‘ඉදිරි දිනවලත් තද වැසි‘


බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඌව සහ නැගෙනහිර පළාත් වල,  සවස 2.00න් පසු ස්ථාන කීපයක  ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටක සුළං වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.