ඇ.​ඩොලර් දහ අට ලක්‍ෂයක් එක්ක අඩි දහදාහක ගුවන් කරණමක්


ලෝකෙන් ටිකක්

 

අරුණෝදයත් සමගම ඇ​ෙමරිකාවේ ‘වොෂින්ටන් නුවර’ ජාත්‍යන්තර ගුවන් තොටුපළ අමුතුම සිරියාවක් ගෙන තිබුණා. තැනින් තැන ගිමන් හරිමින් තිබූ විවිධ රටවල ගුවන් යානාවලට ලහි ලහියේ නානා විධ වූ මගීන් ගොඩවෙමින් හිටියා.  වෛවර්ණ ලොම් කබා හැඳ සිටි විවිධ ජාතීන්ට අයත් සුදු - කළු ගැහැනු පිරිමි මේ කඩිනම් මොහොතේ එහෙ මෙහේ දුවද්දී ඈත ක්ෂිතිජයෙන් මතු වූ තවත් ගුවන් යානයක් ටික ටික ලොකු වී ගුවන් තොටුපළට පහත් වුණා.


දිනය හරියටම 1971 නොවැම්බර් 15 වැනිදා. මගීන් 250කට ඉඩකඩ ඇති මෙය බෝයිං 747 වර්ගයේ සුව පහසු ජෙට් යානයක්. ඇ​ෙමරිකාවේ නෝර්ත් වෙස්ට් එයාර් ලයින්’’ ගුවන් සමාගමට අයත් මෙම යානය වොෂින්ටන් ගුවන් තොටින් ගුවන් ගත වන විටත් බොහෝ අය සුව නින්දකයි හිටියේ. යානය ගුවන් ගත වී හරියටම තවත් පැය 3ක් ගත වූ තැන, පැදවූ කපිතාන් ‘විලියම් ස්කොට්’ හෙමින් හෙමින් ‘පෝර්ට්ලන්ඩ් ගුවන් තොටුපළට යානය පහත් කළේ ඉන්ධන පුරවා ගන්නට සහ එයින් පිටවන මගීන්ට එළියට යන්නයි.
‘‘පෝර්ට්ලන්ඩ් ‘ගුවන්තොටින් නැවත මගීන් නංවාගෙන අවශ්‍ය ඉන්ධනද පුරවාගෙන ඊළඟට ගමන් ආරම්භ කළේ. ‘සියැට්ල්’ තොටුපළ බලා යන්නයි. එම ගුවන් තොටුපළ බලා ගමන් ගනිද්දී තද නින්දේ සිටි මගීන් අතර එක් සුවිශේෂී අයෙක් පමණක් මහත් ඕනෑ කමකින් යානය ඔබ මොබ වටපිට විපරමින් සිටියා. රතුම රතු ලොම් කබායක් හැඳි නළලත වැසෙනසේ ‘ජේම්ස් බොන්ඩ්’ වර්ගයේ තොප්පියක් හිසලා සිටි ඔහු ලොකු කළු පාට අව්කණ්ණාඩියකුත් පැලඳගෙන සෑම තැනකටම දෑස් යොමු කළේ හරියට රහස් පොලිස් නිලධාරියෙකු වගේ.


ගුවන් යානය පදවන නියමුවන් දෙදෙනාත් ගුවන් සේවිකාවන් කීප දෙනෙකුත් හැර මහත් වූ විමසිලිමත් බවකින් හිටියේ මොහු විතරයි. අතේ තිබුණ පුංචි ගමන් මල්ලට අත දමන ගමන් ඔහු ‘ක්‍රොස්බිගේ’ ජනප්‍රිය ගීයක් හෙමින් මුමුණන්නට වුණා. ඒ අතර ගමන් මල්ලෙන් ගත්ත පුංචි ලියුම් කෑල්ලක් ළඟම හිටපු ගුවන් සේවිකාවකට දික් කළේ අමුතු ලතාවකට. බීමතින් සිටින මගීන්ගෙන් මෙවන් ලියුම් කෑලි ලැබෙන බව දන්නා සේවිකාව එ්ක ඒ තරම් ගණන් ගත්තේ නෑ. අමුත්තා හිස සලලා ආයෙත් ලියුම දික් කළාම කමක් නෑ කියල’ එයා ගත්තට පස්සේ තමා තරු පෙනුණේ.


‘‘කිසිම විදියක මගේ මේ ඉල්ලීම පොලීසියට හමුදාවට දැනුම් දෙන්න එපා. එහෙම වුණොත් මේ යානයයි මිනිස්සුයි ඔක්කොම කුඩු...? මේකයි මගෙ ඉල්ලීම.. හරි? ‘සියැට්ල්’ ගුවන් තොටුපළේ යානය බාපු ගමන් මට ඩොලර් දහ අට ලක්‍ෂයකුයි. හමුදාව පාවිච්චි කරන හොඳම වර්ගයේ පැරෂුට් එකකුයි ඕනැ කරනව. මේක දැන්ම උඹලගෙ ගුවන් සමාගමට කියාපල්ලා..’’


‘‘හැබැයි මගේ ඉල්ලීම ඉටු නොවුණත් හරි.. ආරක්‍ෂක අංශ වලට කීවත් හරි අපි ඔක්කොම අළු..?’’ ලියුම් කෑල්ල කියවලා ගුවන් සේවිකාව ඔහු දිහා බලද්දී ඔහු අති ප්‍රබල පුපුරන බෝම්බයක් අතට අරගෙන හැඩ බල බලා හිටියා.


සේවිකාවට දෙලෝ රත් වුණා... දෙවියනේ..? මේ මිනිහා බැරිවෙලාවත් මේ මාරකේ පත්තු කර ගත්තොත් එහෙම..? ඇය හිතුවා.


ගුවන් සේවිකාව වෙව්ල වෙව්ලා ගියේ මේ ලියුම් කෑල්ල අරගෙන නියමු කුටියට..? ඇය මේ ලියුම විලියම් ස්කොට් අතට හනික දුන්නම එයත් වෙව්ලන්න වුණා.? ඔහු කලබල වුණේම නැතුව කටයුත්තට බැස්සා. බැරිවෙලාවත් මගීන් කලබල වුණොත් උගේ බෝම්බය පත්තු වෙනව. එහෙම වුණොත් මීට පෙරත් ගුවන් යානා මංකොල්ල කාරයෙක් ඒ සමාගමේ යානයක් පුපුරවල දාපු හැටියටම මේකත් විනාශ කරනව. ඒ නිසා ඔහු ඉතාමත් ප්‍රඥාගෝචරව ‘සියැට්ල්’ ගුවන් තොටුපළේ සිය පාලන අධිකාරියේ වගකිවයුත්තන්ට ඇමතුමක් ගත්තා.


‘‘හලෝ... හරිම ප්‍රශ්නයක්..?’’ දැන් අපි ‘සියැට්ල්’වලට ලෑන්ඩ් කරපු ගමන්ම මේක ඇතුළෙ ඉන්න මංකොල්ලකාරයෙකුට ඇ​ෙමරිකානු ඩොලර් දහ අට ලක්‍ෂයකුයි හොඳ හමුදා පැරෂුට් එකකුයි ඕනැ කියනව. ඒවා දුන්නෙ නැතිනම් ගුවන් යානය එතැනම විනාශ කරන බවට ඔහු තර්ජනය කරනව.. හැබැයි ආරක්‍ෂක අංශවලට කියන්න එපා. එහෙම වුණොත් යානයම ඉවරයි. උගේ අතේ භයානක බෝම්බයක්..?’’


පණිවිඩය ලැබුණ ගමන්ම තොටුපළේ අදාළ පාලක පිරිස අන්දමන්ද වුණා. දෙවියනේ..? ඩොලර් 18,00000ක්..? කොහෙන් හොයන්නද...? ඒත් නොසොයා කුමක් කරන්නද...? ඔවුන් අවසන් තීරණයකට එළඹුණා. ආපසු ගෙවීමේ කොන්දේසි මත ‘සියැට්ල්’ නුවර සියලුම බැංකුවලට කතා කරල ඩොලර් දහඅට ලක්‍ෂයක් නම් එකතු කර ගත්තා. ඒත් පැරෂුට් එකක්...?


මේ වන විටත් බෝයිං යානය ගුවන් තොට ප්‍රදේශයට සමීප වී තිබුණත් ගොඩබෑමට ගුවන්තොට පාලකයන්ගෙන් අවසර තිබුණේ නැහැ. ඒ නිසා යානය ගුවන්තොටුපළ අහසේ එහා මෙහා කරකවමින් තිබුණා.


සියැට්ල්හි අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් මුදල් සොයාගෙන අවසන් වරට එරට පාලක පක්‍ෂයට වන්දි ගෙවීමේ පොරොන්දුව මත හමුදාවට අයත් ස්වයංක්‍රීය පැරෂුටයක් ලබාගත්තා.


‘‘කරුණාකරල දැන් යානය ලෑන්ඩ් කරන්න. ඉල්ලා සිටි සියලු බඩු සූදානම්..? කළබල නොවී හෙමින් පහත් කරන්න..?’’ ගුවන්තොටුපළේ පාලක පක්‍ෂය ගුවන් යානයට අණ දුන්නා.
යානයේ හිටපු සියලුම මගීන්ටයි ගුවන් සේවිකාවන් කීප දෙනෙකුටයි පමණක් එළියට යන්න අවසර දුන් අබිරහස් අමුත්තා නියමු ස්කෝට්ගේ හිසට පිස්තෝලයක් තියල ගර්ජනාවක් කළා.


‘‘ඒයි.... උඹලගේ ලොක්කන්ට කියාපල්ලා මගේ සල්ලියි. පැරෂුටයයි යානයට වීසි කරන්න කියලා...?’’


මහත් සේ බියට පත් වුණු ගුවන් නැවියා අදාළ පණිවිඩය පාලක පක්‍ෂයට කීවට පස්සේ ඒ කටයුත්ත ඒ විදියටම සිද්ධ වුණා. රතු කබාය හැඳි අමුත්තා එතැන ඇති ඩොලර් මිටි ගණන පරීක්‍ෂා කළා වගේම පැරෂුටයත් හොඳින්ම බැලුවා. පස්සේ දුන්නා අණක්..?


‘‘ඒයි මිනිහෝ... දැන් යානය නග්ගපං...? හරවපන් මෙක්සිකෝවට..?’’ ඔහුගේ අතේ රිවොල්වරයක්...? දෙනෝ දාහක් දෙනා විස්මිතව බලා හිඳිද්දී බෝයිං ගුවන් යානය ධාවන පථයෙන් ඉහළ අහසට නැගල මෙක්සිකෝව දිහාට ගමන් ඇරඹුවා. රතු අමුත්තා ගුවන් යානයේ පසුපස අසුනකට බර දීගෙන විමසිල්ලෙන්ම බලාගෙන හිටියා.
අපට මෙක්සිකෝවට යන්න තරම් ඉන්ධන මදි.? මේ ළඟම තියන ‘​ෙනවාඩා තොටුපළට බස්සවල තෙල් ටිකක් පුරවා ගන්න වෙයි.’’ ගුවන් නැව් ස්කොට් හඬ අවදි කළා.
‘‘හොඳයි.. ඒ එතකොටනෙ..? දැන් මම ඉන්න තැන පිටුපස දොර විවෘත කරනව හොඳ හිතින්..’’?


රතු අමුත්තා ඒ ටික කීවේ ස්වංයක්‍රීය පැරෂුට් එක පලඳින ගමන්. මුදල් බෑගයද තදින් කරේ බැඳගත්තා. කැප්ටන් ස්කොට් රතු අමුත්තාගේ අණ පිළිපදිමින් යානයේ පිටුපස දොර විවර කළා. යානය පදවද්දී එසේ නොකරන නමුත් ඔහුගේ අණ අනුව එය කළ යුතු වුණා.


‘බෝයිං 747’ ගුවන් යානය පැයට සැතපුම් 300ක වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ. ඒත් එක්කම තමුන්ගේ සියලු කළමනා පොදිබැඳගෙන පැරෂුටයද නියමිත ලෙසට පැලඳගෙන පිටුපසින් විවර වූ දොර අසළට ආපු රතු අමුත්තා ඔබ මොබ තියුණු බැල්මකින් සිසාරා බැලුවා.


ගුවන් යානය වොෂින්ටන් නුවරට සමීප ‘ඔර්වින්’ විල අසළ වනාන්තරයට ඉහළින් ගමන් කරද්දී තම පණවත් නොතකා ඔහු නිසල අවකාශයට පැනගත්තා. අධිවේගයෙන් පහළට ගුලියක් සේ ඇදීගිය රතු අමුත්තා​ෙග් පැරෂුටය ගුව​ෙන් සිට අඩක් පහළට ගිය අතරේ ඔහුගේ පිනකට දෝ දිග හැරිල ක්‍රමයෙන් මර්වින් වනාන්තරය මතට පතිත වන අයුරු ගුවනේ සිට කපිතාන් විලියම් ස්කොට් හට දකින්නට ලැබුණා.


මේ අරුම පුදුම රතු අමුත්තා ගුවන් යානයෙන් බිමට පනින අවස්ථාවේදී යානය ගමන් කරමින් තිබුණේ හරියටම අඩි 10,000ක් (දස දහසක්) ඉහළින්. වර්ෂ 1971 නොවැම්බර් 15 දින වික්‍රමාන්විතව ප්‍රබල යානයකින් අඩි දසදහසක අගාදයකට පැන ලෝක ප්‍රකට ඇ​ෙමරිකානු ඩොලර් 18,00,000ක් සොරකම් කළ මේ අමුත්තා අද වනතුරුත් කුමන රටක කුමන ජාතිකයෙකුදැයි කිසිවෙකුත් දන්නේම නැහැ.


ඊටත් වඩා පුදුමය නම් මේ අබිරහස් රතු අමුත්තා ගුවන් යානයෙන් පැන සැඟවුණ ‘මර්වින්’ විල අවට වනාන්තරය වැටලූ ලෝක ප්‍රකට ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පොලීසියටවත් මොහු තබා එදා පැනගැනීමට යොදාගත් පැරෂුටය හෝ එක ඩොලරයක්වත් සොයා ගැනීමට නොහැකිවීමයි. වසර ගණනාවක් ගතවුවද එය තවමත් නොවිසඳුණු අබිරහසක් විදියටයි කියවෙන්නෙ...?

 

 


වොෂින්ටන් පෝස්ට්
නාලගමුවේ උබේසේකර කුමාරසිංහ