අත්ලේ තාරකාවෙන් හෙළි වෙන පලා ඵල


අත්ලේ පිහිටන කළු ලපවලින් හෙළිවන ජීවිත පලාඵල පිළිබඳව පසුගිය ලිපියකින් විස්තර කළා ඔබට මතක ඇතැයි සිතමි. අද විස්තර කරන්නේ තවත් එවැනිම පිහිටීමක් පිළිබඳවයි. එය තමයි තාරකා සලකුණ. දැන් අපි බලමු තාරකා සලකුණ අත්ලේ පිහිටි ස්ථානය අනුව සුභ අසුභ ඵල දෙන්නේ කෙසේද කියා.
   
මණ්ඩලමත   


අංක 01 සලකුණ කර ඇත්තේ ගුරු මණ්ඩලයයි. තාරකා සලකුණ ගුරු මණ්ඩලයට ඉතා හොඳ පිහිටීමක්. කොයි කාගේත් ගෞරවාදරයට ලක් වෙන ඔවුන් හරිම වාසනාවන්තයි. පිරිමියෙක් නම් රූමත්, ධනවත්, බලවත් බිරිඳක් ලබන අතර ගැහැනියක නම් උගත් ධනවත් ප්‍රසිද්ධ අයෙකුට භාර්යාව වීමට හේතු වෙයි.   


2 සඳහන් වන්නේ ශනි මණ්ඩලයේයි. තාරකා ලකුණ ශනි මණ්ඩලයට ඉතාම අශූභයි. මරණීය දණ්ඩනයට නියම වන අයගේ එම ස්ථානයේ තාරකා ලකුණ පිහිටවන ඔප්පු වී ඇත.   


රිය අනතුරකින් එහෙම නැතිනම් සාහසිකයෙකුගේ මරණයට පත් වෙන අයගේ අත්වල මෙම සලකුණ පිහිටිය හැක.   


රවි මණ්ඩලය මත තාරකා ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ලේඛකයෙක්, සංගීතඥයෙක් හෝ නළුවෙක් වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් වෙන බවයි. තම උත්සාහයෙන් දියුණු වෙන ඔවුන් සමාජයට විශාල සේවයක් කර අමරණීය නාමයක් තබා මිය යනු ඇත.   


දක්ෂ කපටි පුද්ගලයින්ගේ අත්වල බොහෝ විට බුධ මණ්ඩලය මත තාරකා ලකුණ දිස් වෙයි. ව්‍යෘපාර කටයුතුවලින් විශාල ධනවතෙකු වීමටත් මෙම සලකුණ හේතු විය හැක. එමෙන්ම මෙවැනි පිහිටීම් ඇති අධ්‍යාපනය ලබන දරුවන් ද වාණිජ අංශයෙන් උසස් ජයග්‍රහණද ලැබිය හැක. 

 
සලකුණු කර ඇත්තේ අත්ලේ පිහිටි කුජ මණ්ඩල දෙකින් පහළ කුජ මණ්ඩලයයි. ජීවන සටනකින් ජය ගෙන කායික හා මානසික සුවයෙන් ජීවත් වී​ෙම් වරම් ලබන පුද්ගලයා පහළ කුජ මණ්ඩලය මත ඇති තරකාවෙන් හඳුනා ගන්න. නව නිපැයුම් නව සොයා ගැනීම් නිසා ප්‍රසිද්ධියට පත් වන අයගේ අත්ලේ චන්ද්‍ර මණ්ඩලය මත තාරකා ලක්ෂණ පිහිටයි. නමුත් ජලයෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇති හෙයින් එය අසුභ ලකුණක් ලෙස ද සැලකිය හැක.   


මෙම අංකය සලකුණු වී අැත්තේ සිකුරු මණ්ඩලයේයි. පහසුවෙන් ප්‍රේම සබඳතා ඇති වීමට වගේම සාර්ථක පෙම් බැඳුමකින් සිදුවන විවාහයන්ට ද සිකුරු මණ්ඩලය මත සේ වන මෙම තාරකා ලක්ෂණ හේතු වෙයි. අසීමිත කාම රාගය නිසාම විවාහ දිවියේ අවුල් වියවුල් ඇතිවීමට ද මෙම සලකුණ බොහෝ විට හේතු විය හැක.   


දැන් බලන්න මෙම අංකය සඳහන් ඉහළ කුජ මණ්ඩලය දෙස එම ස්ථානයේ තරු ලකුණ ඇති අය ඉතා නිර්භීතයි. යුධ කටයුතුවලින් ජගත් කීර්තියට පත්වෙන ඔවුන් හමුදා ආඥාපති පදවිවලට සුදුසුම පුද්ගලයෝය. ත්‍රිවිධ හමුදා සේවයට ඔවුන් බොහෝ විට ගැළපේ. මෙවැනි අය වැරදි පැත්තට යොමු වුවහොත් ප්‍රසිද්ධ මැරවරයෙක් වීමට බොහෝ විට ඉඩ ඇත. ප්‍රසිද්ධ මැරවරයෙක් වූ මරුසිරාගේ අතෙත් මෙවැනි තාරකා ලකුණක් තිබුණ බව සැලකේ.   


මෙම අංකය ඇති තැන කුජ කලාවයි. තාරකා ලකුණ මෙම ස්ථානයට අසුභයි. මෙය විවාහක පුරුෂයෙකුගේ අතේ තිබුණොත් විවාහක ස්ත්‍රියටත් ස්ත්‍රියකගේ අතේ සලකුණු වුව හොත් විවාහක පුරුෂයාටත් මාරක අපල ගෙන දේ.   


මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකට තාරකා ලක්ෂණය සුභ නොවේ. බලාපොරොත්තු ඉටු නොවීමට එය හේතු වේ.   


මහපට ඇඟිල්ලේ දෙවෙනි පුරුකේ තාරකා සලකුණ පිහිටි අය තර්කානුකූලව කතා කරන්න දක්ෂ නිසා ඉක්මනට ජනප්‍රිය වෙයි.   


උසස් අදහස් ඇති පුද්ගලයා දඹර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ තාරකා වෙන් හඳුනා ගත හැක. හදිසි ධනලාභ ලැබීමටත් එය හේතුවෙයි. සුවිනීත ගති පැවතුම් ඇති බව දබර ඇඟිල්ලේ මැද පුරුකේ ඇති තාරකා ලකුණින් හෙළි වෙයි.   


අනවශ්‍ය දේවල් කතා කිරීමේ දක්ෂ අයගේ අත්වල පිහිටන ලක්ෂණයක් වෙයි. ඕනෑම දෙයක් විනිවිද දැකිය හැකි තියුණු වින්දන ශක්තියක් ඇති අයගේ ඇඟිලි තුඩුවල ඇති බව පර්​ෙ‌ය්ෂණ වලින් ඔප්පු වී ඇත. ඇඟිලි තුඩුවල බලයෙන් ලොව මවිත කළ හෙලන් කේලර් නමැති ප්‍රසිද්ධ අන්ධ කාන්තාවගේ අතේ ඇඟිලි තුඩුවල එවැනි තාරකා ලකුණු තිබුණ බව සඳහන් වේ.   


යුතු අයුතුකම් ​නොදන්නා එවැනි අය ඇසුරට සුදුසු නොවේ.   


අසුභ ලකුණක් සාහසිකයෙකු අතින් ජීවිතය අහිමි වුණ මහත්මා ගාන්ධි තුමාගේ අතෙත් තාරකා ලකුණක් තිබුණ බව කියැවේ. කෙසේ වුවත් තමන්ගේ අතෙත් එවැනි ලකුණක් තිබුණත් බිය විය යුතු නොවේ. වෙනත් සුබ පිහිටීමක් ඇති නම් ජීවිතය ආරක්ෂා වේ. වෙදැඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ වැටී ඇති තාරකාවෙන් ගුප්තමය බල ශක්තියක් ඇති අයෙකු හඳුන්වා දෙයි.   


තමන්ගේ සුසුදුකම්වලට නොගැළපෙන රැකියාවල නියුතු අයගේ අත්වල මේ විදිහේ තාරකා ලකුණු වැටිය හැක. වඩා බුද්ධිමත් වන එවැනි අය කුමන ක්‍රමයකින් හෝ උසස් තත්ත්වයකට පත් වෙයි.   


සුළඟිල්ලේ මුල් පුරුකේ ඇති තාරකා ලකුණෙන් අන් අයගේ සිත් හඳුනා ගැනීමේ ගුප්ත බලයක් ඇති කෙනෙක් හඳුනා ගත හැක.   


කුඩා කායේදීම මව්පියන් මිය ඇදෙන බව පෙන්නුම් කරයි.   


සුළඟිල්ලේ තුන් වෙනි පුරුකේ දිස්වන තාරකාවෙන් දීප්තිමත් අනාගතයකට හිමි කම් කියන වාසනාවන්තයකු හඳුනා ගත හැක.   


රේඛා මත පිහිටීම   


ජීවන රේඛාව මත තාරකා ලකුණක් වැටීම අසුභයි. හදිසි අනතුරුවලට එය හේතුවිය හැකිය. නොයෙකුත් විදියේ මානසික රෝගවලට වගේම ස්නායු රෝගවලට හේතු විය හැකි නිසා ශීර්ෂ රේඛාවට වුවත් තාරකා සලකුණ සුභ නොවේ. හෘදය රේඛාව මත තාරකාවක් වැටී තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ ඇස්වලට ආබාධ ඇති වීමට ඉඩ ඇත. කීර්ති රේඛාවට තාරකා ලකුණ ඉතා හොඳ පිහිටීමක්. ජනතාව අතර ජනප්‍රිය වීමට, ප්‍රසිද්ධ වීමට එය හේතුවෙයි. ශල්‍යකර්මයන් සිදුවීමට ඉඩ ඇති නිසා සුඛ රේඛාව මත තාරකා ලකුණ දිස්වීම අසුභයි. කාන්තාවකගේ අතේ එවැනි පිහිටීමක් ඇති නම් දරු ප්‍රසූතීන්වලදී ප්‍රවේශම් විය යුතුය.   

 

 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස්,   
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.