‘සමෘද්ධි ලාභීන් දේශපාලන වුවමනාවලට යොදවන්නෑ‘


‘සමෘද්ධි ලාභීන්ව අහංසක කමට තෝරගත්තම ඒ අය දේශපාලන වුවමනාවන් වලට යොදවන එක ඒවාට රස්තියාදු කරවන එක දැන් අපි නතර කරලා තියනවා. රැස්වීම් වලට බස් වල දාගෙන බලෙන් අරන් යන ඒව දැන් කෙරෙන්නේ නැහැ. ඇමැතිවරයා එනවා එතන්ට යන්න වෙනවා නැත්නම් සමෘද්ධිය කැපෙනවා කියන කැත වැඩ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ යුගය අපි අවසන් කළා‘ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා බෙන්තොට සමෘද්ධි ලාභී ජනතාව අමතමින් පැවසීය.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල සිටින අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල් වල ආර්ථික තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඔවුන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් බෙදාදීමේ උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

ගයන්ත කරුණාතිලක මහතා විසින් සමෘද්ධි ලාභීන් 193 ක් වෙනුවෙන් රුපියල් තිස අට ලක්ෂ හතළිස් පන් දහස් හාරසියයක් වටිනා උපකරණ හා මෙවලම් බෙදාදෙන ලදී.

12769358_10208931797598568_543312227_n 12769438_10208931797758572_1717967773_n 12782543_10208931797838574_98246341_n 12784266_10208931797718571_130322911_n