(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග , ඒවා මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(04) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිතර වානිජමය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන 53 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
ඔහු අද(04) අලුයම 1.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්ද්‍රව්‍ය තොගයක පාර්සල් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලක වූ සාරි අතර අලවා ගෙන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්රැම් 70 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.