අපට නොපෙනෙන ප්‍රේත්‍ යෝ


 

ප්‍රේතයන් සක්වල අස්සක් මුල්ලක් නෑර ගැවසී ගත් ජීවි ලෝකයකි. මිනිස් ඇසට ග්‍රහණය නොවන හෙවත් අදෘශ්‍යමාන පරාසයකට අයත් වෙන මොවුහු අපගේ ගේ දොර, මංමාවත් අතර පමණක් නොව විශ්ව ධාතුව පුරා ජීවත්වන බව අටුවාදී ග්‍රන්ථ විමර්ශනයේදී පෙනී යයි.   

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලික ප්‍රේත කොට්ඨාස හතරකි. 


එනම්, 

1) නිජ්ඣාම තණ්හික 
2) බුප්පිපාසික 
3) පාංශු පිසාව හා
4) පරදත්තූප ජීවිය 

 

මින් මුල් දෙකොට්ඨාසය අපි මීට පෙර විස්තර කළෙමු. 

තුන්වැනි ප්‍රේත කොටස පාංශු පිසාව නම් වේ. ඔවුහු කුණු කසළ ගොඩවල් වලද කසළ කාණුවලද තමන්ට ආහාර සොයමින් ගැවසෙති. කොයිතරම් බඩගින්න තිබුණත් කසළ ගොඩවල්හි තමන් සොයන දේ තිබුණත් ආහාරයට ගැනීමට කළ නොහැකිය. මේ නිසා හැම විටම බඩගින්නේ වේදනාවටත් පීඩාවටත් පත්ව සිටිති. අපිරිසිදු ගෙවල් ​ෙම් පාංශු පිසාව ප්‍රේත ග්‍රහණයට ඉබේම නතුවේ. නොසේදු රෙදි ගොඩ ගැසූ රාත්‍රියේ ආහාර ගත් භාජන නොසේදූ ගෙවල් කුණු කාණු පිරිසිදු නොකර තැන්වලට පාංශු පිසාච ප්‍රේතයෝ ඉවට මෙන් ඇදී එති. ඔහුන්ගේ ග්‍රහණ්යට ලක්වන නිවෙස්වල නිවැසියන් කම්මැලි කරවා ඒ ස්ථාන අපිරිසිදු ලෙසම තැබීමට පාංශු පිසාචයන්ට හැකිය. ගෙවල් දොරවල්හි වෙසෙන්නන්ගේ සමගිය පළවා හැර අසමගිය රජ කරවීමටත්, දියුණුව වෙනුවට පරිහානිය ළඟා කරවීමටත් ප්‍රේත ග්‍රහණයට ලක්වූ තැන් නතුවේ 


එවැනි තැන්හි බැබලීම ආලෝකය, සතුට දියුණුව වෙනුවට, අඳුර, පිරිහීම, පාළුව, නොසතුට අවුල් වියවුල්, අගහිඟකම්, වැනි සියලු අතින් බිඳ වැටීම් දකින්නට ලැබේ. අපිරිසිදු ස්ථානවලට ප්‍රේත ගහණය සිදුවන විට තනි ප්‍රේතයෙක් නොව ඔවුන් දහස් ගාණක් රිංගා ගන්නා බව පැවසේ. එබැවින් නිවෙස්වල උපරිම පිරිසිදුකම, පවත්වා ගනිමින් සුවඳ දුම් අල්ලා නිසි බුද්ධ වත්පිළිවෙත් නිතර කරවීම තුළින් ප්‍රේත ග්‍රහණයෙන් මිදී සුවසේ වාසය කළ හැකිසේය. 


බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් ප්‍රේත කොට්ඨාසයක වන්නේ පරදත්තූප ජීවීහුය. ඔවුහු අනෙක් ප්‍රේත කොට්ඨාස තුනටම වඩා විශේෂත්වයක් තිබේ. 


පරදත්තූප ජීවී ප්‍රේතයන්ට අප දෙන පින් අනුමෝදන් වී ප්‍රේත ලෝකයෙන් ගොඩ ඒමට හැකිය. බොහෝ පින් සිද්ධ කර ගත්තෙක් වුවත් මරණාසන්න චුති සිත වැරදීම නිසා පරදත්තූප ජීවී ප්‍රේත ලෝකයට වැටිය හැකිය. එය අනෙක් ඒවා තරම් බලවත් දුගතියක් නොවේය. 
මුලින් කී ප්‍රේත ​ෙලා්ක තුනේම උපන් අය අවුරුදු දහස් ගාණක් එහි වෙසෙමින් පාප කර්මය ගෙවෙන තුරුම දුක් විඳ ගොඩ ආ යුතුය. 
එනමුදු පරදත්තූප ජීවීන් එසේ නැත. රබර් බෝලයක් වතුරට දැමූ කළ එය ස්ථිරව උඩට ඇදී ඒ. චුති සිත වැරදීමෙන් පරදත්තූප ජීව ප්‍රේත ලෝකයට වැටුණු පුද්ගලයා ජලයට වැටී එහි ගල සිරවූ රබර් බෝලයක් වැන්න. ගොඩ සිටින අය පුංචි කෝටු කැබැල්ලක් දමා සෙලවුවත් බෝලය වහා උඩට ඒ. එහෙත් නිඡඣාම තණ්හික, බුප්පිපාශික පාංශූ පිසාච ප්‍රේතයන් දියට වැටුණු කළු ගල් වැන්න. මෝල් ගස් දමා සෙළවුවත් ගොඩ ඒමක් නැත. 


සංයුත්ත නිකායේ ගාමිණී සූත්‍රයේ මේ උදාහරණය දක්වමින් එකී ප්‍රේතයන්ට ජීවත්ව සිටින උන් අටපිරිකර කන්දක් පූජා කළත්, භික්ෂූන් සීයකට දන් දුන්නත්, මහා වෙහෙර විහාර කරවා පින් දුන්නත් දුගතියෙන් ගොඩ ඒම දුෂ්කර බව පෙන්වා දෙයි. 


නමුත් පාංශූ පිසාච ප්‍රේතයන්ට තම ඥාති වර්ගයා ඔවුන් වෙනුවෙන් කරන පින් අනුමෝදන්ව වහ වහා ප්‍රේත ලෝක​ෙයන් මිදී ගොඩ ආ හැකිය. කෙනෙක් මරණයට පත්වී සත් දින තුන්මස ආදී පින්කම් කිරීමේ වැදගත්කමෙහි එක් අන්තයක් වන්නේ මෙයයි. මියගිය ඥාතිවරයා යම් හෙයකින් චූති සිත වරදවා පාංශූ පිසාච ලෝකයට ගියේ නම් ඒ පිනෙන් ඔහු වහා ගොඩ ඒ. 


එවැනිහු තමන්ට ඥාතීන් පින් අනුමෝදන් කරනු අපේක්ෂාවෙන් තමන් විසූ ගෙදරට වී, ගෙමිදුලට වී, මංචාවත්වලට වී, බිත්ති හා දොරටුවලට වී, සිදුරු අස්සට වී බලාගෙන හිඳිති. 


ඔවුන් සිහිපත් කර ධර්ම දේශනා පවත්වා, පිරිකර පූජාදිය කර සංඝගත දක්ෂිණා දෙන විට පින් බලාපොරාත්තු වූ මේ ප්‍රේතයේ ඒවා අනුමෝදන් වෙති. අපි දෙන පින්ම අපේක්ෂාවෙන් සිටින නිසා මොවුහු ‘ඤාති ප්‍රේත’ නමින්ද හඳුන්වති. ප්‍රේත වත්ථුවේ මොවුහු ගැන ගැඹුරු සඳහනක් ඇත. ඉහත සතර ප්‍රේත කොට්ඨාසයට අමතරව තවත් ප්‍රේත කොටස් 12ක් පිළිබඳව ධර්මයේ විස්තර කෙරෙයි. එනම්,

 
1. වන්තාස - සෙම් සොටු ආහාරයට ගන්න ප්‍රේතයේ 
2. කුතාපාස - මිනිස් හා සත්ව මළ කුණු ආහාරයට ගන්නෝ. 
3. ගූථවාදක - අසූචි අනුභව කරන ප්‍රේතයෝ 
4. අග්නි ජාල මුළු - මුඛයෙන් ගිනි ජාලා පිටවන ප්‍රේතයෝ 
5. සූචි මුඛ - බඩ ඉතා විශාල වූ එහෙත් කට ඉඳිකඩු සිදුරක් තරම් වූ ප්‍රේතයෝ 
6. සුනිජ්ජාමක - වියැලී ගිය ශරීර ඇති ප්‍රේතයෝ 
7. තණහට්ටික - ආහාරපාන පිළිබඳ දැඩි ආශාව ඇති නමුත් කිසිදා සාපිපාසාව නොසන්සි​ෙඳන ප්‍රේතයෝ 
8. පබ්බතංග - විශාල පර්වත තරම් ශරීර ඇති ප්‍රේතයෝ. 
9. සත්ථගෙ - ඉතා තියුණු වූ තමන්ගේම දත් නියවලින් තම ශරීරයම කපාගෙන, සූරාගෙන, හපාගෙන, ලේ පෙරාගෙන පීඩාවට පත්වෙන ප්‍රේතයෝ. 
10. අජගරංග - පිඹුරන්ගේ වැනි ශරීර ඇතිව උපදින ප්‍රේතයෝ 
11. වේමානික - පූර්ව කුසල - අකුසල කර්ම බලය නිසා විමානවල ඉපදී සැප සේම දුකද විඳින ප්‍රේතයෝ 
12. මහිද්ධික - කැලෑවල වසන මහත් සෘධි ඇති බුමාටු නමින් හැඳින්වෙන ඇතැම් කොටස්. 


මේ කවර ප්‍රේත ලෝකයට වැටුණත් එය දුගතියකි. ඔවුහු මනුෂ්‍ය ලෝක​ෙයහි ඇති සැපය දෙස බලමින් හූල්ලති. දුකට පත්වෙති වේදනා විඳිති. 


මේ ප්‍රේත ලෝකයට වැටුණු පරදත්තූපජීවින් හැර සෙස්සන්ගේ ආයුෂය පිළිබඳ ධර්මයේ උදාහරණයක් දැක්වෛයි. ඒ වනාහි, හිමාලය කන්ද තියෙන තැනින් ඉවත් කිරීම සඳහා යම් මනුෂ්‍යයෙක් කන් හැන්දකින් එකක් පස් අයින් කර පැත්තකින් තබයි. තවත් අවුරුදු 100කට පසු ඒ මනුෂ්‍යයාගේ පරම්පරාවේ කෙනෙක් පැමිණ තවත් කන් හැන්දකින් එකක් පස් රැගෙන පැත්තකින් ගොඩ ගසයි. මෙසේ සියවසකට සැරයක් කන් හැන්දෙන් එක බැගින් හිමාලය කන්දේ පස් අයින් කොට එය ඉවත් කෙරෙන්නේ කවදාද එදාටත් ප්‍රේත ලෝකයට වැටුණෝ දුක් විඳිති. ඒ අනුව ප්‍රේත ලෝකයට සිත මෙහෙයවීම පවා ඉතා භයංකාර බව ධර්ම​ෙයහි පෙන්වා දෙයි. 
ප්‍රේත ලෝකයට වැටුණු එවැනි ප්‍රේතයන් කීප දෙනෙක් පිළිබඳ තොරතුරු පහතින් දක්වමු. 


ලක්ළුණ මහරහත් තෙරුන් ගිජ්ඡකූඨ පර්වතයෙන් පහළට බසින විට තමන් වහන්සේ දුටු ප්‍රේතයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසන්නාහ. ‘ස්වාමීනි, අප ගිජ්ඡකූට පර්වතයෙන් පහළට බසින විට එතැන අහසෙහි ගමන් කරන ඇටසැකිල්ලක් දුටුවෙමි. ඒ අැටසැකිල්ල පසු පස්සේ ලුහු බඳින ගිජුලිහිණියෝද, උකුස්සෝද, කවුඩෝද එයට එලව එළවා කොටති. ඒ වේදනාව දරා ගත නොහැකිව ඇට සැකිල්ල වේදනාවෙන් විලාප තබයි. බැගෑපත් වෙයි. එහෙත් මේ සත්තු ඇට සැකිල්ලට කෙටීම නවතන්නේ නැත. 


ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ, ‘මහණෙනි, මේ සත්වයා මීට පෙර ජීවත් වූයේ අපද වාසය කරන මේ රජගහ නුවරෙහිමයි. ඔහු නුවරෙහි හරක් මරා ඇටවලින් මස් ඉවත් කර විකිණූ හරක් මස් වෙළෙන්දාය. ඒ පාප කර්මය නිසා දැන් ඔහු අැටසැකිලි ප්‍රේතයකු වී ඇත. අවුරුදු ලක්ෂ ගාණක් කර්ම ගෙවෙනතුරු මොහුගේ ඉරණම මෙයමය. එබැවින් මහ​ෙණනි, මේ සංසාරය භයංකාරය. එයින් ගොඩ ඒමට අප්‍රමාදී වන්නැයි, වදාළහ. 


‘ස්වාමීනි තවත් දවසක අපි ගිජුකුළු පවුවෙන් බසිද්දී අහසේ පාවී පාවී යන මස් කැබැල්ලක් වැනි ප්‍රේතයකු දුටුවෙමු. මේ මස් කැබැල්ල වට කරගෙන ගිජුලිහිණියෝ, කවුඩෝ, උකුස්සෝ රංචු පිටින් පැමිණ මස් කෑලි ඉර ඉරා කති’ ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ,   
 ‘මහනෙණි මේ මස් කුට්ටිය බඳු වූ ප්‍රේතයා ද මීට පෙර රජගහ නුවරෙහි විසූ ලිහිණි වැද්දාය. ඔහුද අවුරුදු ලක්ෂ ගාණක් මෙහිදී නිරයේ පැසිය යුත්තේය. 


‘ස්වාමීනි, ඔබ ගිජුකුළු පවුවේන් පහළට බහින විට අපි තවත් අමුතු සත්වයන් තිදෙනකු දුටුවෙමු. එක් සත්වයකු අහසෙහි ගමන් කරති. ඔහුගේ ඇඟේ ඇති ලෝම අග සියුම් කඩුවකි. ශරීරයම අසිපත්වලින් වැසී ඇත. ඔහු නිරතුරුව ඒවාට කැපෙයි. ​වේදනාවට පත්වෙයි. 
තවත් ප්‍රේතයකුගේ ශරීරයේ ලෝම අප තියුණු පිහියා වැනිය. එම ශරීරයම පිහියෙන් වැසී ඇත. මේ ප්‍රේතයා එහා මෙහා යන විට පිහිවලට මුළු ශරීරයම කැපී වේදනා විඳියි. බැගෑපත් වී හඬයි. 


අනෙක් ප්‍රේතයාගේ ශරීරයේ ඇති ලෝම හරියට ඊතල වගෙයි. ඒවා ශරීරයේ ඇනී තුවාල වී නිතරම පීඩා විඳියි. කෑ ගසයි’ 
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට මේ ප්‍රේතයන් තිදෙනාගේ පූර්ව විස්තරය දේශනාකොට වදාළහ. 
‘මහණෙනි, කඩු වැනි ලෝම තිබුණු ප්‍රේතයා අතීතයේ ඌරන් මැරූ වැද්දෙකි. පිහිවැනි ලෝම තිබූ ප්‍රේතයා පෙර මුවන් මරා මස් විකුණු වැද්දෙකි. 


ඊතල වැනි ලෝම තිබු​ෙණ් රජගහනුවර වාසලේ සිටි වධකයාටය. මේ තිදෙනාම තමන් කරගත් පාප කර්ම හේතුවෙන් සුළු මනුෂ්‍ය ආයුෂය ගෙවී ගොස් දැන් අවුරුදු ලක්ෂ ගාණක් ප්‍රේත ලෝකයට වී පෙර පරිදිම දුක් විඳිය යුතුය. මහණෙනි............. මේ කර්ම පථය ගැඹුරුය. එය හැමවිටම අවබෝධයෙන් ගෙවිය යුතුය. අනවබෝධයෙන් දිවි ගෙවන්නාට තමන්ගේ වැරදි කර්මය අකාරුණිකවීම පවතින්නේය. ඔුවුහු තිරිසන්, නිරය ප්‍රේත ආදී දුගතියටම වැ​ෙටන්නෝය. 

 

 

 

මඟ පෙන්වීම - රත්මලාන කඳවල 
නවෝද්‍යා පාසලේ 
නියෝජ්‍ය විදුහල්පති, 
තලංගල්ලේ සුධම්ම හිමි

 

 


 සටහන - අසංක ආටිගල