(ඩි.ජී.සුගතපාල)
දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටලයක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ චීන ජාතිකයෙකු ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් රුපියල් අනු දහසක දඩ නියම කර බිත්තිවලට සවිකර ඇති හිරිගල් ගලවා දමන ලෙස අද (01) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ හාජා රවුෆ් හමිඩ්,මොහොමඩ් ස්මයිල් අබ්දුල් අසිස්සහ චීනජාතික යොන් ජියෝ ජුන් නමැති තිදෙනෙකුටය.
දඩල්ලේ ඉදිකරගෙන යනු ලබන සංචාරක හෝටල් ගොඩනැගිල්ලක අලංකරණය සඳහා මුහුදෙන් කඩන ලද හිරිගල් සවි කර තිබෙන බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.