හොරොයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියමක රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

හෙරොයින් සන්තකයේ තබාගැනිමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද බන්ධනාගාර නියාමකවරයෙකු 27 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරිමට ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම  මහතා අද (17) නියෝග කලේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ රත්ගම හෑගොඩ පදිංචි බූස්ස බන්ධනාගාරයේ සේවය කරන දේමුණි තරිඳු දර්ශණ මනෝහර නමැති 27හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි.
 
රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලැබුන තොරතුරක් අනුව ඊයේ රාත්‍රි සැකකරු අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 1420ක් සොයාගෙන ඇත.
 
පසුව අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා සැකකරු රත්ගම පොලිසියට බාරදි ඇත.ඒ අනුව රත්ගම පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කලේය.