති අවධිෙය් රත්මලාන උසස් තත්ත්වයක පැවැති බවට සාධක ඇත. එහෙත් පෘතුගීසි ආක්‍රමණවලින් පසු වෙහෙර විහාර විනාශ මුඛයට පත්වීමත් සමග සිංහල ජනයා මුහුදුබඩ ප්‍රදේශ අතහැර රයිගම ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වන්නට පටන් ගෙන ඇත. තනතුරු ලෝභය නිසා කතෝලික ආගම වැළඳගත් සුළු පිරිසක් පමණක් මෙහි රැඳී සිටි බව ඉතිහාසගත කථා ප්‍රවෘත්තිවලින් පැහැදිලියි.
පෘතුගීසින් මෙන්ම ලන්දේසින්ගේ ප්‍රධාන ආර්ථික භෝගය වූ කුරුඳු වගාව මේ ප්‍රෙද්ශයේ සශ්‍රිකව පැවැති බව පැහැදිලියි. රත්මලානේ පුරාණ විහාරයට ඒ කාලයේ 1800-1815 වැනි වර්ෂවල කුරුඳුවත්තේ විහාරය වශයෙන් ව්‍යවහාර කරලා තිබෙනවා. විශාල කුරුඳුවත්තක් මැද තමයි අපේ පංසල ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒ කාලේ ලියුම්වල පවා රත්මලානේ කුරුඳුවත්තේ විහාරය යනුවෙන් සඳහන් කරලා තමයි ලියුම් එවලා තියෙන්නේ.
රත්මලාන යනු බොදු පුනරුද ව්‍යාපාරයේ ක්ෂේමභූමියක් වූ පුරවරයක්. ගෞරවණීය වලානේ සිද්ධාර්ථ නාහිමියන් ඇරඹූ ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයේ මූලස්ථානය වූයේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණයි. උන්වහන්සේගේ ශිෂ්‍යවරයාණන් වහන්සේලා දෙනමක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හා රත්මලානේ ධර්මාලෝක යන නාහිමිපාණන් වහන්සේලා ඇරඹි ධර්ම ශාස්ත්‍රීය ආලෝකය ගම්නියම්වල පවා දියුණු තත්වයට පත් විද්‍යාස්ථාන දැකීමෙන් එහි ප්‍රතිඵල දැනගැනීමට පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේත් ආරම්භය සළකුණු කළේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණයි. 1948 ඔක්තෝබර් 17 වැනිදා අපේ විහාරස්ථානයේදී හිටපු අගමැතිවරයෙකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සිදුකළ කථාවකින් රත්මලානේ අතීතය ගැන තොරතුරු දැනගැනීමට පුළුවන්. එතුමාගේ කථාව මෙහෙමයි.
‘‘මගේ දේශපාලන ජීවිතය ආරම්භ වුණේ මේ විහාරස්ථානයෙන්. ‘‘මේ විද්‍යාස්ථානය හිමි නායක මාහිමියන් වහන්සේ රටට ජාතියට හා ආගමට සේවය කළ යුතු යැයි මට කරන ලද අවවාදය පිළිගැනීම නිසා මම අද ඇමැතිවරයෙක් වශයෙන් කථා කරනවා.
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් දෙවැනි වතාවට රත්මලානේ පුරාණ විහාරයේදී පැවිදි වූ අයුරු.
මම රත්මලානේ පදිංචියට එද්දී පැවතුණේ බියකරු තත්ත්වයක්. සවස හයෙන් පසුව පාරක ගමන් කිරීම ජීවිතයට ඇති ආශාව අතහැර කළ යුතු දෙයක්. ඒ දාමරික ක්‍රියා සියල්ල නැති වුණේ අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසයි. ළමයින්ට අධ්‍යාපනය ලබාදෙන්න හොඳ විදුහල් දෙකක් උන්වහන්සේ දියුණු කළා. ඒ ධම්මාරාම ඉංග්‍රීසි පාසල වගේම ධම්මාරාම සිංහල පාසල. මේ දෙකෙන්ම ඉගෙනුම ලැබූ දරුවෝ යහපත් ගුණධර්ම පුරුදුවීම නිසා කලින් පැවති තත්වය ටිකෙන් ටික වෙනස් වෙලා ගියා. අහස් නැව් තොටුපොළ විශාල කිරීමෙන්ද බාලක ශිල්ප හමුදාව පුහුණුකිරීමේ ස්ථානයක් ඇති කිරීමෙන්ද වාරිකර්මාන්ත වැඩපළ තවත් දියුණු කිරීමෙන්ද රත්මලාන ලොකු නගරයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා’’
සර් ජෝන් කොතලාවල හිටපු අගමැතිවරයාගේ කථාවෙන් රත්මලාන අතීතයේ පැවැති ආකාරය අපට හොඳින් පැහැදිලි වෙනවා.
තවදුරටත් ඒ අතීතය ගැන පැහැදිලි කළොත් රත්මලානේ පැවැති දරුණු ක්‍රියා නිසාම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් මියුනිටි (Meaunity Police) පොලිසියක් ඇති කරන්න යෝජනා කරලා තියෙනවා. මියුනිටි පොලිස් යනු ගම්වැසියන්ගේ වියදමින් නඩත්තු කළයුතු පොලිසියක්. ඒ පොලිසියේ වියදම් ගම්වාසීන් ගෙවිය යුතුයි. ඒ කාලේ ගම්වාසීන්ට එවැනි පොලිසියක් නඩත්තු කිරීමට අපහසු කාලයක්. එවැන්නක් නොව එවැනි පොලිසියක් ලංකාවේ කොතැනකවත් ෙනාතිබූ නිසා එබදු පොලිසියක් ඇති කිරීමත් ගමටත් මහා අපකීර්තියක් නිසා අපේ පංසලේ හිටපු නායක හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා ඒක වෙනස් කිරීමට වුවමනා කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේගේ මූලික අරමුණ වෙලා තිබුණේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමෙන් මෙය වෙනස් කළ හැකි බවයි. ඒ අනුව රත්මලානේ විදුහල් ඇති කොට වැඩි දියුණු කිරීමට වහා පියවර ගත් බව රත්මලානේ ඉතිහාසය සොයා බැලීමේදී දැන ගැනීමට පුළුවන්. ඒ කටයුත්තේදී සර් ඩී.බී. ජයතිලක මැතිඳුන් මෙන්ම සර් ජෝන් කොතලාවල හිටපු අගමැතිඳුන්ගෙන් කිරිගල්පොත්තේ ඉන්දජෝති අපේ නායක හාමුදුරුවන්ට ලොකු ශක්තියක් හා සහයෝගයක් ලැබිලා තියෙනවා.
මුලින්ම බෞද්ධ භික්ෂුවක් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වෙලා තියෙන්නේ රත්මලානේ පරමධම්මචේතියෙන් ඉගෙනගත් හිමිනමක් තමයි. උන්වහන්සේ පස් යොදුන් කෝරළයේ සූරියගොඩ නමැති ගමෙන් බිහි වූ සූරියගොඩ සුමංගල කියන හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ වියත් යතිවරයාණන් වහන්සේ නමක්. භාෂා කිහිපයක දැනුම තිබූ භාෂා විශාරදයෙක්. පසුකාලීන උන්වහන්සේ උපැවිදි වුණා. උපැවිදි වෙලා සුමංගල සූරියගොඩ නමින් කටයුතු කළා. හිටපු ඇමැතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පියාවූ ඩී.ඩී. ඇතුලත්මුදලි මහතා එංගලන්තයේ ඉගෙනුම ලබද්දී සූරියගොඩ සුමංගල හාමුදුරුවෝ ඒ මහතාගේ හොඳ මිතුරෙක් වෙලා තියෙනවා. ඩී.ඩී. ඇතුලත්මුදලි මහතා නීතිඥයකු වශයෙන් දිවුරුම් දී උසාවියේ කටයුතු කරමින් සිටියදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අගලවත්ත ආසනයට තරග කළා. ඒ මහතාගේ ප්‍රතිවාදියා වුණේ නිදහස් අධ්‍යාපනයේ පියා වූ සී.ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර මහතා තමයි. ඒ අවස්ථාවේදී තවත් අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වුණේ ඩී.ඩී. ඇතුළත්මුදලි මහතා සමග එංගලන්තයේ ඉගෙනුම ලැබූ මිතුරෙකු වූ සුමංගල සූරියගොඩ මහතායි. ඒ මැතිවරණයේදී ඩී.ඩී. ඇතුළත් මුදලි මහත්තයා ජයගන්නවා. මේ සිදුවීම රත්මලානට සම්බන්ධ වුණේ 1977 දී හාපුරා කියා රත්මලාන නම් අලුත් මන්ත්‍රී ආසනයෙන් අලුත් මන්ත්‍රීවරයෙක් බිහිවුණා. ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති ලේකම් හා පුස්තකාලාධිපති ධුරය දැරූ ලලිත් විලියම් ඇතුලත්මුදලි මහතායි. ඔහුගේ පියා මතුගම සහ අගලවත්ත ආසනවලින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ඩී.ඩී. ඇතුළත්මුදලි මහතායි.
ලලිත් ඇතුලත් මුදලි කියන දේශපාලනඥයා ගේ දේශපාලන ජීවිතයට රත්මලාන ආසනය විශාල ශක්තියක් වූවා සේම රත්මලාන නවෝදයේ පෙරගමන්කරු වූයේද ලලිත් ඇතුලත්මුදලි කියන චරිතය බව මේ මොහොතේ සඳහන් කළ යුතුව ඇත. ජාතික නිදහස් සටන වෙනුවෙන් කවිය අවියක් කොටගෙන සිංහල ජාතිය අවදි කළ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් දෙවන වරට මහණ වූයේ අපේ විහාරස්ථානය වන රත්මලාන පුරාණ විහාරස්ථානයේ දී තමයි.
උන්වහන්්සේ අළුබෝමුල්ල පංසලේ වාසයට පෙර බොහෝ කලක් අපේ පංසලේ වැඩ වාසය කරලා තිබෙනවා. එයත් රත්මලානට ගෞරවයක් ගෙන දෙන්නක්. තව දුරටත් රත්මලාන ගැන සඳහන් කිරීමේදී පරමධම්මචේතිය පිරිවෙෙණ් වැඩ සිටි වලානේ සට්ඨිස්සර නායක හාමුදුරුවෝ රත්මලානට විදුහල් කිහිපයක් හදලා දීලා තිබෙනවා. ඒ අතර හේනපාර විදුහලද අයත් වෙනවා. උන්වහන්සේගේ යුගයේම ගුණපාල මලලසේකර ශූරින්ගේ යෝජනාවකට අනුව ගොඩනැගු පරිවෙණාචාර්ය අභ්‍යාස විදුහලද පිරිවෙන් ගුරුවරුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට පිටුබලයක් වුණා.
පිරිවෙන් අභ්‍යාස විදුහලේ විදුහල්පති ධුරය දැරූ හිමිවරු අතර පිඹුරේ සෝරත, මැදගම වජිරඥාන යන නාහිමිවරු මා මතකයේ ඇත.
රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණේ අධිපතින් වහන්සේලා අතර හෙළ කලා කෙත පෝෂණය කළ කලාශූරී මාපලගම විපුලසාර නාහිමියන්ගෙන් රත්මලානට සිදුවූ මෙහෙවරද මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. බුදු පිළිම නෙලීම වගේම රාජ්‍ය උත්සව දක්වා ගොක් කොළ සැරසිලි වගේ දේශීය කලාත්මක අංග ජාත්‍යන්තරයට ගෙන යෑමට ක්‍රියාකළේ මාපලගම විපුලසාර හාමුදුරුවන් බව අවසන් වශයෙන් හෙවෙස්ෙහ් නන්දාරාම නායක හාමුදුරුවෝ පැවසූහ.
රත්මලානේ ඉපදී රත්මලානේ හැදී වැඩී අදටත් රත්මලානෙම ජීවත්වෙන ලංකා දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රෙජි ෙෆාන්සේකා රත්මලානේ පුරාණය ගැන අදහස් දැක්වූයේ මෙසේය.
‘‘මම මුලින්ම ඉස්කෝලේ ගියේ රත්මලානේ ධම්මාරාම ඉංග්‍රීසි විදුහලට තමයි. ඒකාලේ අද වසා දමා ඇති රත්මලානේ විජිත සිනමා හලේ පිටු පස්සේ ලොකු කැලෑවක් තිබුණ. ඒ කැලෑවේ මාදං හිඹුටු පේර වගේ පලතුරු වර්ග තිබුණ. ඒවා කන්න අපි ඒ කැලේට රිංගනවා. අපේ කමිසවල සාක්කුවල මාදං පුරවගෙන කනවා. ඇඳුම්වල මාදං කහට යන්නේ නැහැ. දත්වලත් එහෙමයි. නමුත් පුංචි අපි ඉතාම ආශාවෙන් මාදං කඩනවා. කනවා. එහෙම තමයි මේ රත්මලානේ අපේ ළමා කාලය ගෙවුණේ.
රත්මලාන ගුවන්තොටුපළ අගමැති ඩී.එස්. සේනානායක මහතා විවෘත කිරීමට පෙර පන්සිල් සමාදන් වූ අයුරු. සර් ජෝන් කොතලාවල මහතාද අසලින් සිටී.
අපි පුංචි කාලේ සර්ජෝන් කොතලාව මහත්තයාගේ වලව්ව බලන්න යනවා. එ්ක හරිම ලස්සන පුංචි සතුන් වත්තක්. මුවෝ ගෝන්නු මොනරු විවිධ වර්ගයේ කුරුල්ලෝ ඒ පරිසරයේ හිටියා. ලස්සන වැවක් තිබුණා. අපි ඒකේ පැනලා නානවා. වැව සමග හමන සුළගේ සිරිය විඳින්න ස්ථානයකුත් වලව්වෙන් හදලා තිබුණා. ඒ පරිසරයේ පුදුම ලස්සනක් තිබුණා. ඒ සුන්දර මතකය අවදිකිරීෙම්දී සිතට පුදුම සතුටක් දැනෙනවා. කටුනායක ගුවන් තොටුපොළ ඇතිවෙන්න පෙර කොළඹ ප්‍රධාන ගුවන් තොටුපළ වුණේ රත්මලානයි. රත්මලානේ දියුණුවට ගුවන් තොටුපළත් හේතුවුණා.
ඊළඟට දුම්රිය ප්‍රධාන වැඩපොළ රත්මලානේ තියෙන්නේ. දුම්රිය ඇන්ජින් අලුත්වැඩියා කටයුතු කරන්නේ මෙතැනින් තමයි. 1970 සමගි පෙරමුණ ආණ්ඩුව කාලේ දුම්රිය මැදිරි පවා රත්මලානේ හැදුවා. පසුව ඒවා පෞද්ගලික අංශයට දුන්නා. අදටත් දුම්රිය සේවකයන් වෙනුවෙන් තැනු දුම්රිය නිවාස 350ක් 400 අතර ගණනක් තිබෙනවා. දුම්රිය නිවාස යෝජනා ක්‍රමය වගේම දුම්රිය ක්‍රීඩාංගණය මේවා ආරම්භ කළේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහත්තයා තමයි. අද රත්මලාන ලංගම ඩිපෝව ඒ කාලේ සිරිල් ද සොයියා මහතාට අයිති ‘සවුත් වෙස්ට්’ බස් සමාගමේ බස් ඩිපෝව සමග ගරාජය තිබුණා. ඉස්සර ශාන්ත රීටා පාර අසල කරත්තකරුවන්ගේ නවාතැන්පොළක් ද තිබිලා තිබෙනවා. රත්මලානේ ශාන්ත රීටා පාරේ කතෝලිත දේවස්ථානයේ ඒ කාලේ ප්‍රසිද්ධ මිනීමැරුමක් සිදුවුණා. පෝලින් කෲස් නමැති බර්ගර් ජාතික කාන්තාවක් පිරිමි ළමයෙක් ළිඳට දමා මරා දැමීමේ සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩුදුන් මිනීමැරුමක් වුණා. ඒකට කිව්වේ
‘කිරඹකන්ද මිනී මැරුම් නඩුව’ කියලයි. දේවස්ථානයේ අන්නවිරාළගේ සාක්ෂියෙන් ඒ නඩුව ඔප්පු වෙනවා. බර්ගර් ජාතික පෝලින් කෲස් නමැති කාන්තාව හිරේට යනවා. ඒ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනි සිටියේ පසුව ඇමතිවරයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වූ අභාවප්‍රාප්ත ටිරෝන් ප්‍රනාන්දු මහත්තයා තමයි. රත්මලාන එක පැත්තකින් කර්මාන්ත පුරයක්. දේශීය නිෂ්පාදන අතර මැලිබන් විස්කෝතු කර්මාන්ත ශාලාව රත්මලානට ආශිර්වාදයක්. මැලිබන් හන්දිය කියලා ඒ හන්දිය අද ඉතාම ජනප්‍රිය හන්දියක් වෙලා තිබෙනවා.
මැලිබන් එකේ ඒ දවස්වල මේ තරම් විශාල ගොඩනැගිලි තිබුණේ නැහැ. මැලිබන් හන්දියෙන් ගමන් කරන විට මැලිබන් විස්කෝතු සුවඳ හැමදාම දැනෙනවා. රත්මලානේ බාටා ආයතනයේ ඉස්සර හොඳ පාපන්දු කණ්ඩායමක් හිටියා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉදිරිපිට සර්ජෝන් කොතලාවල මහතා සතුව තිබූ අංක 1 ශ්‍රී 1 දරන කැඩිලැක් රථය ද වෙයි
දුම්රිය දෙපාර්තමේන්තුවේද තවත් හොඳ පාපන්දු කණ්ඩායමක් හිටියා පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීමට නැසීගිය සී.වී. ගුණරත්න මහතාගේ පියා මේජර් ඇල්.වී. ගුණරත්න මහත්තයා රත්මලාන වලව්වත්තේ ක්‍රීඩාංගණයකුත් හැදුවා. නැගී එන පාපන්දු ක්‍රීඩකයන් රැසක් රත්මලාන ගමෙන් බිහිවුණා. ඒ අයට ප්‍රදේශයේම තිබෙන සමාගම්වල විවිධ තනතුරු සමග රැකියා ලබාදුන්නා. පාපන්දු ක්‍රීඩාවත් රත්මලානට ආශිර්වාදයක්. දෙවැනි ලෝක යුද්දේ කාලේ වෙඩි තියන්න පුහුණුවන ස්ථානයක් රත්මලානේ තිබිලා තිබෙනවා. ඒකට කියන්නේ වෙඩි කන්ද කියලයි.
රත්මලානේ ජීවත් වූ කලාකරුවන් අතර සිනමා සක්විති ගාමිණී ෙෆාන්සේකා ප්‍රධානයි. රත්මලාන සිරිමල් උයනේ තමයි ඔහු බොහෝ කාලයක් ජීවත් වුණේ. ඔහුගේ පුතා දමිත් ෆොන්සේකාත් කාලයක් තිස්සේ රත්මලානේ හිටියා. රත්මලානට ගෞරවය ගෙනදුන් එදා කඳවල වලව්ව අද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය බවට පත්වෙලා තිබෙනවා. එදා ගමක සිරිය ගෙනදුන් රත්මලාන අද තට්ටු ගොඩනැගිලිවලින් හා වාහන තදබදයෙන් පිරි ප්‍රදේශයක් බවට පත්වෙලා තිබෙන අයුරු පමණක් අද අපට දැක ගැනීමට ඉතිරි වී ඇති බව අවසන් වශයෙන් රෙජි ෆොන්සේකා ප්‍රකාශ කළේය.
සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ