(ළහිරු හර්ෂණ)
පෙර පාසල් ගුරුවරුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ “ගුරු අභිමානි” ශිෂ්‍යත්ව වැඩසටහන බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මැතිතුමන්ගේ හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය මෙය පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී එංගලන්තයේ "ලන්ඩන් ස්කුල් ඔෆ් එඩියුකේශන්" ආයතනය මගින් එක් ගුරුවරයෙකුට රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුක්ත වන පරිදි මෙරට පෙර පාසල් ගුරුවරුන් 1500ක් සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි. මෙම පාඨමාලව සඳහා මස 06ක කාලයක් ගතවන අතර, එය අවසානයේදී ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ගුරුවරුන්ට හිමිවේ.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමිව මනස සෙමෙන් වර්ධනය වන දරුවන්ට ඉතා ඉහල වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් පිරිනැමීම හා වයස අවුරුදු 8 ට වැඩි දරුවන් හා වැඩිහිටියන් සඳහා ලෝකයේ දෙවන වතාවට භාෂා 10ක් ඉගෙනගැනීමට හැකි යූටුයුබ් නාලිකාවක් ආරම්භ කිරීමද මෙහිදී සිදුවිය.