‘සමන්ත විද්‍යාරත්න මුරිසි දිවයිනට පිටුවහල් කරන්න‘ - ඌව මහ ඇමැති


(පාලිත ආරියවංශ)

ඌව පළාත සංවර්ධනය කිරිමටනම් ඊට අකුල් හෙළන සමන්ත විද්‍යාරත්න  මුරිසි දිවයිනට  පිටුවහල් කළ යුතු යැයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල , වියලුව පුස්සැල්ලාකන්ද මහා පැවැති උත්සවයකදී පැවසීය.

‘‘අපේ පළාත විදේශියන්ගෙන් හොදටම බැටකෑ පළාතක්. ඒ සිදුකළ  විනාශයෙන් තවමත් ගොඩඑන්න බැරිවෙලා .අසරණ වු ජන ජීවිත  නගාසිටුවන්න විවිධ සංවර්ධන යෝජනා ක්‍රම මධ්‍යම රජයේද සහාය ඇතිව ක්‍රියාත්මක වෙනවා . ඒවා ට දිරිදීම මිස අකුල් හෙළීම හොඳ නෑ. උමා ඔයටත් විරුද්ධවෙනවා , අලුත් සීනි කම්හල් හදනවටත් විරුද්ධ වෙනවා . උපාධිධාරින්ට රැකියා දෙන්න ගියාම ඒකත් පමා වෙන විදියට  උද්ගෝෂණ කරනවා . මම නම් කියන්නේ මේවා මෙහෙයවන සමන්ත මුරිසි දිවයිනට පිටුවහල් කරලා  මේ සංවර්ධන කටයුතු බාධාවකින් තොරව ක්‍රියත්මක කළ යුතු බවයි‘‘ යැයි ද ඔහු කීවේය.