අන්තර් මෝසම් වැසි නොලැබීමත්, සුළං ධාරා වල ඇති වී ඇති වෙනස්කම් නිසා පහළ වායුගෝලයේ පමණක් ජල වාෂ්ප වැඩිවී ප්‍රදේශ රැසකට දහවල් කාලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2-3 කින් පමණ වැඩි වී ඇති බැවින් ශරීරය හිරු එළියට විවෘත කර අධික ලෙස වෙහෙසීමෙන් වලකින්නැයි අනාවැකිකරණ හා කෘෂි කාලගුණික අධ්‍යක්ෂ කේ.එච්.එම්.එස්. ප්‍රේමලාල් මහතා පවසයි.
මෙම නිසා ශරීරය වෙහෙසට පත්වන විට ශරීර උෂ්ණත්වය වැඩි වුව ද, එය අඩුකර ගැනීමට හැකියාවක් නැත.
ඉදිරි කාලයේ විශේෂයෙන් අප්‍රෙල් මස සිට බලාපොරොත්තු විය හැකි අන්තර් මෝසම් වැසි සමග මෙම තත්ත්වය තාවකාලිකව අඩු වුව ද, වඩා වැඩි සහනයක් බලාපොරොත්තු විය හැක්කේ, මැයි මස අග භාගයේ දී නිරිත දිග මෝසම් වැසි ලැබීමත් සමගය.
සවස 4.00ට
ශ්‍රී ලංකාව පුරා තව දුරටත් වියළි කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුළං නිරිත දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර් 20-30ක් පමණ වේ.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/03/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
37 |
23 |
90 |
40 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව |
32 |
23 |
90 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ |
33 |
25 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල |
33 |
25 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
යාපනය |
36 |
23 |
70 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
35 |
20 |
90 |
35 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය |
24 |
12 |
60 |
20 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය |
36 |
24 |
95 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ත්‍රීකුණාමළය |
33 |
22 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම |
34 |
23 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |