රේගුව වසන් කරමින් බොරු වටිනාකම් පෙන්වා රජයට රුපියල් මිලියන 7200 ක් පමණ පාඩු කරමින් මෙරටට ගෙන්වා ඇති වාහන සම්බන්ධව රවී කරුණානායක ඇමැතිවරයා සමග ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා අම්බලන්තොට දී කීය.
‘මේ බව පාර්ලිමේන්තුවේ දී කිව්වාම මට කිවා මෙය එළියේ දී කියන්න කියා. එළියේ කියන්න අවස්ථාවක් ලැබුනේ අද. ආණ්ඩුව හොරු අල්ලන විට ආණ්ඩුවෙත් දැනට හොරකම් කරන හොරු ගැනත් රටට හෙළි කිරීම දිගටම ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනවා. බලය ලබා ගැනීමට ජාතිවාදය වපුරන දේශපාලන පක්ෂයක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ. බලය වෙනුවෙන් අපි ජාතිවාදය වපුරන්න සූදානම් නැහැ. ජාතික සමගිය ගොඩ නැගිමට අපි කටයුතු කරනවා. අද අපේ රටේ ඉන්දිය භාණ්ඩ ආක්‍රමණය කර හමාරයි. දැන් අවශ්‍ය වි ඇත්තේ අපේ රටේ ශ්‍රම වෙළඳපොළ ඉන්දියාවට යටත් කර ගැනිමයි. ඉන්දියාවේ රැකියා විරහිත භාවය නිසා ගිවිසුම් ගසා ඉන්දියාවේ ශ්‍රමය අඩුවෙන් මෙරටට ගෙන්විම අරමුණ වි තිබෙනවා. ඉන්දියාවෙන් මෙරටට ශ්‍රමය ගෙන ඒමට අපි දිගින් දිගටම විරුද්ධ වෙනවා‘ යැයිද ජවිපෙ නායකයා එහිදී පැවසීය.