2018 ඔ​ෙබි ලග්නයට


අවුරුද්දක් ගෙවී 2018 වර්ෂය උදාවෙන විට ජනවාරි මාසයේ ග්‍රහයින්ගේ පිහිටීම මෙසේය.  


රවි, සිකුරු, සෙනසුරු ධනු රාශියේ ගමන් කරයි. සඳු මිථුන රාශියේත්, කුජ (අඟහරු) ගුරු (බ්‍රහස්පති) තුලා රාශියේත් ගමන් කරන අතර, රාහු - කේතු දෙදෙනා කටක සහ මකර රාශිවලත් ගමන් කරයි. බුධ ගමන් කරන්නේ වෘශ්චික රාශියේය.  


2018 වර්ෂය තුළ සිදුවන ග්‍රහ මාරුවීම්ද පාදක කරගෙන මෙම වර්ෂය ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.  

 

මේෂ ලග්නය:- ඔබගේ ලග්නාධිපති අඟහරු බ්‍රහස්පති සමඟ 07 වැන්නේ තුලා රාශියේ ගමන් කරයි. සඳු 03 වැන්නේද රාහු 04 වැන්නේද, බුධ 08 වැන්නේද රවි - සෙනසුරු - සිකුරු තිදෙනා 09 වැන්නේද කේතු 10 වැන්නේද ගමන් ගනී.  


ධනය ලැබීමට වාසනාව ඇත. ව්‍යාපාර කටයුතුවලින් ප්‍රයෝජන අත් කරගනී. අවිවාහකයින්ට විවාහ කටයුතු සාර්ථක විය හැකිය. කොයි කා සමඟත් හොඳින් කටයුතු කරගනී. ගුප්ත ශාස්ත්‍රීය කටයුතුවලින් දියුණුවක් ලබයි. වකුගඩු හා මුත්‍රා ආබාධ වැළඳිය හැකිය. සහෝදරාදීන් සමඟ අමනාපකම් ඇතිවිය හැකිය. දේශපාලන කටයුතුවලින් ගෞරවයට පත්වෙයි. අයුතු ක්‍රියාමාර්ගවල නොයෙදෙයි. වගකිය යුතු තනතුරු ලබයි.  


වෘෂභ ලග්නය:- ලග්නාධිපති සිකුරු, රවි සහ සෙනසුරු සමඟ 08 වැන්නේත්, සඳු 02 වැන්නේත්, ගුරු - කුජ 06 වැන්නේත්, බුධ 07 වැන්නේත්, රාහු කේතු 03 - 09 ස්ථානවලත් ගමන් කරයි.  
බලාපොරොත්තු රහිත දේවලින් ලාභ, අලාබ දෙකම සිදුවේ. අවිවාහකයින්ට විවාහය ඉක්මන් වෙයි. අදහස් සඟවාගෙන කටයුතු කරයි. ශරීරයේ උෂ්ණ ගතිය වැඩී. කාන්තාවන්ට ඇඟ උණුකරවා යාම සිදුවේ. මුත්‍රා ආබාධ ඇතිවෙයි ඇස්වල ආබාධ ඇතිවීමට පුළුවනි. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට ඉතා ශුභයි. පාලන කටයුතුවටල දක්ෂයි. ආගමික කටයුතුවල නිරතවෙයි. ඉවසිලිවන්තයි. එහෙත් වැඩට කඩිසරයි. ගෞරවය හා ප්‍රසිද්ධිය ලබයි. අන්‍යයන් තමාගේ අදහස්වලට අවනත කරගනී.  


මිථුන ලග්නය:- ඔබගේ ලග්නාධිපති බුධ 06 වැන්නේය. සඳු ලග්න ගතයි. කුජ - ගුරු 05 වැන්නේය. රවි - ශනි - සිකුරු 07 වැන්නේය. රාහු - කේතු 02 - 08 ස්ථානවල ගෝචර වෙයි.  


හොඳ කල්පනා ශක්තියක් ඇත. ධනයෙන් හා බලයෙන් දියුණුවීමට උත්සාහ දරයි. වෛද්‍ය සේවයේ නියැලී සිටින අයට ඉතා ශුභයි. අවංක බවත්, ක්‍රියා ශුරත්වයත් නිසා අන් අයගේ සිත්දිනාගෙන කටයුතු කරයි. පවුල් ජීවිතය සතුටින් ගෙවිය හැකිය. අවිවාහකයින් ආලය මත විවාහය සිදු කරගනී. යම් කිසි කාරණයකට ප්‍රසිද්ධ වෙයි. ආගමික කටයුතු අගය කරයි. උද්​ෙ‌යා්ගය සහ එඩිතරකම පවතී. ඇතැම් අවස්ථාවලදී හදිසි විපත් කරදර ඇතිවිය හැකිය. සහෝදරාදීන් සමඟ හොඳින් සිටී.  


කටක ලග්නය:- ඔබගේ ලග්නාධිපති සඳු 12ත් කුජ - ගුරු 04ත්, බුධ 05ත්, රවි - ශනි - සිකුරු 06න් රාහු කේතු ලග්නයේ සහ 07 වැන්නේත් ගමන් කරයි.  


උපක්‍රමශීලීව කටයුතු කරයි. රේස් - සූදු ආදියට සිත්දෙයි. ගම් ප්‍රදේශයෙන් බැහැරව කටයුතු කරගනී. නිර්භීතයි. උසස් ගුණධර්ම රකී. එහෙත් තම වැඩකටයුතුවලට බාධක ඇතිවෙයි. යන්ත්‍ර සූත්‍ර කාර්මික කටයුතුවල යෙදී සිටින අයට යහපත්ය. ආලය පිළිබඳ අදහස් අැතිකරගනී. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට ඉතා යහපත්ය. විභාගවලින් ජයගනී. තමා ආශ්‍රය කරන මිත්‍රයන් පසුව සතුරන් බවට පත්විය හැකිය. දේපළ පිළිබඳ ආරවුලක් ඇතිවීමට පුළුවනි. මුත්‍රා ආබාධ ඇතිවේ.  


සිංහ ලග්නය:- ලග්නාධිපති රවි ග්‍රහයා සමඟ ශනි, සිකුරු 05 වැන්නේ ගමන් කරයි. කුජ - ගුරු 03 වැන්නේත්. බුධ 04 වැන්නේත්, රාහු - කේතු 12 - 6 වැනි ස්ථානවලත් සඳු 12න් ගමන් කරයි.  
උසස් ගතිගුණවලින් යුක්තයි. ඍජුයි. අවංකයි. සාහිත්‍ය ශාස්ත්‍රිය කටයුතුවලින් ප්‍රයෝජන අත්වේ. වාසනාවන්ත දරුවන් ලබයි (විවාහකයින්ට) බැසගත් තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කරයි. දේපළ - ඉඩම් සඳහා මුදල් ආයෝජනය කරයි. නෑයින්ගෙන් කොටසක් විරුද්ධ විය හැකිය. සංගීත කලා කටයුතුවල යෙදී සිටින අයටත් නළු නිළියන්ටත් වර්ෂයේ මුල් කාලය ඉතා ශුභයි. රැකියාවෙන් ගෞරවයට ප්‍රසිද්ධයට පත්වේ. ගමන් බිමන් අධිකයි. විදේශ ගමන් වුව යෙදිය හැකිය.  


කන්‍යා ලග්නය:- ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා 03න් වැන්නේය. සිකුරු ශනි, රවි තිදෙනා 04 වැන්නේය. සඳු 10 වැන්නේය. රාහු කේතු 11 සහ 05 වැන්නේත් කුජ - ගුරු 02 වැන්නේත් වර්ෂය මුල ගමන් කරයි.  


ඥාණ ශක්තිය, ධාරණ ශක්තිය හොදින් පවතී. නව නිර්මාණශීලීවෙයි. ප්‍රයෝග දනී. ආලය පිළිබඳ අදහස් නිතර වෙනස් කරයි. නිවාස ලාබ, වාහන ලාබ ලැබීමට වාසනාව ඇත. පවුල් ජීවිතය සතුටින් ගෙවයි. උන්හිටි ගමන් තමන් කරගෙන ආ වැඩපිළිවළ වෙනස් කරයි. ආගමික කටයුතු අගය කරයි. වර්ෂයේ මුල් කාලය ගණුදෙනුවලට එතරම් ශුභ නැත. තත්ත්වය, ගෞරවය රැකගනී. දේපළ ඉඩම්වලින් ආද‌ායම් ලැබීමට වාසනාව ඇත.  


තුලා ලග්නය:- ලග්නාධිපති සිකුරු ග්‍රහයා රවි - ශනි සමඟ 03 වැන්නේ ගමන් කරයි. කුජ - ගුරු ලග්න ගතව සිටී. බුධ 02 වැන්නේය. රාහු - කේතු 10 - 04 ස්ථානවල සිටී. සඳු 09 වැන්නේය.  
රූපය ලස්සන වෙයි. ප්‍රිය හිතවත් උදවිය ආශ්‍රයට ලැබේ. සහෝදර සම්බන්ධතා දියුණුවෙයි. කාර්යශූරයි. නිර්භීතයි. අවිවාහකයින්ට විවාහ කටයුතු සාර්ථක කර ගත හැකිවේ. බලවත් අය සමඟ විරුද්ධව කටයුතු කරයි. විප්ලව ක්‍රියාවල යෙදෙයි. සිත්තැවුල් ඇතිවේ. ජලයෙන් හෝ වෙනත් විපතක් හෝ සිදුවීමට පුළුවනි. තමාගේ අදහස්වලට අන් අය අවනත කරවා ගනී. රසායනික කටයුතු‌, වෛද්‍ය කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. රුධිර පීඩනය වැනි ආබාධ ඇතිවේ.  


වෘශ්චික :- ඔබගේ ලග්නාධිපති අඟහරු ගුරු සමඟ 12 වැන්නේ ගමන් කරයි. බුධ 09ත් රවි - ශනි - සිකුරු 02 වැන්නේත් රාහු - කේතු 09 - 03ත් සඳු 08ත් ගමන් කරයි.  


ගම් ප්‍රදේශයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට බාධක යෙදෙයි. උසස් මිත්‍ර ආශ්‍රය ඇති කරගනී. සමාජ ගෞරවය ලබයි. කථාවෙන් ජයගනී. ආගම දහමට ලැදිවේ. ඇස්වල දුර්වලතා හටගනී. මැයි, ජුනි මාසවලදී මුත්‍රා ආබාධ, අර්ශස් ආබාධ ඇතිවිය හැකිය. ජුලි මාසයේ සිට අධ්‍යාපන කටයුතුවලින් ප්‍රයෝජන අත්කරගනී. රැවටීම් මුලාවීම්වලට ලක් නොවේ. ගමන් බිමන් (වර්ෂය අවසාන යෙදී) වැඩිවේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ.   


ධනු ලග්නය:- ඔබගේ ලග්නාධිපති (ගුරු) බ්‍රහස්පති කුජ සමඟ 11 වැන්නේ ගමන් කරයි. බුධ 12 වැන්නේය. රවි - ශනි සිකුරු ලග්නගතව සිටී. සඳු 07 වැන්නේය. රාහු - කේතු 08 - 02 ස්ථානවල ගමන් කරයි.  


ඉතාමත් වාසනාවන්ත වර්ෂයකි. වර්ෂයේ මුල්කාලය ඉතා ශුභයි. නීතියට සාමයට ගරු සරු දක්වයි. සමිති සමාගම්වල නිලතල දරයි. මව් පාර්ශවයෙන් දේපළක් හිමිවේ. අවිවාහකයින්ට වාසනාවන්ත විවාහ කටයුතු සිදුවෙයි. පො​ෙළාවෙන් වාසනවා (මැණික් - මිනිරන්) ලැබීමට භාග්‍ය උද‌ාවේ. සෙනසුරු ලග්නගතව සිටීමෙන් ඒරාෂ්ඨකය උද‌ාවුවත් එය එතරම් බරපතළ නැත. අවංකයි. නිර්භීතයි. කියන කරන දේවල් එළිපිටම කියයි කරයි. ඒවායින් ඇතැම්විට පාඩු සිදුවේ. විදේශ රැකියා, විදේශ ගමන් යෙදිය හැකිය.  


මකර ලග්නය:- ලග්නාධිපති සෙනසුරු, සිකුරු සහ රවි සමඟ 12 වැන්නේය. සඳු 06 වැන්නේය. රාහු කේතු ලග්නයේ සහ 07 වැන්නේය. (රාහු 07 කේතු 01) අඟහරු ගුරු සමඟ 10ත් බුධ 11ත් ගමන් කරයි.  


වියදම් අතින් වර්ෂයේ මුල් කාලය කරදරයි. ඒරාෂ්ඨක කාලයද උදාවෙයි. ආගමික කටයුතුවල යෙදෙයි. දුර බැහැර අයගේ ආශ්‍රය ඇති කරගනී. තමාගේ වැඩකටයුතුවලට වරින් වර බාධක යෙදෙයි. එහෙත් ව්‍යාපර කටයුතුවලට ශුභයි. මිත්‍ර සබඳතා පළුඳු විය හැකිය. කාර්යශූරයි. තම මතයටම කටයුතු කරයි. දේශපාලන කටයුතුවල නියැලෙයි. මව්ට තරමක් අගුණයි. විදේශ ගමන් යෙදිය හැකිය. උසස් අය ආශ්‍රයට ලැබෙයි. ඉගෙන ගන්නා අයට වර්ෂ මැද සිට ශුභයි.  


කුම්භ ලග්නය:- සෙනසුරු සමඟ - රවි - සිකුරු 11 වැන්නේ ගමන් කරයි. සඳු 05 වැන්නේය. රාහු - කේතු 06 - 12 ස්ථානවලයි. කුජ - ගුරු 09ත් බුධ 10ත් ගමන් ගනී.  


ප්‍රමාණවත් ආද‌ායම් තත්ත්වයක් ඇති කරගනී. පිරිස් බලය ලබයි. සමාජ කටයුතුවල නියැලෙයි. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට ඉතා ශුභයි. පිය පාර්ශවයෙන් දේපළ ලබයි. ගුප්ත කටයුතුවලින් ප්‍රයෝජන අත්කරගනී. සහකරුට/ සහකාරියට තරමක් අපල ඇතිවිය හැකිය. අවිවාහකයින්ට අප්‍රේල්, මැයි මාසවල විවාහ කටයුතු සිදුවේ. වාහන ලාබ - දේපළ ඉඩම් ලාබ මැයි, ජුනිවල ලැබීමට වාසනාව ඇත. සහෝදරාදීන් ගෙන් උදව් උපකාර ලැබේ. ප්‍රේම සබඳතා ඇති කරගනී.  


මීන ලග්නය:- ලග්නාධිපති බ්‍රහස්පති කුජ සමඟ 08 වැන්නේ ගමන් කරයි. මෙම ශුභ ගමන අනුව උද‌ාසීනව කටයුතු කරයි. ‘අදහස් සඟවාගෙන කටයුතු කරයි’ විවාහ ජීවිතයේ දෙදෙනා අතර මතභේද ඇතිවිය හැකිය. මේ තත්ත්වය අප්‍රේල් මාසයෙන් පසු වෙනස්වෙයි. පවුල් ජීවිතය සතුටින් කරවයි. රැකියා කටයුතු සාර්ථක කරගනී. රැකියාවෙන් උසස්වීම් පවා ලැබීමට වාසනාව ඇත. ආද‌ායම් තත්ත්වයද යහපත්වේ. හදිසි ධන ලාබ ලැබීමට පුළුවන. අවිවාහකයින්ට විවාහය තරමක් ප්‍රමාද විය හැකිය. එහෙත් ​ඔක්තෝබර්, නොවැම්බර් මාසවල විවාහ කටයුතු සිදුවේ. තත්ත්වය ගෞරවය රැකගනී. සාහිත්‍ය, කලා කටයුතු අගය කරයි. රසායනික වෙද හෙදකම්වල නියැලී සිටින අයට යහපත්ය.  


ලග්නයට ශුභ දින 

 
මේෂ - ඉරිද‌ා, අඟහරුවාද‌ා, ශනිද‌ා  

වෘෂභ - ඉරිද‌ා, බද‌ාද‌ා, සිකුරාද‌ා  

මිථුන - බද‌ාද‌ා, බ්‍රහස්පතින්ද‌ා, සිකුරාද‌ා  

කටක - ඉරිද‌ා, සඳුද‌ා, අඟහරුවාද‌ා, බ්‍රහස්පතින්ද‌ා, සිකුරාද‌ා  

සිංහ - ඉරිද‌ා, අඟහරුවාද‌ා, බද‌ාද‌ා, සිකුරාද‌ා  

කන්‍යා - බද‌ා‌ද‌ා, බ්‍රහස්පතින්ද‌ා, සිකුරාද‌ා  

තුලා - අඟහරුවාද‌ා, බද‌ාද‌ා, සිකුරාද‌ා, ශනිද‌ා  

වෘෂ්චික - ඉරිද‌ා, අඟහරුවාද‌ා, බ්‍රහස්පතින්ද‌ා  

ධනු - ඉරිද‌ා, බද‌ාද‌ා, සිකුරාද‌ා, ශනිද‌ා  

මකර - අඟහරුවාද‌ා, බද‌ාද‌ා, සිකුරාද‌ා, ශනිද‌ා  

කුම්භ - අඟහරුව‌ාද‌ා, බ්‍රහස්පතින්ද‌ා, සිකුරාද‌ා, ශනිද‌ා  

මීන - අඟහරුවාද‌ා, බ්‍රහස්පතින්ද‌ා  

 

 

 

 

 

 

 

මීරිගම විද්‍යාල මාවතේ ජෝතිෂවේදී 

කලාභූෂණ සාම විනිසුරු  

ආර්.ඇම්.ටී.බී රත්නායක