‘ළඟදී පාන්පිටි මිල ඉහළ ගියා. හාල් මිලත් ඉහළයි. ජනතාවට පාන් කියාගන්න බැරිව ඉන්න වෙලාවක මේ වගේ බඩුමිල ඉහළ දැමීම හොඳ නෑ. හැබැයි කේක් මිල අඩුයි කියලා කඩකාරයන් කියනවා. පාන් නැත්නම් කේක් කාපල්ලා කියලද තියෙන්නේ‘ යනුවෙන් අසන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (23) තම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘දැන් මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ යහපාලන රජය මිනිසුන් පෝෂණය කරයි යන හැඟීමෙන්. පාන් ගෙඩිය පාන් කියාගන්න බැරි වෙන විදියට නැග්ගුවා. තව නැග්ගුවේ නෑ. බලාගෙන ඉන්න. පාන් පිටි වැඩිහරියක් විකිණෙන්නේ වතුකරයේ. මේවා වැඩි කළා කියලා වතුකරයේ ජනතාව හාල් කයිද? හාල් කිලෝ එකක් කීයද? කාලා වරෙන්කෝ‘ යැයිද ඒ හිමියෝ කීහ.