‘පසුගිය මැතිවරණයේදී මීගමුව ආසනය ඡන්ද තිස්දාහකින් පමණ අපි පැරදුණා. වත්තල මීගමුව එහෙම පරදින කොට අපිට ඒක දරා ගන්න බැරි වුණා. නමුත් දැන් මීගමුව ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින් එක්රොක් වෙමින් පවතිනවා ඒක අපිට සතුටක්‘ යැයි පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා මීගමුවේ පැවති උත්සවයකදී පැවසිය.
ඉදිරියේදි පැවැත්වෙන මැයි දිනය පිළිබදව පක්ෂ සමාජිකයින් දැනුම්වත් කිරීම අරමුණකොට ගනිමින් එම වැඩ සටහන ක්රීයාත්මක වු අතර පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ, පළාත් සභා මන්ත්රී මෙරිල් පෙරේරා, එම්. එස්. එම්. සකාවුල්ලා, මීගමුව නාගරීක මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගි වූහ.