(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල හැබිලියාන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 25දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර, තරුණියන් සිවුදෙනෙකුද වන බව පොලිසිය කියයි.
මෙම තරුණ පිරිස සමග හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1315ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525ක් සහ ගංජා ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 210ක් තිබී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද(13) අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.