‘කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 80ක් විනාශයි‘


(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ විජයපුර ප‍්‍රදේශයේ ගොවිබ්ම් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නියමිත කලට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් කුඹුරු අක්කර 80කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට විනාශවී ඇති බවට ගොවීහු චෝදනා කරති.

කවුඩුලුවැව ජලාශයේ පහත් මට්ටම් සොරොව්වෙන් පෝෂණය වන මෙම කෙත් යාය ජලය නොමැතිකමින් විනාශවී යාම විමතියට කරුණක් බව ඔවුහු කියා සිටියහ.

විජයපුර ප‍්‍රදේශයේ ගොවි ජනතාව පත්ව ඇති මෙම ජල ගැටලුව සම්බන්ධව විමසීම සඳහා කවුඩුලුවැව ප‍්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ  මේ වන විට කවුඩුලුවැවෙහි පවතිවන ජල ධාරිතාවෙහි අවදානම හේතුවෙන් ගොවි සංවිධානත් සමග තමන් නිතර රැස් වී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කරන බවයි.

‘පසුගිය 6 වන දිනත් ජල ගැටලු ගැන අපි ගොවින් සමග සාකච්චාවක් පැවැත්වුවා’ මේ කියන ගොවි සංවිධානවලින් එදිනපැවති සාකච්චාවට නොපැමිණ පසුව පෞද්ගලිකව පැමිණ ජලය ලබා දෙනලෙසටඉල්ලීමක් කළා. මට තනි තීරණය මත ජලය නිකුත් කරන්න බෑ. ජලය නිකුත් කිරීමට නියමිතව තිබුනේ 12 වන දිනටයි. එහෙත් ගොවීන්ගේ දැඩි ඉල්ලීම මත පසුගිය 10 වන දින ජලය නිකුත් කිරීමට මම කටයුතු කළා‘ යැයි ද ඔහු කීය.