‘පළාත් කීපයකට විටින් විට තද වැසි‘


ශ්‍රි ලංකාවේ බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි ඇවි හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතේ  ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ශ්‍රී ලංකාව සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව පවතී

පුත්තලම සිට මන්නාරම සහ කන්කසනතුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි .