‘සමසමාජ නායක ඇන් ඇම් පෙරේරා අපට ලොකු රුකුලක් වුණා. අපේ දේශපාලනය ශක්තිමත් කළා.‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇන් ඇම් පෙරේරා 38 වැනි ගුණානුස්මරණයට එක් වෙමින් කීවේය.
‘70දි මා ළාබාල මන්ත්‍රී වශයෙන් ඔහු හා ඉතා කිට්ටු සම්බන්ධාවයක් ඇති කර ගත්තා. ඔහු යම් වැරැද්දක් දැක්කොත් එය අපට කියා දුන්නා. ඇන් එම් පෙරේරා අපේ හදවත්හි, ජනතාවගේ හදවත්හි සදා ඉන්නවා.‘