(ප්‍රියන්ත ජයලත්)
හෝමාගම පිළියන්දල අංක 149/ 1 මාර්ගයේ ධාවනය වන බස් රථ ප්‍රමාණවත් නොමැති බව පවසමින් එම මාර්ගයට බස් රථයක් ඉල්ලා ප්‍රදේශවාසීහු අද (30) කොට්ටාව හොරණ මාර්ගයේ ජම්බුගස් මුල්ලමංසන්ධියේදී විරෝධතාවයක නිරතවූහ.
එම මාර්ගයේ නිවාස 4000 ක පමණ ජනතාව පදිංචි වී සිටින බවත්, ලංගම බස් රථ දෙකක් සහ එක් පෞද්ගලික බස් රථයක් මාර්ගයේ ධාවනය වන බවත්, ලංගම බස් රථ නිසි පරිදි ධාවනය නොවීම නිසා මගින් දැඩි අපහසුතාවයකට පත්වන බවත් ඔවුහු විරෝධයේ නියැලුණහ.
ඔවුහු බස් නැවතුම්පොළ අවහිර කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරතවූහ.