’’අපි අපිම’’ තෙවන අදියරට මැදිරිගිරියේ පාසලක්


අකුරක් ඉගෙනගන්න වෙරදරන අපේම දරුවන්ගේ හෙට දවස නංවාලීමේ අරමුණින් නුගේගොඩ නවාතැන්පළක තරුණ පිරිසක් විසින් සංවිධානය  කරනු ලබන  "අපි අපිම"  ප්‍රජා සත්තාරක වැඩ සටහනේ තෙවන අදියර සඳහා පොළොන්නරුව  දිස්ත්‍රික්කයේ පාසලක් තෝරාගනු ලැබ තිබේ. 

ඒ අනුව "අපි අපිම"  ප්‍රජා සත්තාරක වැඩ සටහනේ තෙවැනි අදියර යටතේ මැදිරිගිරිය  කොට්ඨාසයේ  ගුරුගොඩැල්ල ප්‍රාථමික විදුහලේ අඩු ආදයම්ලාභී දරුවන්  සඳහා පාසල් උපකරණ ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

දැනට මෙම විද්‍යාලයේ  සිසු දරු දැරියන් 65 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර  2018 වසර සහා ළමුන් 25 ක් ඇතුළත් වීමට නියමිතය.

මේ වන විට මෙම පාසලට නිල ලාංඡනයක් පාසල් ගීතයක් නොමැති අතර ඒ සියලු අඩුපාඩුකම් සපුරා දීමට ද " අපි අපිම"   කණ්ඩායම සූදානම්ව සිටී.  නියඟයෙන් පීඩා විඳිමින් අකුරක් කරන්නට වෙර දරන අපේම දරුවන්ට පිහිටක් වෙන්න  ඔක්තෝම්බර් 10 දිනට පෙර  ඔබටත් දායක විය හැකිය. 

ඒ සඳහා සුජිත් (077-825946), මලින්ද (072-7987963) හෝ විරංජ (071 2470662) අමතා විස්තර ලබාගත හැකිය.