අළුතෙන් ෆෝන් එකක් ගන්න අවශ්‍යද? එහෙනම් මේ කරුණුත් හිතට ගන්න


නවලොව

 

ස්මාර්ට් ෆෝන් තාක්ෂණය එහි ඉහළම සහ අත්කරගතහැකි උපරිම දියුණු මට්ටමට අද පත්ව ඇති අතර විවිධ මාදිලියෙන්, උසස් ලෙස වැඩි දියුණු කරන ලද තරගකාරී මෙහෙයුම් පද්ධතීන්ගෙන් බලගැන්වූ, ලොව අංක එකේ සුප්‍රසිද්ධ සමාගම් මගින් නිෂ්පාදනය කරන ස්මාර්ට් ෆෝන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින යුගයක් ලෙස හැඳින්විය හැක. එනිසා මෙම මෙහෙයුම් පද්ධති අතරින් හොඳම සහ ඔබට ගැළපෙන දුරකථනය තෝරාගත නොහැකිව ඔබ ඒ අතර දෝලනය වෙමින් සිටිනවා විය හැකියි. 

 
ඔබ ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගැනීමට ප්‍රථම හොඳ මෙහෙයුම් පද්ධතියක් සහ ස්මාර්ට් ෆෝනයක් පිළිබඳ තම සිතේ ඇති ලක්ෂණයන්ට ප්‍රමුඛතාව ලබා දීම මෙන්ම මුදල් පිළිබඳ සැලකිලිමත් වෙමින් නියම දුරකථනය තෝරාගත යුතුය. එබැවින් අද පවතින හොඳම මෙහෙයුම් පද්ධති අතර එකිනෙකට ඇති වෙනස්කම් හඳුනා ගනිමින් බුද්ධිය මෙහෙයවා මිලදී ගැනීමට සහ නිසැකවම දැනට භාවිතා වන මෘදුකාංග පිළිබඳ සැලකිලිමත් වෙමින් මිලදී ගැනීමට මෙමගින් ඔබට යම් අවබෝධයක් ලබා ගත හැක.   


“සුදුසුම මෙහෙයුම් පද්ධතියක් තෝරාගැනීම බොහෝ අය සඳහා තීරණාත්මක සාධකයක් වේ. සරල interface එකක් සොයන සහ ආරක්ෂිත පද්ධතියක් සොයන අය විසින් iOS පිටුබලය සහිත iPhones වලට නැඹුරු වනු ලබන අතර වැඩි වැඩියෙන් විකල්ප අභිරුචීන් සහ සාමාන්‍යයෙන් අඩු පිරිවැයක් සොයන අය බොහෝ විට කැමති Android  හෝ Windows දුරකථනවලට ය.”   


සුදුසු මෙහෙයුම් පද්ධතියක් (Operating System) තෝරා ගනිමු.   
මෙහෙයුම් පද්ධති අතර මූලික වෙනස්කම් මෙසේයි,   


iPhone (aka iSO) යනු අනෙකුත් ඇපල් නිෂ්පාදනවලට වඩා භාවිතයේ පහසුව, ආරක්ෂාව සහ පිරිසිදු ඒකීකරණයෙන් ඉහළ මට්ටමක පවතින නිෂ්පාදනයකි. Android ගූගල් සේවාව හා ඒකාබද්ධව පාරිභෝගිකයාගේ අභිමතයට අනුව නිපැයුම් සිදුකරන අතර අඩු පිරිවැයක් සහිතය.  


Windows දුරකථන භාවිතය අඩු වුවත් Microsoft නිපැයුම් හා ඒකාබද්ධව කටයුතු කරමින් විවිධ මාදිලියේ ඉතා ඉහළ අන්ත කැමරා මෘදුකාංග සහිත නිෂ්පාදන එළිදක්වයි.   
අතේ ඇති මුදල 


කෙසේ වෙතත් ඔබගේ මිල පරාසය තීරණය කරන්න. දුරකථන නිෂ්පාදනයන් අතර Apple සහ Samsung ඉතා ඉහළ මිලක් පෙන්වන අතර HTC, LG සහ Motorola ඉතා සහන මිලක් දරයි. 


ඔබ සතුව දැනටමත් ඇති උපාංග (Devices)  සහ මෘදුකාංග (Software) සලකා බලන්න.
ඔබට ගැළපෙන සංවර්ධක සහායක් සමග දුරකථන ලබා ගැනීමෙන් එහි සේවාවන් සහ මෘදුකාංග සමග හොඳම සම්බන්ධතාවක් අත්විඳිය හැක. උදාහරණයක් වශයෙන් Apple පරිගණක සහ ipad බොහෝ විට iPhone Apps සමග අනුකූල වේ. ඔබ වැඩි වශයෙන් MS Office හෝ Google පරිශීලකයෙක් නම්, Android දුරකථනයෙන් හොඳ රස වින්දනයක් හා සහායක් ලබා ගත හැක. (Microsoft සහ Google යන සමාගම් දෙකම ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය Apps තරගකාරී මෙහෙයුම් පද්ධතියක් (Operating System) සඳහා නිපදවන බව සලකන්න.) 


ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන අංග (Features) මොනවාද යන්න තීරණය කරන්න.


සෑම මෙහෙයුම් පද්ධතියකටම හිමි ආවේණික ලක්ෂණ කිහිපයක් තිබේ. E-mail, Web brousing සහ Maps වැනි මූලික අංග (Features) සියලුම පද්ධතිවල තිබේ. 
iOS/ iPhone siri, Finger print scanning, Face time chat සහ iCloud සහයෝගය වැනි අති විශිෂ්ට විශේෂාංගවලින් සමන්විතය. 


Android දැන් google home screen උපාංග සැකසීමට සහ තුන් වන පාර්ශ්වයේ Apps (Third party Apps) ස්ථාපනය සඳහා ද ඉඩ ලබා දෙයි. (එනම් ඔබට අන්තර්ජාලයෙන් වැඩසටහන් බාගත කරගත හැකි අතර Play Store පද්ධතියෙන් පිටත ද ස්ථාපනය කර ගත හැකිය.) බොහෝ android දුරකථන අදටත් ඇඟිලි සලකුණු සංවේදක (Finger print sensors), පින්තූර/ඡායාරූප සඳහා Cloud Storage සහ Document හා Cloud Storage සඳහා Google Drive භාවිතයට උපකාර ලබාදීම ද සිදුකරයි. 


Windows දුරකතන හඬ සක්‍රිය (Voice activation) කිරීම සඳහා Cortana භාවිතා කරයි. "live tiles" home screen සැකසිය හැකි අතර Word, Excel, Power point සහ PDF විකල්පයන් ඇතුළත් වේ. 


ඔබට භාවිත කිරීමට අවශ්‍ය කුමන Apps දැයි සලකා බලන්න. 


සියලුම මෙහෙයුම් පද්ධති හරහා බොහෝ ජනප්‍රිය Apps ලබාදෙයි. (ex :- Google maps, MS Office සහ Apple Music) කෙසේ වෙතත් ඔවුනොවුන්ටම පමණක් හිමිකම් කියන Apps කිහිපයක්ම ද ඇත. (ex:- iMessage, Face time සහ Google now) 


ඔබට අවශ්‍ය Apps වෙත පිවිසිය හැකි බවට සහතික කර ගැනීමට App Store එක හා සම්බන්ධ එක් එක් විකල්ප (Options) පරීක්ෂාකර බලන්න. (Apple, Google play, Windows) 
පොදුවේ ගත් කල, තරගකරුවන්ගේ මෙහෙයුම් පද්ධතියක (Operating System) ජනප්‍රිය App එකක් ඉදිරිපත් නොකරන්නේ නම්, ක්‍රියාකාරීව තරමක් සමාන වන විකල්ප App එකක් පැවතීමට ප්‍රබල අවස්ථාවක් තිබේ. 


iOS සහ Android ඓතිහාසිකව Windows වලට වඩා පුළුල් App සහයෝගයක්, ක්‍රියාකාරිත්වයක් ඇත. 


ඔබගේ Apps මිලදී ගැනීම් ඔබගේ Store account එක සමඟ සම්බන්ධ වේ. ඔබගේ මිලදී ගැනීම් එකම මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන තාක්කල් ඕනෑම අනාගත දුරකථනයකට මාරු කිරීමේ හැකියාව පවතී. 

 


සටහන: පැතුම් වීරසිංහ