(විජේරත්න රත්නායක)
ඌව පළාත පුරා යළිත් හිස ඔසවමින් පවතින ඩෙංගු උවදුර බදුල්ල නාගරික සීමාව තුළද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර බදුල්ල නගර සීමාවේ වැඩිම ඩෙංගු මදුරුවන් බිහිවන ස්ථාන ඇත්තේ රජයේ ආයතන ආශ්‍රිතව බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන මඟින් අනාවරණය වේ.
ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු උවදුර පිටුදැකීමේ අරමුණින් අද (03) බදුල්ලේ පැවැති වැඩසටහනක් අමතමින් ඒ මහතා සඳහන් කළේ නගරයේ රාජ්‍ය ආයතන 29% කම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවයි.
බදුල්ල නාගරික සීමාවේ පිහිටි බැංකු හා වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් 5% ක්, පාසල් 8% ක්, නිවාස වලින් 9.6% ක්, රජයේ නිල නිවාස 11% ක්, කාණු ආදියේ 21% ක්, ආගමික සිද්ධස්ථානවලින් 25% ක්, වෙනත් විවෘත පොදු ස්ථාන 29% ක් හා රජයේ ආයතන 29% ක්ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහිත බව ආණ්ඩුකාරවරයා එහිදී පැවසීය.
මෙම තත්ත්වය මත පළාතේ සියලු රාජ්‍ය ආයතනවල අදාළ ආයතන ප්‍රධානියාගේ අධීක්ෂණයට යටත්ව ඩෙංගු මර්ධන නිලධාරියෙක් බැගින් පත් කිරීමට පියවර ගත් බවත් මින් ඉදිරියට ඒ ඒ ආයතනයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් එම නිලධාරියා වගකිව යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.