‘පළාත් කීපයකට තද වැසි‘


රටේ අභ්‍යන්තර බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වඩා වැඩි වර්ෂාපතනයක්  ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ. අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් ශ්‍රී ලංකාවපුරා ස්ථාපිත වී පවතී.