ශ්‍රී ලංකාව හා අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් විට සුළගේ වේගය පැයට කිලෝ මීටර් 50 -70 දක්වා වැඩිවනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේවෙතත්, මෙම තත්ත්වය හෙට (18) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇත. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල මද වැසි වාර කිහිපයක් ඇති වේ.
මීගමුව සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් . 70-80 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.