‘ඡන්ද නාම ලේඛන ලැබී නැත්නම් විමසන්න‘


ඡන්ද හිමි නාම ලේඛන මේ මස මැදවන විටත් ලැබී නැත්නම් ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් විමසන්නැයි පැෆරල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

බදු හෝ කුලී ගෙවලා සිටියත් 2016 ජූනි 1 වැනිදා වනවිට සාමාන්‍ය පදිංචි ස්ථානය වෙනුවෙන් ඡන්ද දායක ආකෘති පත්‍රයක් ඉල්ලා සිටීමට ඡන්ද දායකයන්ට අයිතියක් ඇතැයි එම සංවිධානය කියයි.