හෝමාගමට කුණු දැමූ 6ක් අත්අඩංගුවට


(බුද්ධික කුමාරසිරි)

හෝමාගම නගරයේ ස්ථාන කිහිපයකට වාහනවලින් පැමිණ කුණු දැමූ පුද්ගලයින් 6 දෙනකු අදාළ වාහන ද සමගින් අද (24) අලුයම අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

හෝමාගම පොලිසියේ පරිසර අංශය හෝමාගම ප‍්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශය එක්ව හෝමාගම නගරයට වාහනවලින් පැමිණ කුණු බැහැර කරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා පෙරේදා රාතී‍්‍ර සිට අද අලුයම දක්වා සිදු කළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් හය දෙනා අදාල වාහන ද සමගින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව  පොලිසිය කියයි.

හෝමාගම නගර සීමා මාවතේ කුණු දැමීමට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනකු කුණු බැහැර කිරීමේදී අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර නඩු පැවරීමට කටයුතු කළ බවත්, අද අලුයම අත් අඩංගුවට පත් වාහන අතර තී‍්‍ර රෝද රථ තුනක් සහ වෑන් රථයක් ද වන බවත් එම සැකකරුවන් අතුරුගිරිය සහ හෝමාගම නගර ආශ‍්‍රීතව පදිංචි වයස අවුරුදු 45 ත් 55 ත් අතර පුද්ගලයින් බවත් පොලිසිය පවසයි.