(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, හවුලේ පතල් හැරීම , කැළෑව එළි කිරීම සහ ගිනි දැල්වීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් පස් දෙනෙකුට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස් දෙනෙකුටය .
මීට අමතරව බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහේත්‍රාත්වරයා නියෝග කරන ලදී.
එක් චෝදනාවකට රුපියල් 40,000 බැගින් වූ චෝදනාවන් පහක් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් මෙසේ මහේස්ත්‍රාත්වරයා දඩ නියම කරන ලදී.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වන සත්ත්ව නියාමක එස්. එම්.ඩී. එල්. සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රංජිත් ලක්මාල්, සම්පත් රවීන්ද්‍ර, කේ. යෝගචන්ද්‍රන් යන නිලධාරී මෙම වැටලීම සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.

