නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත් වල තැනින් තැන වැසි ඇති වන බවත්,බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ත්‍රීකුණාමලය සිට පොතුවිල් සහ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

