‘සහෝදරත්වයේ දෑත්‘ බැඳ දමයි


(උපාලි ආනන්ද)

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අබාධිත පුද්ගලයින් විසින් අලෙවි කරනු ලබන ‘‘සහෝදරත්වයේ දෑත්‘‘ නම් කූපන අලෙවි කිරීම වාහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සංවර්ධන  නිලධාරීන් හරහා  මෙම කූපන් අලෙවි කෙරේ.
මෙම කූපනය සම්බන්ධයෙන් වහාම තමාට වාර්තාවක් සපයන ලෙස දැනටමත් අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මූලස්ථාන සමාජ සේවා නිලධාරිවරයාට තමා දැනුම් දී ඇති බවද දිසා ලේකම්වරයා කීවේය.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රජයේ ක්ෂේත්‍ර  නිලධාරින් පිරිසක් මේ පිළිබඳව ජනාධිපතිවරයාටඅනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයාටඋතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටසහ උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයාට පැමිණිලි කර ඇත.