‘විද්‍යා සිසුවිය ඝාතනය ඇසින් දුටු සාක්කි තිබෙනවා‘


සමූහ දූෂණය කර මරා දැමුණු බව කියන යාපනය විද්‍යා සිසුවියගේ ඝාතනය ඇසින් දුටු සාක්කි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ ඩී එන් ඒ වාර්තා අද දිනයේ ද අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ නැත.

රිමාන්ඩ් බාරයේ සිටින  සැකකරුවන් දස දෙනා ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ කයිට්ස් මහේස්ත්‍රාත් ඒ එම් එම් රියාල් මහතා නියෝග කළේය.