(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මේ වසරේ වාර්තාවූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන 612 ගාල්ල නගර සභා බල ප‍්‍රදේශයෙන් වාර්තා වූයේ මාගාල්ල ධීවර වරායේ ඇති අත් හැර දමා ඇති ධීවර බෝට්ටු වල සහ කටුගොඩ පරණ යකඩ එකතු කරන මධ්‍යස්ථානයක අබලි ද්‍රව්‍ය තුළ වර්ෂා ජලය එකතුවිමෙන් මදුරු කීටයන් වැඩි වශයෙන් බෝවීම නිසා බව ගාල්ල මහ නගර සභාවේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිව්.ජී.එන්.කුමාර මහතා අද (4) පැවති දිස්ත‍්‍රික් ඩෙංගු රෝග මර්ධන සම්බන්ධීකරණ කමිටුව හමුවේ ප‍්‍රකාශ කර සිටියේය.