‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව ගමනක් නෑ. ඒ නිසා ඔහු සමග සම්මුතිවාදීව මේ ගමන ගියොත් තමයි ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න පුළුවන්. රනිල් මහත්තයා දෙන ඇම කාලා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අය තනතුරු තානාන්තර අරගෙන තමන්ගේ පක්ෂය දෙකට කඩා ගන්න සූදානම් වෙනවා. ඊට අපි විරෝධය පළ කරනවා.‘ යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා නෙළුම් පෙදෙසේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයයේ පැවැදි මාධ්‍ය හමුවකදී කීවේය.